යහපාලන ආණ්ඩුව බාගෙට හැදූ ගොඩනැගිලි වල් වැදිලා -රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ -

 


යහපාලන ආණ්ඩුව බාගෙට හැදූ ගොඩනැගිලි වල් වැදිලා   

-රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ - 


පසුගිය යහපාලන ආණ්ඩුව මගින් රජයේ මහජන මුදල් වියදම් කර බාගෙට හැදූ ගොඩනැගිලි වල් වැදී ඇති බවත් ඒවා විධිමත් ව ගොඩනඟා ජනතා සුබ සෙතට භාවිතා කළ යුතු බවත් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පසුගියදා පැවති අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එසේ පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසුයේ, පිබිදෙමු පොලොන්නරුව කියලා සංවර්ධන වැඩ කරන්න පටන් ගත්තා. ඒවායේ වැඩ බාගෙට එලොවටත් නෑ. මෙලොවටත් නෑ අපිට ඒවා කැලෑ වදින්න වල්බිහි වෙන්න දෙන්න බෑ. ඒවා ජාතික ධනය. මේ විදිහට මහජන මුදල් නාස්ති වෙන්න දෙන්න බැහැ. පොලොන්නරුව නවනගරයේ වැඩ අවසන් නොකල පරිපාලන ගොඩනැගිල්ල අවුරුදු පහක් තිස්සේ  අකර්මණ්‍ය වෙලා තිබෙනවා. පොලොන්නරුව තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය හදාරන්න අවශ්‍ය පහසුකම් ලබාදීමට එම ගොඩනැගිල්ල ලබා ගැනීමට අවශ්‍යයි. පුරවර විශ්වවිද්‍යාලය එහි පිහිටුවා පොලොන්නරුවේ ඉහළ අධ්‍යාපනයක්  සහිත  දරු පරපුරක් බිහි කළ යුතුයි. ඒ සඳහා මෙය හොඳ පියවරක් යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම එහිදී රාජ්‍ය අමාත්‍යවරයා විසින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන ලදී. දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ආවරණය වන පරිදි සිරිපුර නගරය ග්‍රාමීය රෝහලක් ඉදිකිරීම. මනම්පිටිය නගරය මූලික කරගෙන වසංගත රෝග නිවාරණය සඳහා රෝහලක් ඉදිකිරීම. අඩු ආදායම් පවුල් සඳහා නොමිලේ විදුලිය ලබා දීම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම. ඒ අතර විය. එම සියලු යෝජනාවන් සංවර්ධන කමිටුව විසින් අනුමත කරන ලදී .

උතුරුමැද පළාත් ආණ්ඩුකාරවර  මහීපාල හේරත් මහතා, පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු  සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.


Comments

Popular posts from this blog

பெட்ரோல், பொருட்க‌ள் விலை அதிக‌ரிப்புக்கு முஸ்லிம்க‌ள் அல‌ட்டிக்கொள்ள‌ தேவையில்லை.

தற்கொலைதாரி இப்ராஹிமின் கொலோசியஸ் நிறுவனத்துக்கு செம்பு பித்தளைகளை வழங்கினார் என்ற ஒரு குற்ற சாட்டையே ரிஷாட் கைதுக்கு காரணமாக கூறுகின்றனர்