ගොවියාට වෙච්ච දැවැන්තම ඛේදවාචකය වුනේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලේ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ.

 



ගොවියාට වෙච්ච දැවැන්තම ඛේදවාචකය වුනේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලේ

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ.        

ගොවියාට වෙච්ච දැවැන්තම ඛේදවාචකය වුනේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලේ. එතුමා පොහොර සහනාධාරය කප්පාදු කලා. වී අලෙවි මණ්ඩලය අකර්මන්‍ය කලා යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එසේ පැවසුයේ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා අයතනයේ නව අධ්‍යක්ෂ මණ්ඩලයේ ඊයේ (11 දින) වැඩ බාර ගැනීමේ උත්සවයෙන් පසු පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ සෞභග්‍යයේ  දැක්මට අනුව මෙම ආයතනයට නව අරුතක් දීල ඉදිරියට ගෙනයන්න නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරනු ලැබුවා. සභාපතිතුමන් ලෙස අමාත්‍යාංශ ලේකම් කටයුතු කරන අතර විධායක අධ්‍යක්ෂ ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ඩී.එම්. සුරතිස්ස මහතා කටයුතු කරනවා. නීති ක්ෂේත්‍රයේ පරිගණක ක්ෂේත්‍රයේ රේගු ක්ෂේත්‍රයේ වැනි හැම ක්ෂේත්‍රයක්ම නියෝජනය වන පරිදි තමා අපි අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරලා තියෙන්නේ.

මේ ආයතනය මඟින් එන්.වී.කියු (N.V.Q) සහතිකයක් ලබා දීමටත්, උපධියක් ලබාදෙන්නත් අපේක්ෂකයෙකු ලෙස දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තු වෙන යන අය වෙනුවෙන් දේශපාලනය කියන විෂය පිළිබඳ පුහුණුවක් හෝ අධ්‍යාපනයක් ලබා දීමටත් කටයුතු කරනවා. ඒ වගේම නව අරමුණක් ඔස්සේ ක්‍රියාකරන්නට අපි මේ ආයතනය මෙහෙය වන්න බලාපොරොත්තු වෙනවා. දැනට පාඨමාලා 14 ක් පමණ ක්‍රියාත්මක වෙනවා.

 

අපි බලාපොරොත්තු වන්නේ අපේ පනතේ තිබෙන බලතල වලින් මහජනතාවට ප්‍රශස්ථ සේවයක් කිරීමටයි. මේ ආයතනය ප්‍රාදේශිය වශයෙන් එක් එක් දිස්ත්‍රික්ක වලට ගිහිල්ලා එම දේශපාලනඥයන්ට අවශ්‍ය අණපනත්, විෂය සම්බන්ධ මනා පුහුණුවක් ලබා දීම වගේම ඒ ඒ පළාත් පාලන ආයතන වල වැඩ කරන රාජ්‍ය නිළධාරීන්ට ද මනා පුහුණුවක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තු වෙන අයටත් පුහුණුවක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. රජයට අනුබද්ධ රාජ්‍ය ආයතනයක් විදිහට ඉදිරියට අපි පුළුල් වැඩකොටසක් කිරීමට මෙම ආයතනය මඟින් බලා පොරොත්තු වෙනවා.

එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙසේ පිළිතුරු දෙන ලදී.

පළාත් පාලන ඡන්දය ලබන වසරේ තියෙනව කියලා පක්ෂ නායකයෝ තීරණය කරල තියෙනවා කොහොමද සුදානම යැයි එහිදී මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නයකට රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය?

ජනාධිපතිතුමා නව ඡන්ද ක්‍රමයක් සහ ව්‍යවස්ථා සංශෝදනයක් සම්බන්දයෙන්  හමුදා සංවත්සරයේදී කරුණු පැහැදිලි කරණු ලැබුවා. ප්‍රජාතන්ත්‍රික අයිතියක් ගෙනෙන ඡන්ද ක්‍රමයක් ගෙනෙනවා. ප්‍රධාන පක්ෂයෙත්, සහෝදර පක්ෂ වලත් මෙන්ම විපක්ෂයෙත් අදහස් ලබා ගෙන මැතිවරණ ක්‍රමයක් ගේන්න බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින්ම.

පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් මොනවාගේ ක්‍රමයක්ද සිදු වෙලා තියෙන්නේ?

“වසර 02 ක කාලය තුල ආණ්ඩුකාරවරුන් ජනාධිපතිතුමා පත් කරල මහජන නියෝජිතවරුන්ගේ වගකීම අඩුවක් නොවෙන්න කටයුතු කරලා තියෙනවා. පසු ගිය වසර 02 ක කාලය තුල සෞඛ්‍ය අංශ කිසිසේත්ම ඉඩ දෙන්නෙ නැහැ කොවිඩ් වසංගය තුල මැතිවරණයක් තියන්න.

මැතිවරණය අභියෝගයක් වෙනවා ගෑස්, කිරි පිටි වල මිල වැඩි වුණා නේද ?

කිසිම අභියෝගයක් නැහැ මහජනතාව දන්නවා ලෝකයේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා. යහපාලනයෙන් අපි රට භාර ගන්නකොට 8.2 ක තිබුණ ආර්ථික වේගය 2.7 ට බංකොලොත් කරා. ඒ වගේම යුද්ධයක් අවසාන කරලා රට සංවර්ධනය කරද්දි අපි ණය වෙලා තිබුනේ ට්‍රිලියන 07 යි. එය ට්‍රිලියන 14 ක් කරලා තමයි අපිට භාර දුන්නේ. රුපියල අවප්‍රමාණය වුණා 17%කින්. කොවිඩ් වසංගතයෙන් රට වහගෙන තමා මේ තත්ත්වයට රට ගෙනාවේ. මහජනතාව මෙය හොඳින් අවබෝධ කරගෙන ඉන්නවා අපි රට හොඳින් කාළමණාකරනය කරගෙන ඉන්නවා කියලා.

පඩි වැඩි වෙන්නේ නැ කියලා හිතනවා?

නැහැ. ඉදිරියේදී පඩි වැඩි කරනවා. දැන් ගුරුවරුන්ගේ පඩි වැඩි කලා. සහන දීල තියෙනවා, වැඩි හිටි දීමනා දුන්නා, කොරෝනා නිසා අසරණ වූ පවුල් වලට රුපියල් 5000 දීමනවා දීල තියෙනවා. එසේ තිබියදී කොවිඩ් පාලනය කරපු, එන්නතත් 55% ක් දීපු රටවල් 10 අතරත් අපි ඉන්නවා.

හිටපු ජනාධිපතිතුමා කියනවා පොළොන්නරුවට යන්න බෑ මේ ගොවි ප්‍රශ්ණය නිසා ඔබ තුමාට යන්න පුළුවන්ද?

පරිණත දේශපාලනඥනයෙක් විදිහට එතුමා ආණ්ඩුව නියෝජනය කරනවාද නැතහොත් විපක්ෂය නියෝජනය කරනවාද කියලා. කුමන්ත්‍රණ එළියට එනවා. මේවා කතා කල යුත්තේ අභ්‍යන්තරයෙන්. ආණ්ඩුවක් ඇතුලේ ඉන්න කොටසක් හැටියට එතුමා කණ්ඩායම් රැස්වීමෙදී කතා නොකර එක එක මාධ්‍ය වලට මේ වාගේ ප්‍රකාශන දෙනවා. කෘෂීකර්මන්තයේ ඛේදවාචකය ඇති වුනේ යහපාලන ආණ්ඩුව කලේ. එතුමා ජනාධිපති වෙලා ඉන්න කාලේ. එතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දුන් පොහොර සහනාධාරය කප්පාදු කලා , ජනතාවට කඹුරු වැඩට අවශ්‍ය වතුර ටික නැතුව ගියෙත් එතුමාගේ කාලේ. මහින්ද රාජපක්ෂ මහතා 2015 යනවිට ගබඩා වල ඉඩ නැහැ කියලා ගුවන්තොටුපලෙත් වී ගබඩා කලා. වී අලෙවි මණ්ඩලය අකර්මන්‍ය කිරීමේ වගකීම හිටපු ජනාධිපතිතුමා බාර ගත යුතුයි.

එම නිසා ගොවියට වෙච්ච දැවැන්තම ඛේදවාචකය වුණේ ‍මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලේ. හොඳ තීන්දුවක් අරන් තියෙනවා ජනාධිපතිතුමා කාබනික වගාව දියුණු කරන්න. ආනගත පරපුර සුරක්ෂා කරන්න. රාසායනික පොහොර අපි පුළුවන් තරම් අඩුකරගෙන යන්න ගත්තේ හොඳ තීරණයක්.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයට අපි කියනවා ගේ ඇතුලේ කතා කරන්න තියෙන එක පිටත කතා කරලා පරිණත දේශපාලඥනයෙක් විදිහට දුර්වල ස්වරූපයක් ගෙන එන්න එපා කියලා. යම් හානියක් ගොවියාට සිද්ධ වුනොත් අපි රජයක් විදිහට එම හානිය ගෙවන්න බලාපෙරොත්තු වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ 11ක් මේ අණ්ඩුවේ ගැටළු සම්බන්ධ කතා කලා පොදු ජන පෙරමුණේ  කවුරුත් නියෝජනය කරලා තිබ්බේ නැහැ. අයිමත් මේ ආණ්ඩුවට ලොකු බලපෑමක් වෙයිද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මම එදත් විරුද්ධයි අදත් විරුද්ධයි. ඔවුන් වගකියන්න ඕනෑ මේ රට වැටිච්ච තැනට. පාස්කු ප්‍රහාරයට, ආර්ථිකය වැටිච්ච එකට, කෘෂී කර්මාන්තයේ ගොවියාගේ වී ටික රුපියල් 32 කට වැටුන එකට වගකියන්න  ඕනැ සිරිසේන මහත්තයයි රනිල් මහත්තයයි. පළාත් පාලන ඡන්ද කල් දැමීමේ වගකීම ගන්න ඕනෙත් එතුමන්ලයි. එබැවින් එම වගකීම් වලින් එතුමන්ලාට මිදෙන්න බෑ. හැබැයි රජයක් විදිහට 2015 ඉඳන් අපි එක්ක වැඩ කරපු සහෝදර පක්ෂ තියෙනවා ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, වසුදේව නනායක්කාර යන අය මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න අදහස් ඉදිරිපත් කරනවා. අපි ඒව පිළිගන්න සුදානම්. සමහර අය ජනාධිපතිතුමා හමුවෙලා අදහස් ඉදිරිපත් කරනවා.

අපි හොඳ දේ පිළිගන්න සුදානම්. ආණ්ඩුවක් ඇතුලේ ඉඳන් කුමන්ත්‍රණය කරනවා නම් කඩාකප්පල් කරන්න හඳනවා නම් එය ආණ්ඩුවට සහායෝගයක් නෙමේ කඩා කප්පල් කිරීමක් හැටියට තමා අපි දකින්නේ. ආණ්ඩුව සම්බන්ධ විවේචන තියෙනවා නම් ඉන්න බැරි අයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා වගේ සැලූන් දොර ඇරලා තියෙනවා යන්නත් පුළුවන්.

 

 

Comments

Popular posts from this blog

பெட்ரோல், பொருட்க‌ள் விலை அதிக‌ரிப்புக்கு முஸ்லிம்க‌ள் அல‌ட்டிக்கொள்ள‌ தேவையில்லை.

தற்கொலைதாரி இப்ராஹிமின் கொலோசியஸ் நிறுவனத்துக்கு செம்பு பித்தளைகளை வழங்கினார் என்ற ஒரு குற்ற சாட்டையே ரிஷாட் கைதுக்கு காரணமாக கூறுகின்றனர்