අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්
විදේශ ආධාර ලබන, පළාත් පාලන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනයක්.
පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ පළාත් පාලන අංශයේ, විදේශ ආධාර ලබන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ප්‍රගතිය විමසා බැලෙන සමාලෝචන රැස්වීමක් පැවැත්විණ.
එහිදී ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජයිකා ආයතනය, නෙදර්ලන්තයේ රාබෝ(Rabo) බැංකුව, එක්සත් රාජධානිය හා ඔස්ට්‍රියාව විසින් ආධාර ලබාදෙනු ලබන, රට පුරා පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති 14ක ප්‍රගතිය සමාලෝචනය කෙරිණි.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ නිලධාරින්,ව්‍යාපෘති අධ්යක්ෂවරු ඇතුළු නිලධාරින් සහභාගි විය.
Post a Comment