Skip to main content

බීසීසී රාජ්‍ය සමාගම ලබා ඇති කීර්ති නාමය තවත් ශතවර්ෂ ගණනාවක් රඳවා ගත හැකි සංවර්ධන සැලැස්මක් සකසා අවසන්”


“බීසීසී රාජ්‍ය සමාගම ලබා ඇති කීර්ති නාමය තවත් ශතවර්ෂ ගණනාවක් රඳවා ගත හැකි සංවර්ධන සැලැස්මක් සකසා අවසන්”
- කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ

‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩපිළිවෙළ යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය වෙත පවරා ඇති, සුපිරිසිදු පොල්තෙල් හා සබන් ආදිය නිෂ්පාදනය තුළින් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යුගයේ සිට ශත වර්ෂ දෙකක පමණ කාලයක් ඉමහත් කීර්ති නාමයක් දිනාගෙන ඇති බීසීසී සමාගමට එම කීර්ති නාමය තවත් ශතවර්ෂ ගණනාවක් රඳවා ගත හැකි උපායමාර්ගික සංවර්ධන සැලැස්මක් සකසා ඇති බවත් වැවිලි කර්මාන්ත, මහවැලි ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් හා එක්ව නුදුරේදීම ඊට අදාළ ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

කොළඹ 12, මීරානියා මාවතේ පිහිටි බීසීසී සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ ඇමතිවරයා මෙසේ ද සඳහන් කළේය.

“බී.සී.සී ආයතනය බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ මෙරට ආරම්භ කරන ලද්දක්. එයට සියවස් දෙකක පමණ ඉතිහාසක් තිබෙන බවත් යම් යම් කාලවල දී එහි නිෂ්පාදන රට තුළ ප්‍රචලිතව තිබූ බවත් දැකගත හැකියි. දේශීය කර්මාන්තවලට නව පණක් දීමේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩසටහන යටතේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම ආයතනය කර්මාන්ත අමාත්‍යාංශ විෂය පථයට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව දැන් මෙම ආයතනය අප අමාත්‍යාංශය යටතේ නියාමනය වන්නක්. ගෙවී ගිය කෙටි කාලය තුළ අපට හැකි වුණා එය වඩාත් වර්ධනීය තලයකට ගෙන ඒමට.

2017, 2018, 2019 වර්ෂවලට වඩා 2020 පළමු කාර්තුව තුළ ලාභය රුපියල් මිලියන 12 සිට 30 දක්වා වැඩි වී තිබෙනවා. මෙහි මූලිකවම නිෂ්පාදනය වන පොල්තෙල් නිෂ්පාදනය සැලකුවහොත් නිෂ්පාදන ධාරිතාව පෙර වසරවලට සාපේක්ෂව මෙටි්‍රක් ටොන් 15 සිට 44 දක්වා ඉහළ දැමීමට හැකි වුණා. ඒ අනුව ආයතනයේ නිෂ්පාදන ප්‍රගතිය ඉහළ ගොස් තිබෙනවා. ආදායම, ලාභය ඉහළ ගොස් වියදම ද 25%කින් අඩු වී තිබෙනවා.

‘නව සංවර්ධන සැලැස්මක්’

මෙහි දී නව සභාපතිතුමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයටත් සාමාන්‍යාධිකාරී ඇතුළු සීමිත සේවක පිරිසටත් අපගේ ස්තූතිය පුද කළ යුතුයි. කොරෝනා වසංගතය ව්‍යාප්තව ගිය මාසවල දී පවා මෙම සේවක පිරිස ආයතනයට ලැබී තිබූ ඇණවුම් සම්පූර්ණ කර දීමට කටයුතු කර තිබුණු බවත් මෙහි දී කෘතවේදීව සිහිපත් කළ යුතුයි. මේ ආයතනය ඉතිහාසයේ දී ලබා තිබූ කීර්ති නාමය වඩාත් ඉහළ නංවමින් අනාගතයේ දී කටයුතු කිරීම සඳහා සභාපතිතුමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නව උපායමාර්ගික සංවර්ධන සැලැස්මක් සකස් කර තිබුණා. එය ද මෙහි දී මා වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

‘නව පොල්තෙල් නිෂ්පාදනාගාරයක්’

බීසීසී පොල්තෙල් නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය වන පොල් පහසුවෙන් ලබා ගෙන එමගින් නිෂ්පාදන කටයුතු වේගවත් කිරීමට ඒකාබද්ධ වැඩසටහනක් යෝජනා වී තිබෙනවා. ඒ යටතේ හලාවත වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම හා මහවැලි බී කලාපයේ පිහිටා ඇති පොල් වගා බිම්වලින් පොල් ලබා ගැනීමට අපේක්ෂිතයි. ඒ අනුව පොල්තෙල් නිෂ්පාදනාගාරය ද හලාවත ඉහත මහා පරිමාණ පොල්වතු ආශ්‍රිතව අලුතෙන් ඉදිකිරීමට යෝජිතයි. ඉහත කී පොල් වගා බිම් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින නිසා මෙම උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ දී ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. ඒ සඳහා අදාළ විෂය භාර අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

වාණිජමය මධ්‍යස්ථානයක්

එසේම එම උපායමාර්ගික සංවර්ධන සැලැස්මට, අද අපගේ නිරීක්ෂණයට ලක් වූ මෙම පැරණි ගොඩනැගිලි සහිත වත්මන් පොල්තෙල් නිෂ්පාදනාගාරය සහිත අක්කර 06 පමණ ඉඩම සංවර්ධනය කොට, නවීන පහසුකම්වලින් සහිත මහල් හතක වාණිජමය මධ්‍යස්ථානයක් ඉදිකිරීම ද ඇතුළත්. ඒ සඳහා මෙම ඉඩමෙන් කොටසක් අධිකරණ සංකීර්ණයක් සඳහා පවරා ගැනීම නිසා ලැබෙන වන්දි මුදල ද ඉහත කී නව පොල්තෙල් නිෂ්පාදනාගාරය ඉදිකිරීමත් සමඟ ලැබෙන ලාභාංශය ද යොදා ගැනීමට නියමිතයි. මෙම උපායමාර්ගික සැලැස්ම වසර සිය ගණනක බීසීසී කීර්ති නාමය අනාගතයේ දී තවත් වසර සිය ගණනක් රඳා පවත්වා ගැනීමට ඉවහල් වන බව මට විශ්වාසයි.”

මෙම නිරීක්ෂණ චාරිකාවට බීසීසී ආයතනයේ සභාපති චමින්ද වෙලේගම, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ වන අජිත් ජයවර්ධන, මනුජ කරුණාරත්න, සුපුන් කාරියවසම් යන මහත්වරු ද එක්ව සිටියහ. 

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය.
2020.06.22

Comments

Popular posts from this blog

அதாவுல்லாவை புக‌ழும் ஹ‌ரீஸ்

ஒவ்வொரு நிமிடமும் நம்மை நோக்கி எறிகணைகள் வந்த வண்ணமே இருக்கிறது. நாங்கள் ஒற்றுமைப்பட்டு இனி செயலாற்ற முன்வர வேண்டும். அம்பாறை மாவட்டத்தில் உள்ள சகல அரசியல் கட்சி முக்கியஸ்தர்களும் ஒன்றிணைந்து எதிர்வரும் பொதுத்தேர்தலை சந்தித்து நாங்கள் ஒற்றுமையாக வாக்களித்தால் அம்பாறை மாவட்டத்தில் இருந்து ஐந்து முஸ்லிம் பாராளுமன்ற உறுப்பினர்கள் தெரிவாவார்கள் என ஸ்ரீலங்கா முஸ்லிம் காங்கிரஸின் பிரதித்தலைவரும் முன்னாள் இராஜாங்க அமைச்சருமான சட்டத்தரணி  எச்.எம்.எம்.ஹரீஸ் தெரிவித்தார்.  தொடர்ந்தும் அங்கு பேசும் போது, கல்முனை பிரதேச விவகாரம் பற்றிய பிரதமருடனான கலந்துரையாடலுக்கு குறித்த தொகுதியின் மக்கள் பிரதிநிதியாகிய எனக்கு எவ்வித அழைப்புக்களும் விடுக்கப்பட்டிருக்க வில்லை. நான் நேரடியாக பிரதமர் மஹிந்தவை சந்தித்து மக்களின் பிரச்சினையை பற்றி தெளிவாக விளக்கியவுடன் அன்று மாலை என்னையும் கூட்டத்தில் கலந்துகொள்ளுமாறும் அதற்கான ஏற்பாடுகளை தான் செய்வதாகவும் வாக்குறுதியளித்தார். அதன் பிரகாரமே நான் அக்கூட்டத்திற்க்கு சென்று வரவேற்பறையில் காத்திருந்தேன். அங்கு கலந்து கொண்டிருந்த முக்கிய பிரமுகர்கள் பலரும் அதிருப்

Sri Lanka COSMI Founder President appointed to London’s Peace Institute

The Founder President of Sri Lanka’s  Confederation of Micro, Small and Medium Industries (COSMI) has been appointed as the Co-Chairperson of the   London based Global Peace Institute (GPI)   which conducts interdisciplinary research in several thematic fields including international relations and politics. By this high profile appointment made on 15 January, GPI seeks COSMI  Founder President Nawaz Rajabdeen’s  contributions to improve its training and research efforts. GPI is a think tank run by the UK based Global Peace Ins. (GPI) CIC, an independent non-profit, non-governmental organization. GPI works for global peace and resilience through peace education, dialogue, training, creating awareness and research. COSMI  Founder President Rajabdeen, as an honorary member, is also tasked by GPI to  promote its programs, add value to research work, and also will be required to attend various GPI events. “I am thankful to GPI for enlisting me for their ongoing and vast efforts” sa

மைத்திரிபால ஒரு புத்திஜீவியாகவோ, அறிஞராகவோ அவருடைய ஆட்சிக் காலத்தில் செயற்படவில்லை.

சிறுபான்மையினரின் வாக்குகளே பிரதமர் யார் என்பதை தீர்மானிக்கும் ! சஜீத் − ரணில் பிரச்சினை கூட்டனிக்கு பாதிப்பில்லை !! நான் நிரபராதி என்பதை சிங்கள மக்கள் உணர்வர் !!! ஆட்சியில் இணையுமாறு அழைப்பு வந்தால் தீர்மானிக்கலாம் !!!! அகில இலங்கை மக்கள் காங்கிரஸ் தேசியத் தலைவர் ரிஷாத் பதியுதீன் பி.பி.சிக்கு பரபரப்பு பேட்டி.... அப் பேட்டியில் அவர் மேலும் தெரிவித்துள்ளதாவது...; கேள்வி: தற்போது நாடாளுமன்றத்தில் அங்கம் வகிக்கும் முஸ்லிம் தலைவர்களை தமது அரசாங்கத்தில் சேர்த்துக் கொள்வதில்லை என்றுகூறி ஆளுந்தரப்பு நிராகரித்திருப்பது பற்றி என்ன நினைக்கிறீர்கள்? பதில்: ஆளுங்கட்சியில்தான் இருக்க வேண்டும் என்கிற நிலைப்பாட்டுடன் நாம் அரசியல் செய்யவில்லை. கடந்த ஜனாதிபதி தேர்தலில் கோட்டாபய ராஜபக்ஷவுக்கு கிடைத்த 69 லட்சம் வாக்குகளை எதிர்வரும் பொதுத் தேர்தலில் மஹிந்த ராஜபக்ஷ அணியினர் ஒட்டுமொத்தமாகப் பெற்றாலும், அவற்றினைக் கொண்டு நாடாளுமன்றத்திலுள்ள 225 ஆசனங்களில் 105 ஆசனங்களை மட்டுமே கைப்பற்ற முடியும். அதேவேளை, எதிர்த்தரப்பினருக்கு 119 ஆசனங்கள் கிடைக்கும். எனவே, எதிர்வரும் பொதுத் தேர்தல் சவ