වේල්ල වීදිය කාන්තා මළ සිරුර : සැකකරු ඇතුළු සැඟවුණු සියල්ල හෙළි වෙයි

 




 වේල්ල වීදිය කාන්තා මළ සිරුර : සැකකරු ඇතුළු සැඟවුණු සියල්ල හෙළි වෙයි ( ( Photos ) මවිබිම දැන් ම තාරක සම්මාන්  කොළඹ , වේල්ල වීදියේදී ගමන් මල්ලක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට , තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට හඳුනාගෙන තිබේ .

 නියෝජ්‍ය පොලිස්පති , පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ , අදාළ මළ සිරුර ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා යොමු කර එය එම කාන්තාවගේ ද යන වග තහවුරු කරගැනීමට කටයුතු කරන බවය . එමෙන් ම , අදාළ ගමන් මල්ල රැගෙන ආ සැකකරු පිළිබඳව ද තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ . සැකකරු බුත්තල පොලිසියට අනුයුක්තව සේය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවය . එම කාන්තාව සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වූ ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති අතර , සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය . සැකකරු බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට පොලිසිය හඳුනා ගෙන තිබේ . කෙසේ වෙතත් , මේ වන විට සැකකරු නිවසින් බැහැරට ගොස් ඇතැයි වාර්තා වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය . සි.සී.ටී.වී. දර්ශන ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව වැඩිදුරටත් විමර්ශන සිදුකළ පොලිසිය අදාළ බෑගය රැගෙන යන පුද්ගලයා කාන්තාවක් සමග  බෑගය රැගෙන යන පුද්ගලයා කාන්තාවක් සමග හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්පලකට පෙබරවාරි 28 වන දා ගමන් ගන්නා ආකාරය නිරීක්ෂණය කර තිබේ . පසුව එම පුද්ගලයා පමණක් බෑගයද රැගෙන මාර්තු 1 දා ලැගුම්හලෙන් පිටතට පැමිණ මාර්ග අංක 143 ඔස්සේ ධාවනය වන හංවැල්ල - පිටකොටුව බස් රථයකට නැග ගමන් ගෙන ඇති බවද නිරීක්ෂණය වී ඇත . ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයේදී එම කාන්තාව පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වුණු බව නියෝජ්‍ය පොලිස්පති , පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් වැඩි දුරටත් කළේය .

Comments

Popular posts from this blog

பெட்ரோல், பொருட்க‌ள் விலை அதிக‌ரிப்புக்கு முஸ்லிம்க‌ள் அல‌ட்டிக்கொள்ள‌ தேவையில்லை.

தற்கொலைதாரி இப்ராஹிமின் கொலோசியஸ் நிறுவனத்துக்கு செம்பு பித்தளைகளை வழங்கினார் என்ற ஒரு குற்ற சாட்டையே ரிஷாட் கைதுக்கு காரணமாக கூறுகின்றனர்