මගේ දශක හයක ජීවන අත්දැකීම් ඇසුරින් මම ඔබට යමක් කියල දෙන්නම්. දරුවනි, ඕනෑම සාර්ථක ගමනක අසීරුම පියවර තමයි ආරම්භය කියල කියන්නෙ. ඒ නිසා අද උදාවුණ දවස තවත් එක් දවසක් ලෙස නොසිතා, ඔබේ ඉලක්කය වෙනුවෙන් මහන්සි වෙන්න.
ඒ ගමනෙදි සමහරවිට ඔබට වරදින්න පුලුවන්. ඔබට නොයෙකුත් බාධක එන්න පුලුවන්. ඒත්, ඔබ ඔබේ ඉලක්කය වෙනුවෙන් උත්සාහ කරන බව තේරුම් යන්නෙ අන්න ඒ වැරදීම් සිදුවෙද්දි තමයි.
මොකද ලොකු ගින්නක් වුණත් ආරම්භ වෙන්නෙ පුංචි ගිණි පුපුරකින්. ඒ නිසා ඔබේ සිහිනයත්, අන්න ඒ පුංචි ගිණි පුපුර වගේ කියල හිතාගන්න. මොකද ඒ ආරම්භය නැමති පුංචි ගිණි පුපුර ඔබටත් නොදැනීම දවසක ලොකු ගින්නක් බවට පත්වන නිසා.. ඔබ සැමට සුබම සුබ වාසනාවන්ත දවසක්..!
Dudley #FutureSriLanka ❤️🇱🇰
Post a Comment