( මිනුවන්ගොඩ -
අයි. ඒ. කාදිර් ඛාන් )
කොවිඩ් - 19, වසංගත තත්ත්වය සමගම එම ආසාදිතයින් සදහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කළ, මිනුවන්ගොඩ රෝහල නැවතත් සාමන්‍ය ජනතාවට ප්‍රතිකාර කිරීම සදහා ආරම්භ කර ඇති බව, රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. එහිදි, විෂබීජ හරන ක්‍රියාවලිය ක්‍රියාත්මක වන බැවින් බාහිර රෝගී අංශය, ළමා රෝග, නාරිවේද ප්‍රසව සහ කාන්තා රෝග අභ්‍යන්තර වෛද්‍ය සේවාවන් පමණක් ආරම්භ කොට ඇත. බාහිර රෝගි අංශය දැනට ක්‍රියාත්මක වන්නෙ, සෑම දිනකම උදැසන 8 සිට දහවල් 12 දක්වා පමණි.
විෂබීජානු හරනය වන පිරිමි වාට්ටු සහ ශල්‍ය වාට්ටු ඔක්තෝබර් මස 1 වනදා සිට ක්‍රියාත්මක වන බව ද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
( මිනුවන්ගොඩ -
අයි. ඒ. කාදිර් ඛාන් )
Post a Comment