(මිනුවන්ගොඩ - අයි. ඒ. කාදිර් ඛාන්)
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන දේශීය හා විදේශීය මගීන්ගෙන්, කටුනායක ප්‍රදේශයේ මාර්ග තදබදය වළක්වා ගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපළ දෙසට විශේෂ මාර්ගයක් ඉදිකිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව, රුපියල් මිලියන 600 ක පමණ වියදමින් මෙම නව මාර්ගය ඉදිකරන බව, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
කැබිනට් තීරණ ප්‍රකාශ කරන මාධ්‍ය හමුවක් තොරතුරු දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි. ඔහු තවදුරටත් කියා සිටියේ,
ගුවන්තොටුපළට පැයෙන් පැයට අති විශාල මගීන් පිරිසක් පැමිණෙන හේතුවෙන්, අධික වාහන තදබදයක් සිදුවනු ඇත. මේ හේතුවෙන්, වෙනත් සංචාරකයින්ට ද දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස විකල්ප මාර්ගයක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩලය අවසර ලබාගෙන තිබුණි.
මේ අනුව, ආයෝජන මණ්ඩලය හා මිනුවන්ගොඩ හරහා කටුනායක ගුවන්තොටුපළට පිවිසෙන මාර්ග දෙක සම්බන්ධ කරගෙන මෙම මාර්ගය සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බව ඔහු පැවසීය.
Post a Comment