අන්තවාදී ප්‍රහාරයක් ගැන ලඥනසාර හිමි කළ ප්‍රකාශ සම්බන්ධයෙන් වහා විමර්ශනය කරන්න " - අගරදගුරු

 



අන්තවාදී ප්‍රහාරයක් ගැන ලඥනසාර හිමි කළ ප්‍රකාශ සම්බන්ධයෙන් වහා විමර්ශනය කරන්න " - අගරදගුරු


ඉදිරියේදී එල්ල විය හැකි අන්තවාදී ප්‍රහාරයක් සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් රුපවාහිනී වැඩසටහනකදී හෙළි දරව් කරන ලද කරුණු සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමු කර එවැනි ප්‍රහාරයක් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය සියලු සුදුසු පියවර ඉතා කඩිනමින් ගන්නා ලෙස කොළඹ අගරදගුරු පදවිය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් ස්කර තිබේ . නිවේදනයක් නිකුත්කරමින් , කොළඹ අගරදගුරු පදවිය සඳහන් කර ඇත්තේ , පූජ්‍ය ඥානසාර ස්වාමීන් වහන්සේ වැනි හිමි නමක් , රටේ පිළිගත් විද්‍යුත් මාධ්‍ය නාලිකාවක සජීවීව පෙනී සිටිමින් සිදුකළ මෙම හෙළිදරව්ව උන්වහන්සේ විසින් ඉතා වගකීමෙන් සිදුකරන ලද ප්‍රකාශයක් බව තමන් තරයේ විශ්වාස කරන බවය . එමෙන් ම , උන්වහන්සේ සිදුකර ඇති ප්‍රකාශය රටේ ජාතික ආරක්ෂාවටත් , රටවැසියන්ගේ ආරක්ෂවටත් සෘජු ලෙස ම බලපාන කරුණක් බැවින් එය සුළුකොට තැකිය නොහැකි බවද කොළඹ අගරදගුරු පදවිය සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත . මේ අතර , නිවේදනයක් නිකුත් කරමින් සමත ලංකා ජමියතුල් උලමා සංවිධානය පවසන්නේ , පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙසත් ඒ පිළිබඳව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ය

එමෙන්ම , අදාළ ප්‍රකාශවල යථාර්තය පිළිබඳව ජනතාවට පැහැදිලි කරන ලෙසද තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය එම නිවේදනයේ සඳහන් කර ඇත . සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ , ඥානසාර හිමියන් විසින් පදනම් විරහිත චෝදනා රාශියක් ඉදිරිපත් කර ඇති බවත් ඒ සඳහා තමන් ඉක්මනින් ප්‍රතිචාර දක්වන බවය . කොළඹ අගරදගුරු පදවිය විසින්ක්නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ .

Comments

Popular posts from this blog

பெட்ரோல், பொருட்க‌ள் விலை அதிக‌ரிப்புக்கு முஸ்லிம்க‌ள் அல‌ட்டிக்கொள்ள‌ தேவையில்லை.

தற்கொலைதாரி இப்ராஹிமின் கொலோசியஸ் நிறுவனத்துக்கு செம்பு பித்தளைகளை வழங்கினார் என்ற ஒரு குற்ற சாட்டையே ரிஷாட் கைதுக்கு காரணமாக கூறுகின்றனர்