මුස්ලිම් ස්වාධීන කණ්ඩායම්වල අරමුණ වන්නේ මුස්ලිම් ප්‍රජාවගේ ඡන්දය බිඳ දැමීමයි,


මුස්ලිම් ස්වාධීන කණ්ඩායම්වල අරමුණ වන්නේ මුස්ලිම් ප්‍රජාවගේ ඡන්දය බිඳ දැමීමයි, අපේක්ෂක ෆාරිස් මහතාට ඡන්දය ලබා‌ දෙන මෙන් අමුණුගම ඉල්ලා සිටි

(අයි.ඒ. කාදිර් ඛාන් )

   ලංකාවේ ප්‍රබලම පක්ෂයක් ඡන්ද විමසීමට පැමිණෙන විට, රටේ ඇතැම් ස්වාධීන කණ්ඩායම් ඡන්ද විමසීමට යනවාදැයි, හිටපු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය, මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක හා යෞවන පෙරමුණේ සභාපති දිලුම් අමුණුගම මහතා ප්‍රශ්න කළේය. ‍
ඔහු මේ බව කියා සිටියේ, මල්වානහින්න  ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමිනි.
ඔහු තවදුරටත් එහි දී මෙසේ ද අදහස් පල කළේය. රජයත් සමග ස්වාධීන කණ්ඩායම් කිසිදු සම්බන්ධතාවයක් නොපවත්වන අතර , එම ස්වාධීන කණ්ඩායම්වල අරමුණ වන්නේ පවත්නා රජයේ ඡන්ද පදනම බිද දැමීමය.      විශේෂයෙන් මුස්ලිම් ස්වාධීන කණ්ඩායම්, රජය සමඟ කිසිඳු සම්බන්ධයක් නොමැත.
මෙය කුමන්ත්‍රණයක් වන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.
මෙරටේ ඉතා ප්‍රබල දේශපාලන පක්ෂයක් මැතිවරණය සඳහා තරඟ වදින අතර, මැතිවරණවලදී ස්වාධීන කණ්ඩායම් යටපත් කර ඡන්දය සුනුවිසුනු කිරීමට සැලසුම් සකස් වෙමින්  පවතී. එහෙත්, මේ සියල්ලෙන්ම තීරණය වන්නේ එළඹෙන 5 වන දින සුළඟ සමඟ සම්මිශ්‍රණය වීමට සිදුවන   බවත් මොහු පෙන්වා දුන්නේය.
ඔහු මෙහි දී, මෙරට පාලනය කරන බලවත් පාලක පක්ෂයකට ඡන්දය ලබා දෙන ලෙස  මහජනතාවගෙන්  ඉල්ලා සිටි අතර, විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ,  එළඹෙන මහ මැතිවරණයේදී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්, මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු තරඟ බිමට පිවිසෙන එකම මුස්ලිම් නියෝජිතයාවන ඒ.එල්.එම්. ෆාරිස් මහතාට ඔබගේ වටිනා මනාපයක් ලබා දී, කන්ද උඩ රටින් හඩක් නැගීමට ඔහුව පාර්ලිමේන්තු යැවීමට කටයුතු කරනලෙසද ඔහු තවදුරටත්  ඉල්ලා සිටියේය.

(මිනුවන්ගොඩ -  අයි.ඒ. කාදිර් ඛාන් )

Comments

Popular posts from this blog

பெட்ரோல், பொருட்க‌ள் விலை அதிக‌ரிப்புக்கு முஸ்லிம்க‌ள் அல‌ட்டிக்கொள்ள‌ தேவையில்லை.

தற்கொலைதாரி இப்ராஹிமின் கொலோசியஸ் நிறுவனத்துக்கு செம்பு பித்தளைகளை வழங்கினார் என்ற ஒரு குற்ற சாட்டையே ரிஷாட் கைதுக்கு காரணமாக கூறுகின்றனர்