පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පුරනැගුම ව්‍යාපෘතිය හා සභා අරමුදල් යොදා ගනිමින් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මත නාරම්මල ප්‍රදේශිය සභා ගොඩනැගිල්ල හා නව බහුකාර්ය ගොඩනැගිල්ල ඉදි කෙරිණි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා සහ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,වයඹ ආණ්ඩුකාර හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා,නාරම්මල ප්‍රාදේශිය සභා සභාපති ඩී.එම්.සුමනසිරි මහතා,උප සභාපති පී.එම්.මංජුල පොල්ගම්පල මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් 2022.03.05 වැනි දින පෙ.ව. 10.00 ට විවෘත කිරිමට නියමිතය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව පළාත් පාලන ආයතන ශක්තිමත් කිරිමේ වැඩ සටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.
ඉහත ප්‍රවෘත්තිය ඔබ මාධ්‍ය මඟින් පලකර දෙන ලෙසත්, එම අවස්ථාව ආවර්ණය කිරිම සඳහා ඔබ මාධ්‍ය ආයතනයේ ප්‍රාදේශිය මාධ්‍යවේදීයකු සහභාගි කරවන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.
Post a Comment