BREAKING NEWS

රජයේ බදු සහන ප්‍රතිලාභ ජනතාවට

මිනුවන්ගොඩ - අයි. ඒ. කාදිර් ඛාන්)

    රජයේ බදු සහන ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ අරමුණින් භාණ්ඩ 15,000 කට වැඩි ප්‍රමාණයක මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව, පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
    භාණ්ඩ නිෂ්පාදනය හා ආනයනය කරන සමාගම් සියයකට අධික සංඛ්‍යාවක් මෙම මිල අඩු කිරීම පිළිබඳව ලිඛිතව අධිකාරියට දැනුම් දී ඇත.  ඒ අනුව, පාරිභෝගික කටයුතු අධිකාරිය මෙම නිෂ්පාදනවල නම් සහ මිල පිළිබඳ විශේෂ විශ්ලේෂණයක් දැනටමත් ආරම්භ කර තිබේ.
    එබැවින්, නිෂ්පාදනවල නම් සහ මිල ගණන් පිළිබඳව පාරිභෝගිකයාට හැකි ඉක්මනින් පුවත්පත් මගින්  දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය, අදාළ සමාගම්වලින් ඉල්ලා ඇත.
    රජයේ බදු සහන ප්‍රතිපත්තිවලට අනුකූලව ඉදිකිරීම්, ආහාර, ළමා නිෂ්පාදන, ආලේපන සහ විදුලි උපකරණ ඇතුළු විවිධ භාණ්ඩවල මිල අඩු කිරීමට නියමිතය.
    මීට පෙර පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් කිරි පිටි සහ සිමෙන්ති සඳහා මිල අඩු කිරීමට පියවර ගෙන තිබුණි.
    එසේම, පසුගිය වසරේ දෙසැම්බර් පළමු දින සිට වැට් බද්ද සියයට 8 කින් අඩු කිරීම සහ ජාතික ඉදිකිරීම් බද්ද ඉවත් කිරීම යන ප්‍රතිලාභ පාරිභෝගිකයා වෙත ළඟා වී ඇත්දැයි සොයා බැලීමට, පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.
    එසේම, පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයක් පිහිටුවීමට ද පියවර ගෙන තිබේ.

Share this:

Post a Comment

 
Copyright © 2022 Al Jazeera Lanka. Template Designed by Themes - Videopiar