Skip to main content

சிறுமியின் உயிரிழப்பு தற்கொலையா? அல்லது படுகொலையா?

 ரிஷாட் வீட்டில் செயலிழந்த சிசிடீவி கெமரா!  - நீதிமன்றில் தெரிவித்த தகவல்கள் நாடாளுமன்ற உறுப்பினர் ரிஷாட் பதியுதீன் வீட்டில் பயணியாற்றிய சிறுமியின் உயிரிழப்பு தற்கொலையா? அல்லது படுகொலையா? என பாரிய சந்தேகம் தற்போது எழுந்துள்ளதாக பிரதி சொலிஸ்டர் ஜெனரல் திலிப பீரிஸ் தெரிவித்துள்ளார். இந்த சம்பவம் தொடர்பிலான விசாரணைகள் கொழும்பு – புதுகடை நீதவான் நீதிமன்றில் நேற்றைய தினம் விசாரணைக்கு எடுத்துக்கொண்ட போது அவர் இவ்வாறு கூறியுள்ளார். குறித்த சிறுமி கடந்த 3ம் திகதி அதிகாலை 6.45 அளவிலேயே தீ காயங்களுக்கு உள்ளாகியுள்ளதுடன், அவர் முற்பகல் 8.20 அளவிலேயே வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டுள்ளமை விசாரணைகளில் தெரியவந்துள்ளதாகவும் அவர் கூறியுள்ளார். சிறுமி தங்கியிருந்த வீட்டில் வாகனங்கள் மற்றும் சாரதிகளுக்கு எந்தவித தட்டுப்பாடும் இல்லாத நிலையில், குறித்த சிறுமி 1990 அம்பியூலன்ஸ் சேவையின் ஊடாக தாமதமாகி கொழும்பு தேசிய வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டுள்ளமையும் சந்தேகத்தை ஏற்படுத்தியுள்ளதாக அவர் நீதிமன்றில் சுட்டிக்காட்டியுள்ளார். இந்த வழக்கின் இரண்டாவது சந்தேகநபரான, ரிஷாட் பதியூதீனின் மனைவியின் தந்தை, குறித்த

අද (2020 අගෝස්තු 26 වැනි දා බදාදා) "අරුණ" පුවත්පතේ පළ වී තිබෙන සාකච්ඡාවක්

 


இலங்கை முஸ்லிம்களின் சமய, கலாசார , அரசியல் , நிலம், பொருளாதார   மற்றும் தொல்லியல் பிரச்சினைகள் தொடர்பாக இன்றைய (26:08:2020) "அருண" பத்திகையில் வெளிவந்த பேட்டி..



--- --- --- --- ---


සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් ශක්තිමත් කරනවා නම් අන්තවාදීන් පරද්දන්න පුළුවන්


ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මුෆිසාල් අබූබකර්


අභිනව රජයේ අධිකරණ අමාත්‍ය ධූරයට ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පත් කිරීමත් සමඟ ම “මුස්ලිම් ප්‍රශ්නය” පිළිබඳ සංවාදය නැවත වතාවක් ඉදිරියට පැමිණ තිබේ. මෙම සංවාදයට පසුබිම් වී තිබෙන ඇතැම් මූලික කරුණු පිළිබඳව විමසීමට අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මුෆිසාල් අබුබකර් මහතා මුණ ගැසුණෙමු. කල්මුනේ උරුම අධ්‍යයන කවයේ උපදේශකවරයකු ද කල්මුනේ බහු ආගමික සංවිධානයේ උපදේශකවරයකු ද මහනුවර විද්වතුන් හා වෘත්තීයවේදීන්ගේ සංගමයේ නැගෙනහිර පළාත් සම්බන්ධීකරණ ලේකම්වරයා ද වන ඒ මහතා අන්තවාදයට එරෙහිව විවෘතව අදහස් පළ කරන මුස්ලිම් විද්වතුන් අතර ඉදිරියෙන් සිටියි. 


නිතර නිතර මුස්ලිම් ජනතාව මුල් කරගෙන ප්‍රශ්න ඇති වෙන්නේ ඇයි?


ඕනෑම රටක, ඕනෑම සමාජයක ප‍්‍රශ්න ඇති වෙනවා. අපේ රටේ සිංහල සහ මුස්ලිම් ජනතාව අතරත්, සිංහල සහ දෙමළ ජනතාව අතරත්, මුස්ලිම් සහ දෙමළ ජනතාව අතරත් යම් යම් අවස්ථාවල ප‍්‍රශ්න ඇති වෙලා තියෙනවා. අතීතයේ පවා මෙහෙම ප්‍රශ්න ඇති වුනා. ඒත් ඒ ප‍්‍රශ්න පුද්ගලික මට්ටමෙන් තිබුණු ඒවා මිසක් දැන් වගේ සංකීර්ණ තත්ත්වයට පත් වුනේ නෑ. යටත්විජිත යුගයේ ඇති කරපු බෙදීම් හින්දා මෑත කාලයේ මේ ප‍්‍රශ්න පැතිරිලා, ඔඩු දුවලා තියෙන බවක් දකින්න පුළුවන්. සමහර අය තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් මේ ප‍්‍රශ්න දුරදිග යවන බවකුත් පේනවා.


අතීතයේ මෙහෙම ප්‍රශ්න ඇති වුනේ නැත්තේ ඇයි?


ඉස්සර කාලයේ සාමාන්‍ය මුස්ලිම් ජනතාවත් සිංහල ජනතාවත් අතර ඉතාමත් ශක්තිමත් බැඳීමක් තිබුණා. පොඩි පොඩි ප්‍රශ්න ඇති වුනත් ඒවා විසඳා ගන්න ඒ අයට පුළුවන් වුනා. ඒ හින්දා ඒවා පැතිරිලා සමාජ ගැටලූ බවට පත් වුනේ නෑ. යම් යම් අවස්ථාවල සමාජ ගැටලු ඇති වුනත් ඒවා සමාජය විසින් ම නිරාකරණය කර ගත්තා. ඒ ඒ ජනවර්ග අතර තිබුණු ශක්තිමත් බැඳීම් හින්දා ඒ වැඩේ හුඟක් පහසු වුනා.


අද තියෙන ගැටලුවලට බාහිර සංස්කෘතික බලපෑම් පවා හේතු වෙලා තියෙනවා නේ ද?


ඔව්. ලෝකයේ හැම රටක ම වගේ ඉස්ලාම් ආගම අදහන අය ඉන්නවා. ඒ ඒ රටවල්වල ඉන්න මුස්ලිම් ජනවර්ග එක ම ආගමක් ඇදහුවත් ඒ අයගේ සම්ප‍්‍රදායයන්, සංස්කෘතීන් එකිනෙකින් වෙනස්. ඉතින් අපේ රටේ මුස්ලිම් ජනතාවත් ඒ විදිහට ම අපේ රටට ආවේනික සංස්කෘතියක් ගොඩ නඟා ගනිමින් හිටියා. අපි අපිට ම ආවේනික ආගමික පිළිවෙත් පවා හදාගෙන හිටියා. ඒත් සමහර අය වෙනත් රටවල්වල තියෙන සම්ප්‍රදායයන්, සංස්කෘතික සිරිත් අපේ රටේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. ඒවා අනිවාර්ය කරලා නීති රීති පනවන්නත් හදනවා. ඊට අමතරව අපේ සම්ප්‍රදායයන් ක්‍රියාත්මක කිරීම වළක්වන්නත් ඒ අය උත්සාහ කරනවා.


මේ කාරණයට අදාළ උදාහරණයක් කියන්න පුළුවන් ද?


ඉස්සර අපේ රටේ හැම මුස්ලිම් පල්ලියක ම අවුරුද්දකට වතාවක් කොඩි උත්සවයක්, සියාරම් සහ කන්තූරි දීමේ උත්සවයක් පැවැත්තුවා. ඒ උත්සවයට මුස්ලිම් ජනතාව වගේ ම සිංහල ජනතාවත් සහභාගී වුනා. අපි පල්ලියේ උයපු කෑම ගම්වල ඉන්න සිංහල දෙමළ අයත් එක්ක බෙදා ගත්තා. අපි කිසිම වෙනසක් ගැන හිතන්නේ නැතුව බොහොම සමගියෙන් ඒ කෑම කෑවා. බේරුවල පැත්තේ සමහර ගම්වල අදටත් මේ සම්ප්‍රදායය දකින්න තියෙනවා. ඒත් මේ වෙද්දි අපේ රටේ හුඟක් පළාත්වලින් මේ සම්ප‍්‍රදාය නැතිවෙලා ගිහිල්ලා. ඒ වගේ ම, අපි අපේ ගම්වල, පන්සල්වල තියෙන බෞද්ධ උත්සවවලටත් සම්බන්ධ වුනා. ඒත් දැන් මේ දේවල් නැත්තටම නැති වෙන්න පටන් ඇරගෙන. ඒක ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්.


ඇත්තටම සාම්ප‍්‍රදායික මුස්ලිම්වරු කියන්නේ කාට ද?


ඉස්ලාම් ආගම අදහන හැම කෙනෙක් ම මුස්ලිම් ජනවර්ගවලට අයිතියි. ඒත් ඒ මුස්ලිම්වරු තමන් ඉන්න රටේ සංස්කෘතියට අනුගත වෙලා තමන්ගේ ආගම අදහනවා නම් එහෙම අයට සාම්ප‍්‍රදායික මුස්ලිම්වරු කියලා කියන්න පුළුවන්. එහෙම අය තමන්ගේ ආගමට ගරු කරනවා වගේ ම තමන් ජීවත් වෙන රටට, ඒ රටේ පරිසරයට, ඒ රටේ ඉන්න අනිත් මිනිස්සුන්ට, ඒ අය අදහන ආගම්වලට ගරු කරනවා. ඒ අය තමන්ගේ සංස්කෘතියට වගේ ම අනිත් අයගේ සංස්කෘතීන්වලටත් විවෘතයි. රටක ඉන්න යම් ජනවර්ගයක් සමාජයට විවෘත නැති නම් ඒ ජනවර්ගය දිහා අනිත් මිනිස්සු සැකයෙන් බලනවා. ඒ වගේ ම එහෙම කරන අයගෙන් ඈත් වෙන්නත් උත්සාහ කරනවා. විවෘත, මිත‍්‍රශීලී ජනවර්ගයකට අයිති මිනිස්සු එහෙම නෑ. ඒ අය හැම දෙනා දිහා ම මිත‍්‍රශීලීව බලනවා. අපේ රටේ සාම්ප‍්‍රදායික මුස්ලිම්වරු මේ විදිහෙ උත්තුංග සහයෝගීතාත්මක සංස්කෘතියක් පවත්වා ගෙන ආපු පිරිසක්.


අපේ රටේ මේ විවෘත බව ක්‍රියාත්මක වුනේ මොන විදිහට ද?


සම්බුදු තෙමඟුල සිහිපත් කරලා බෞද්ධයෝ පවත්වන වෙසක් උත්සවයේ දී අනුගමනය කරන සමහර සංස්කෘතික අංග සාම්ප‍්‍රදායික මුස්ලිම්වරු මිලාදුන් නබි නායකතුමාගේ උපන්දින උත්සවය සමරන්නත් ආදේශ කරගත්තා. බෞද්ධයෝ දන්සල් දෙන විදිහට ම අපේ සාම්ප්‍රදායික මුස්ලිම්වරු නබිනායකතුමාගේ උපන්දිනයට කන්තූරි කියන දානය දුන්නා. වෙසක් උත්සවය සමරද්දි වෙසක් කූඩු වගේ සැරසිලි කරනවා වගේ මුස්ලිම්වරු අපේ රටේ ඉස්ලාම් ප‍්‍රජාවට සේවය කරපු ආගමික නායකයන් සිහිපත් කරලා කොඩි උත්සවයක් කළා. ඉතින් මේ විදිහට ඇති වෙච්ච මිශ්‍ර බවක්, මිත්‍ර බවක්, ඒ වගේ ම විවෘත බවක් සිංහල සහ මුස්ලිම් මිනිස්සු අතර තිබුණා.


මේ සම්බන්ධය බිඳ වැටුණේ කොහොම ද?


අපේ රටේ සාම්ප‍්‍රදායික මුස්ලිම්වරුන්ගේ කාර්යභාරය හරිහැටි හඳුනා ගත්තේ නැති අන්තවාදී කණ්ඩායම් හින්දා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඉස්ලාම් ආගම අදහන අපි සිංහල ජාතියත් එක්ක පවත්තන සම්බන්ධය බිඳවන්න ඒ අය උත්සාහ කරනවා. වෙන රටවල්වලට ගිහිල්ලා ඒ රටවල්වල සම්ප්‍රදායයන් ඉගෙන ගෙන එන සමහර අය ශුද්ධ වූ ආගමක් ගැන මත පළ කරන්න පටන් ඇරගෙන තියෙනවා. ඒ වැඩ හින්දා අපේ සාම්ප‍්‍රදායික මුස්ලිම් සංස්කෘතිය බිඳ වැටෙනවා. එහෙම වැඩ කරද්දි සිංහල මිනිස්සු මුස්ලිම් අපි දිහා සැකයෙන් බලන එක පුදුමයක් නෙවෙයි. ශුද්ධ ආගමක් ගැන දේශනා කරන ඒ අයත් අන්තවාදී ඇහකින් සිංහල සහ අනිත් අය දිහා බලනවා. දෙපිරිස ම තම තමන් ගැන සැකයෙන් බලද්දි ගැටුම් ඇති වෙනවා.


ශුද්ධ ආගමක් ගැන කියන අය තරම් සාම්ප්‍රදායික මුස්ලිම්වරු කුරාන ඉගැන්වීම් පිළිගන්නේ නැද්ද?


සම්ප‍්‍රදායික මුස්ලිම්වරු කියන්නේ අල්-කුරානයේ තියෙන ඉගැන්වීම් ප‍්‍රතික්‍ෂේප කරන අය නෙවෙයි. අල්-කුරානයේ තියෙන ඉගැන්වීම් අපි ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ ගැන විවාදයක් නෑ. අපි කරන්නේ ඉස්ලාම් ආගමේ මූලික හර පද්ධතිය අපි ජීවත් වෙන රටේ සංස්කෘතියට අදාළ විදිහට හැඩගස්වා ගන්න එක. සෞදි අරාබිය වගේ රටවල්වලට ගිහිල්ලා අන්තවාදීන්ගෙන් ඉස්ලාම් ධර්මය ඉගෙන ගත්ත සමහරු ඉදිරිපත් කරන නිර්වචනවල හැටියට තමයි සාම්ප‍්‍රදායික මුස්ලිම්වරු අල්-කුරානයට විරුද්ධ අය කියලා හංවඩු ගහන්නේ. ඒත් ඒක ඇත්ත නෙවෙයි කියලා එක කාරණයකින් වුනත් පැහැදිළි කරන්න පුළුවන්.


ඒ මොකක්ද?


අල්ලා දෙවියන්ගෙන් ධර්මය ලබා ගන්න අවස්ථාවේ දී නබි නායකතුමා හිටියේ ගල් ගුහාවක භාවනා කරමින්. ඒ සම්ප‍්‍රදාය අනුගමනය කරන සාම්ප‍්‍රදායික මුස්ලිම් වර්ගයක් වෙන සූෆිවරු කියන්නේ කිසියම් ආකාරයක ධ්‍යාන වැඩීමක් අනුගමනය කරපු කණ්ඩායමක්. මේක බුදුදහම එක්කත් ගැලපෙනවා. ඒත් හාමුදුරුවරු වගේ මුස්ලිම්වරු භාවනා කිරීම උචිත නෑ කියලා අන්තවාදියෝ කියනවා. ඒ හින්දා ඒ අය මේ සම්ප‍්‍රදාය යටපත් කරන්න උත්සාහ කරනවා. මේ සම්ප‍්‍රදාය දිගට ම තියෙනවා නම් බෞද්ධයන්ට සහ ඉස්ලාම් ආගම අදහන අයට පොදු සම්ප‍්‍රදායක් වර්ධනය කර ගන්න ඉඩක් තිබුණා. එහෙම සම්ප්‍රදායක ප‍්‍රතිඵලයක් විදිහට අපි අතර අන්‍යොන්‍ය සහයෝගය කිසිම දවසක කඩන්න බැරි විදිහටත් වර්ධනය කර ගන්නත් ඉඩ තිබුණා. ඒත් මේ අන්තගාමී අදහස්වලින් සිද්ද වෙන්නේ ගැටුම් තව තවත් වැඩි වෙන එක විතරයි.


ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට දැන් තියෙන ගැටලූ මොනවා ද?


මේක සංකීර්ණ කාරණයක්. අපේ අය (විශේෂයෙන් ම උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉන්න මුස්ලිම් ජනතාව) බරපතල ඉඩම් ප‍්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නවා. නගරාසන්නව තියෙන ඉතාමත් කුඩා භූමිවල විශාල වශයෙන් ගොනු වෙලා ඉන්න ජනතාවක් විදිහට තමයි මුස්ලිම් අය ජීවත් වෙන්නේ. ජනගහනයත් එක්ක බලද්දි ඒ අයට තියෙන්නේ ඉතාමත් සීමිත ඉඩම් ප්‍රමාණයක්. අලුත් ගම්මාන හැදීමකුත් සිද්ද වෙන්නේ නැති හින්දා මේ ප්‍රශ්නය තව තවත් උග්‍ර වෙන්න පුළුවන්.


ඉඩම් අත්පත් කරගන්නේ. පුරාවස්තුවල හානි කරන්නේ ඒ හින්දා ද?


ඉඩම් ප්‍රශ්නය හින්දා සමහර අය රජයේ ඉඩම් අත්පත් කරගන්න කටයුතු කරනවා. ඉඩම් ප‍්‍රමාණය මදි වෙද්දි රජයේ ඉඩම් අල්ලා ගන්න මිනිස්සු යොමු වෙන එක අසාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒත් පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීමේ අරමුණක් ඒ අයට නෑ. ඒ අයත් එක්ක කතා කළාම මේ කාරණය හොඳින් ම තේරුම් ගන්න පුළුවන්. අපේ රටේ පුරාවිද්‍යා උරුමය රකින්න දායක වෙච්ච මුස්ලිම් අය හිටිය බව අපිට අමතක කරන්න බෑ. ඛාන් බහදූර් මොහොමඩ් සනා උල්ලා කියන පුද්ගලයා එහෙම කෙනෙක්. පොළොන්නරුවේ තිවංක පිළිමගෙය, ගල් විහාරය, හිඳගල මහ පන්සල, සීගිරිය වගේ අති පෞරාණික ස්ථාන නැවත ප‍්‍රතිනිර්මාණය කරන්න හුඟක් මහන්සි වෙච්ච කෙනෙක් විදිහට එතුමාගේ නම ඉතිහාස ගතවෙලා තියෙනවා.


ඉඩම් ප්‍රශ්නයට අමතරව තවත් ගැටලු තියෙනවා ද?


මුස්ලිම්වරුන්ගේ අනන්‍යතාව පිළිබඳ ගැටලූවකුත් තියෙනවා. මුස්ලිම්වරු සහ දෙමළ ජනතාව අතර පැහැදිලි බෙදීමක් දක්නට නැති හින්දා තමයි ඒ ගැටලුව ඇති වෙලා තියෙන්නේ. දෙගොල්ලන්ගේ ම භාෂාව එකක්. ආගම අතින් විතරයි අපි දෙගොල්ල වෙනස්. ඉතින් දෙමළ අයට තියෙන යම් යම් ප‍්‍රශ්න මුස්ලිම් අයටත් අදාළ වෙන එක වළක්වන්න බෑ. කොටි ත්‍රස්තවාදය තිබිච්ච කාලයේ දෙමළ ජනතාව මුහුණ දීපු ප්‍රශ්නවලට ම මුස්ලිම් අයත් මුහුණ දුන්නා. මුස්ලිම් අය ත‍්‍රස්තවාදීන්ට අනුබල දුන්නේ නෑ. ආරක්‍ෂක අංශත් එක්කත් පැවතුණු රජයන් එක්කත් අපි සහයෝගයෙන් වැඩ කළා.


ව්‍යාපාරික ලෝකය තුළ මුස්ලිම් අය ප්‍රබලයි නේ ද?


ඇත්තෙන්ම ව්‍යාපාරික ලෝකය තුළත් ප‍්‍රශ්න ඇති වෙලා. සමහර අන්තවාදී අය තමන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා ජාතිවාදය අවුස්සනවා. හැම මුස්ලිම් කෙනෙක් ම අන්තවාදීයෙක් විදිහට හංවඩු ගහන්න ඒ අය උත්සාහ කරනවා. ඉතින් ඒ හින්දා ඇති වෙච්ච ගැටලුවලින් අපේ ව්‍යාපාරිකයෝ පීඩාවට පත්වෙලා ඉන්නවා.


මුස්ලිම් අන්තවාදයට දේශපාලනය මැදිහත් වෙලා තියෙන්නේ මොන විදිහට ද?


මුස්ලිම් කොංග‍්‍රසයේ සහ ජාතික සමගි පෙරමුණේ නිර්මාතෘ අශ්රොෆ් මහතා දක්වා හිටිය මුස්ලිම් නායකයෝ සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාවගේ අවශ්‍යතා ගැන හොඳ අවධානයකින් කටයුතු කළා. කිසියම් ආකාරයක මුස්ලිම් අන්තවාදයක් හිස ඔසවනවා දැක්ක මුල් අවස්ථාවේ දී ම ඒක මර්දනය කරන්න ඒ අය කටයුතු කළා. ඒත් දැන් ඉන්න හුඟක් මුස්ලිම් දේශපාලන නායකයෝ කටයුතු කරන්නේ තමන්ගේ පුද්ගලික ලාභ අපේක්‍ෂාවන් වෙනුවෙන්. ඒ අයට ඕන තමන්ගේ ඡන්ද පදනම වර්ධනය කර ගන්න විතරයි. ඒ වෙනුවෙන් ජනතාව නොමඟ යවනවා. පොදු ජනතාවට යහපතක් වෙන දේ ගැන ඒ අය හිතන්නේ නෑ.


සාම්ප්‍රදායික මුස්ලිම් නායකයන්ට මොකක්ද වෙලා තියෙන්නේ?


අන්තවාදය ශක්තිමත් කරන ඒ වගේ ම, සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව දුර්වල කරන දේශපාලන ව්‍යාපෘතියක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. අන්තවාදීන්ටත්, ඒ අයට උදව් කරන අයටත් තනතුරු දීලා ශක්තිමත් කරන ගමන් සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාවගේ නායකයන්ව කොන් කරනවා. ඒ අයව ජනතාවගෙන් ඈත් කරනවා. අපේ සාම්ප‍්‍රදායික මුස්ලිම්වරු නියෝජනය කරන අතාවුල්ලා වගේ නායකයන්ට අත්වෙලා තියෙන ඉරණම දිහා බලන්න. මෙහෙම අය ශක්තිමත් කරනවා නම් විතරයි අන්තවාදීන් පරද්දන්න පුළුවන් වෙන්නේ.


ඒ වෙනුවෙන් තව කරන්න ඕන මොනවා ද?


මුස්ලිම් ජනතාව වෙනුවෙන් පිහිටුවලා තියෙන සංවිධාන සහ ආයතන පාලනය කරන්න පත් කරන්න ඕව සාම්ප‍්‍රදායික මුස්ලිම් දර්ශනයක් තියෙන අය මිසක් අන්තවාදී මුස්ලිම් දර්ශනයක් පිළිගන්න, ඒ වෙනුවෙන් පෙනී ඉන්න අය නෙවෙයි. එහෙම කරනවා නම් විතරයි අපේ රටේ ප‍්‍රගතිශීලී මුස්ලිම් පරපුරක් බිහි කරන්න පුළුවන් වෙන්නේ. මෙහෙම හිතලා ඉතාමත් කල්පනාවෙන්, දුර දිග බලලා වැඩ කරනවා නම් අන්තවාදය පරද්දන එක අමාරු වැඩක් නෙවෙයි.


සාකච්ඡා කළේ: චමින්ද ඒකනායක

Comments

Popular posts from this blog

பெட்ரோல், பொருட்க‌ள் விலை அதிக‌ரிப்புக்கு முஸ்லிம்க‌ள் அல‌ட்டிக்கொள்ள‌ தேவையில்லை.

  பெட்ரோலுக்கு விலை கூடுகிற‌தா?  பொருட்க‌ளுக்கு விலை கூடுகிற‌தா? இது ப‌ற்றி முஸ்லிம்க‌ள் அல‌ட்டிக்கொள்ள‌த்தேவையில்லை. ஏனென்றால் இந்த‌ நாட்டின் 2 கோடி ம‌க்க‌ளில் ஒன்ன‌ரைக்கோடி ம‌க்க‌ள் சிங்க‌ள‌ ம‌க்க‌ள். பெற்றோலுக்கு விலை கூடினால் , பொருள்க‌ளுக்கு விலை கூடினால்  அது தாக்க‌ம் முத‌லில் சிங்க‌ள‌ ம‌க்க‌ளுக்குத்தான்.  அத‌ற்கு அடுத்துதான் சிறுபான்மை ம‌க்க‌ளைத்தாக்கும். ஒன்ன‌ரைக்கோடி பெரிதா? 50 ல‌ட்ச‌ம் பெரிதா? இந்த‌ அர‌சாங்க‌ம் 100க்கு 99.5 சிங்க‌ள‌ ம‌க்க‌ளால் கொண்டு வ‌ர‌ப்ப‌ட்ட‌ அர‌சாங்க‌ம். பெட்ரோல், பொருட்க‌ள் விலை அதிக‌ரித்தால் அவ‌ர்க‌ள் பார்த்துக்கொள்வார்க‌ள். நாம் த‌லையை ஓட்டுவ‌தால் எந்த‌ ந‌ன்மையும் கிடைக்க‌ப்போவதில்லை. முடியுமாயின் பெட்ரோல், பொருட்க‌ள் விலை அதிக‌ரிப்பு ப‌ற்றி முஸ்லிம்க‌ள் ஓட்டுப்போட்ட‌ முஸ்லிம் க‌ட்சிக‌ளின் உறுப்பின‌ர்க‌ளை பாராளும‌ன்ற‌த்தில், ஊட‌க‌ங்க‌ளில் பேச‌ சொல்லுங்க‌ள்.  அவ‌ர்க‌ளே பேசாம‌டந்தையாக‌ இருக்கும் போது முஸ்லிம்க‌ள் ஏன் அல‌ட்டிக்கொள்ள‌ வேண்டும்? பொருட்க‌ள் விலை கூடுத‌ல் பெரிய‌ விட‌ய‌மா? த‌ம‌க்கென்ற‌ நாட்டை பாதுகாப்ப‌து முக்கிய‌மா என்ப‌து பெரும்பாலான‌ சிங்க

தற்கொலைதாரி இப்ராஹிமின் கொலோசியஸ் நிறுவனத்துக்கு செம்பு பித்தளைகளை வழங்கினார் என்ற ஒரு குற்ற சாட்டையே ரிஷாட் கைதுக்கு காரணமாக கூறுகின்றனர்

 றிசாத் எம்.பி கைதுக்கு முன்னராக வெளியிட்ட ஒளிப்பதிவை பார்க்கும் போது அழுகையே வந்து விட்டது :  அ.இ.ம.கா அம்பாறை செயற்குழு நூருல் ஹுதா உமர்  அண்மையில் கைது செய்யப்பட்டு விசாரணை காவலில் வைக்கப்பட்டிருக்கும் அகில இலங்கை மக்கள் காங்கிரசின் தலைவரும், பாராளுமன்ற உறுப்பினருமான முன்னாள் அமைச்சர் றிசாத் பதியுதீனின் கைதை கண்டித்து தமது எதிர்ப்பை காட்டும் முகமாக அகில இலங்கை மக்கள் காங்கிரசின் அம்பாறை மாவட்ட செயற்குழு இன்று வெள்ளிக்கிழமை கல்முனையில் ஏற்பாடு செய்திருந்த ஊடகவியலாளர் சந்திப்பில் கலந்து கொண்டு பேசும் போது அவர்கள் தெரிவித்த கருத்துக்கள் வருமாறு  நூற்றுக்கணக்கானவர்களை கொலைசெய்த கொலையாளிகள், பாரிய மோசடியில் ஈடுபட்ட கொள்ளையர்களை கைது தேய்வது போன்று அகில இலங்கை மக்கள் காங்கிரஸ் தலைவரை கைது செய்ததன் மூலம் இந்த நாட்டின் ஜனநாயகத்தை குழிதோண்டி புதைத்துள்ளார்கள். இவர்களின் இந்த செயல்கள் இந்த நாட்டில் சிறுபான்மை மக்கள் வாழ்வதையே கேள்விக்குறியாக்குகிறது. முஸ்லிங்களை தீவிரவாதிகளாக காட்டி இந்த நாட்டின் ஆட்சியை கைப்பற்றிய இவர்கள் ஆட்சியை கொண்டு செல்ல முடியாமல் திணறிக்கொண்டு தக்கவைக்க  வேண்டிய சூழ்நி

நோன்பு, ஹஜ் பிறை சர்ச்சைகளும் அவற்றுக்கான தீர்வுகளும்

-முபாறக் அப்துல் மஜீத் மௌலவி – - பிறை பார்த்து நோன்பு பிடித்தல், பிறை கண்டு நோன்புப் பெருநாளை எடுத்தல், ஹஜ் பிறையின் ஆரம்பம், அரபா நாள் என்பன சமீப காலத்தில் ஏற்பட்டுள்ள நவீன பிரச்சினைகளாகும். வானொலி, தொலைபேசி, சட்டலைட் போன்றவை இல்லாத ஒரு காலத்தில் இது ஒரு பிரச்சினையாக இருக்கவில்லை. மாறாக இது பரவலாக்கப்பட்டு உலகம் ஒரு குறுகிய, சிறிய கிராமமாக உருவெடுத்துள்ள நிலையிலேயே இப்பிரச்சினைகள் எழுந்துள்ளன. இன்றைய உலகம் என்பது ஒரு மனிதனின் உள்ளங்கைக்குள் அடங்குமளவு சுருங்கிவிட்ட நிலையில் முஸ்லிம் சமூகம் மத்தியில் இந்தக்கருத்துக்கள் பற்றிய விழிப்புணர்வும், அவை பற்றிய தெளிவையும் எதிர் பார்ப்பதில் அர்த்தமுண்டு. இது விடயம் ஒரு பிரச்சினையாக உருவெடுத்தமைக்கு பல நியாயமான காரணங்களும் உள்ளன. அத்தகைய நியாயங்களை நாம் குர்ஆன், ஹதீத் நிலைமையில் நின்று ஆராயும் போது பல தெளிவுகள் நமக்கு ஏற்படும். ஆகவே, பிறை விடயத்தை நாம் ஆராயும் போது குர்ஆன், ஹதீத் ஆதாரங்கள், சூழல், நவீன தொழில் நுட்பம் என்பனலற்றை கருத்திற் கொள்ள வேண்டியது அவசியமானதாகும். இந்த வகையிலேயே நாம் பிறைக்குரிய சர்சையை அணுக வேண்டும். அந்த வகைய