Skip to main content

මා #දන්නා #බැසිල්


Kiriella
#මා #දන්නා #බැසිල්

මේ දිනවල බැසිල් රාජපක්ෂ මහතා ගැන විවිධාකාරයෙන් කතාබහට ලක්වෙමින් තිබේ. බහුතර පිරිසක් ඔහු අද හෙටම දිවයිනට පැමිණේ යයි දැඩි බලාපොරොත්තු සහගතව සිටිති. මධ්‍යස්ථ පිරිස් පවා ඔහු නැතිව "බොහෝ වැඩ නතර වී ඇත යන්න හෝ මන්දගාමී වී ඇත" යන්න කියති. ඔහුගේ පැමිණීම බාධාවක් වන සුලු පිරිසක් " ඔහු නොඑනවානම් හොඳයයි" ඒත්තු ගැන්වීමට අසාර්ථක උත්සාහයක නිරත වෙමින් සිටිති. මෙවන් කරුණු දැක්වීමක් කල යුතුයයි මම තීරණය කලේ මේ කරුණු කාරණා නිසාමය.

බැසිල් රාජපක්ෂ චරිතය ගැන ගුණ අගුණ කතා කරන්නට යම් පුළුල් දැනුමක් මටද තිබේ යයි මම සිතමි. ඒ 2004 වසරේ සිට එතුමාගේ උපදෙස් යටතේ සේවය කර, එතුමාගේ ගති පැවතුම් සහ සිතිවිලි හඳුනාගත් නිසාමය.

විවිධාකර උගත්කම්, දක්ෂකම්, සමත්කම්, නිර්මාණශීලී හැකියවන්, නායකත්ව ලක්ෂණ ඇති මිනිස්සු සිටිති. ඒත් ඔවුන් එවැනි අංශ එකකට, දෙකකට හෝ කීපයකට සීමා වෙති. නමුත් බැසිල් රාජපක්ෂ යනු අංශ ගණනාවකින්ම පරිනත වූ, අගතැන් පත්වූ අයෙකි. අන් කාටවත් නොහැකි වූ තරමට නිම් ඉම් සොයා ගිය කෙනෙකි. එවැනි වූ විවිධ දක්ෂතා වලදී
ඔහුට සම කරන්නට තවත් කිසිවෙක් මම නම් නොදනිමි.

එතරම් මතක ශක්තියක් ඇති කෙනෙක්, සෑම ප්‍රශ්නයකටම, ගැටළුවකටම සාර්ථක සෘජු උත්තරයක් ඇති කෙනෙක්, ක්ෂණිකව ඉදිරිපත් කරන වැරදි තර්ක විතර්කවලදී වුව උදාහරණ සහිතව හරි දේ, විය යුතු දේ ප්‍රතිවාදියාට ඒත්තු ගැන්වීමට සමත් කෙනෙක්, යමක් අලුතෙන් උගන්වන්නට තමා සොයා ආ මහා වියතුන්ටත් අලුතෙන්‍ යමක් උගන්වා, අලුතෙන් හිතන්නට පුරුදුකර යවන කෙනෙක්, පිලිගැනීමට නොහැකි ප්‍රායෝගික නොවන වැඩසටහන් ඉදිරිපත් කරන අයට ප්‍රායෝගික වන හැටි උගන්වන කෙනෙක්,  ඔහු හැර මමනම් නොදනිමි.

විවිධ සහතික වලින් වියත්බවේ පරතෙරටම ගිය අය සිටිති. එනිසාම ඔවුන් තනතුරු වගකීම් දැරීමට සුදුස්සෝ යයි මතයක් තිබේ. ඔවුන්ද එසේ සිතා සිටිති. ඒත් වැඩක් කරන්නට ගිය විට ඔවුන්ගෙන් සමහරෙක් සම්පූර්ණයෙන්ම අසාර්ථකය. සමහරු උඩින් පල්ලෙන් අතගා වැඩේ හරි යයි සතුටු වෙති.

වැඩ දන්නවා කියා සිතන අයටත්, වියත් වූ පලියටම වැඩකල හැක්කේ ඔවුන්ට පමණයි කියා සිතා සිටින අයටත් බැසිල් රාජපක්ෂ මැතිදුන්ගෙන් බොහෝ දේ ඉගෙන ගත හැකිය. එසේ වූ අවස්ථා එමටය.

මිනිස්සු දියුණු මතක ශක්තියකින් යුතු සත්ව වර්ගයක් නිසා මහත් මතක ශක්තියක් තිබේ. ඒත් එක් දිනකට ලිපිගොණු සිය ගණනක් පරිහරණය කරන අයෙක් වසර පහ හයකට පෙර තම අතට ලැබුණු ලිපිගොණුවක තිබූ අන්තර්ගතය පමණක් නොව, එහි හැඩය, වර්ණය පවා කියන්නට සමත්වේනම්, දිනකට රැස්වීම්, සාකච්චා, පුද්ගල හමුවීම් විස්සකට තිහකට සහභාගි වන අයෙක් ඉන් ඕනෑම එකක අන්තර්ගතය ගැන වසර ගණනකට පසුව වුව මතකය අවදි කරන්නට සමත් නම් ඔහු සුවිශේෂී පුද්ගලයෙකි. බැසිල් රාජපක්ෂ යනු මා දුටු එවැනි හැකියාවක් ඇති එකම එක පුද්ගලයාය.

සංවිධාන ශක්තිය පැත්තෙන් බලද්දී ඔහු එතරම්ම සැලසුම් සහගතය. මහා විශාල ව්‍යාපෘතිකදී පමණක් නොව, දෙතුන් දෙනෙකුගේ පුංචි සාකච්චාවකදීත් ඒ පිලිඹඳව පුද්ගලිකව අවධානය යොමුකර සොයාබැලූම, සැලසුම් සහගත වීම, සමහරුන් "එය මගේ රාජකාරියක් නොවේ, ඒ ගැන මම මැදිහත් වියයුතු නැතැ"යි සිතා මගහරින දේ පවා සොයා බලා සංවිධානය කිරීම,  ප්‍රායෝගිකවම පූර්ව විපරම, පසු විපරම මේ සියල්ල එතුමාගේ දෛනික සියලු කටයුතුවල අන්තර්ගතමය.

තවත් කෙනෙකුගේ බලපෑමට යටත් වී, එසේ නැතහොත් හිතට මුලුමනින් එකඟ නැතත් තවත් පාර්ෂවයක හෝ පාර්ෂවවල ඉල්ලීම්වලට කන්දී, කරන්නට සිදුවූ සමහර දේවල් හැර, සියයට සියයක් සිය කැමැත්තෙන් කල කිසිදු දෙයකදී එතුමා වරද්දාගත් බවක් මා දන්නේ නැත. එවනි දේ ගැන යම් අවලාදයක් ඇසුවේනම් ඒ ඇසුවේ තම පූර්ණ කැමැත්ත රහිතව කරන්නට සිදුවූ කටයුතු වලදීමය.

2015 දක්වා ආණ්ඩු කරද්දී "බොහෝ මැති ඇමතිවරුන්ගේ විෂයය පථයන්ට ඇඟිලි ගසා ඔවුන්ට ඒවා කරන්නට නොදී පවරා ගත්තේය" යනු එතුමාට නැගුණු එක් චෝදනාවකි.
ඒ ව්‍යාපෘති ඒ ඒ ඇමතිවරුන්ගේ විෂයයන් වුවත්, රටට අත්‍යාවශ්‍ය වූ, වහා නිමකල යුතුවූ ඒවා වුවත්, ඒවා ක්‍රියාත්මක කරන්නට තියා ඒ ගැන හිතන්නටවත් ඒ මැති ඇමතිවරු අසමත්ව සිටියේනම්, යුතුකමක් ලෙස ඒවා පෙන්වා දී සාකච්චා පවත්වා ඒ ඒ මැති ඇමතිවරුන්ගේ මූලිකත්වයෙන් කමිටුද පිහිටුවා, අවශ්‍ය මුදල් ප්‍රතිපාදනය වෙන්කර දෙද්දීත් ක්‍රියාත්මක කරන්නේ නැත්තම් හෝ මංදගාමීව සිදුවන්නේ නම් ඒවා ඉටු කිරීමේ වගකීම දැරීම හැර වෙනත් විකල්පයක් සුදුසු වන්නේ නැත. එතුමා කලේ ඒ ටිකය.

සාමාන්‍ය පාලමක් පවා ඉදිකරන්නට අවුරුදු ගණන් ගත කරද්දී, නුගේගොඩ ගුවන්පාලම වැනි දේ මාස තුනකින් පමණ නිමවුනේත්, ත්‍රස්තවාදය නිසා මුලුමනින් විනාස වී තිබූ නැගෙනහිරත්, උතුරත් ඉතා කෙටි කලකින් සංවර්ධනය වුනේත්, මාර්ග පද්ධතිය, වාරිමාර්ග පද්ධතිය වේගවත් සංවර්ධනයක් වුනේත්, සරලම කරුණු සලකා බැලීමේදී වසර ගනණක් වැසිකිලි පහසුකම් නොතිබූ පාසැල්වලට ක්ෂණිකව වැසිකිලි පහසුකම් ලැබුනේත් ඒ වේගවත් වැඩපිළිවෙළල් නිසාමය.

අවතැන් ප්‍රදේශයක්ව පැවති සාම්පූර් මුදාගැනීමෙන් පසු මාර්ග පද්ධතිය සකස් කිරීමත්, කඩිනමින් විදුලිය ලබාදීමත් අවශ්‍යව තිබුණි. මගේ මතකයේ හැටියට ඒ හදිසි අවස්ථාවේ විදුලිබල අමාත්‍යවරයාත්, නියෝජ්‍ය අමාත්‍යතුමියත් දිවයිනේ සිටියේ නැත. අවශ්‍ය විදුලි ජනක යන්ත්‍ර, ට්‍රාන්ස්පෝමර් රටේ තිබුනේ නැත. අදාල අංශ ලවා ක්ෂණික ඒවා ඇනවුම් කරවා, දිවයිනව ගෙන්වා, සාම්පූර් වෙත යවා, පුද්ගලිකව ම අධීක්ෂණය කර, දින කීපයක් තුල විදුලිය ලබාදුන්නේ එතුමාගේ සංවිධාන ශක්තියත්, ඒ සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කරවූ සංවිධාන ජාලයත් නිසාමය.

පක්ෂයක ජාතික සංවිධායකවරයා යනු එම පක්ෂවල බොහෝ ඉහල ක්‍රියාකාරීන් පවා තමන්ට මහත් හිසරදයක් සේ සිතන තනතුරකි. ඊර්ෂ්‍යා කාරයෝ වැඩිය. "ඔහු වැඩ මවන්නෙකි. මහා කරදරකාරයෙකි. " එසේ සිතන අය එමටය. සමහරු හිතන්නේ රැස්වීම් ටිකක් තියා හයියෙන් කෑගැසූ තරමින් සියල්ල සංවිධානය වන බවය. ප්‍රායෝගික වැඩසටහන් අනුමත කරන අයට වඩා මඟ හැරීමට උත්සාහ කරන අය එමටය. කම්මැලියෝ එමටය. කඩාකප්පල් කිරීමට උත්සාහ කරන අයද නැත්තේ නොවේ. බැසිල් රාජපක්ෂ යනු ඒ ජාතික සංවිධායක වරුන් අතරද මහා වැඩකාරයාය. එනිසා ඉහත සෑම අභියෝගයකටම එතුමාටද මුහුණ දෙන්නට සිදුවිය. 

අන් අය විසින් හෝ කණ්ඩායම් විසින් කරන අතපසුවීම්, වැරදි, අඩුලුහුඬුකම් ආදීයේදීද වගකීම බාරගන්නට සිදුවන්නේ ජාතික සංවිධායක වරයාටය. බැසිල් රාජපක්ෂ මහතාටද එසේ කිරීමට සිදුවිය. ඒ නිසාම ඔහු දැඩි අවලාද වලටද ලක්වූ අවස්ථා තිබේ. ඒත් එතුමා ඇත්ත හෙලි නොකර තමාම නිහතමානීව ඒ වැරදි බාරගත්තේය. එය නායකත්වයේ මහ‍ගු ලක්ෂණයකි.

දත්ත හා තොරතුරු වලින් සන්නද්ධ වීම හා යාවත්කාළීන වීම අතින් ඔහු අභිබවා යාමට කිසිවෙකුත් සමත් වේයයි මම නොසිතමි. පුද්ගලික සාකච්චාවක් පැවැත්වුවද, කණ්ඩායම් සාකච්චාවක් පැවැත්වුවද, දත්ත හා තොරතුරු අවශ්‍ය වන සෑම කටයුත්තකදීම ඔහු සහභාගිවුනේ මතකයේ තිබෙන තොරතුරු පද්ධතියට අමතරව, සෑම ලිඛිත දත්තයක්මද ඇතිවය. එවැනි අවස්ථා වලට සහභාගිවන දේශපාලඥයින් වේවා, නිලධාරින් හෝ කුමන හෝ තරාතිරමක අයෙක් වේවා ආපසු ගියේ අලුතෙන් යමක් මනසට එකතුකරගන වගේම බොහෝ අවස්ථාවල ඉතා වැඩදායක ලිපිගොණුවක්ද අතැතිවය.

තම විෂයයට සූදානම්ව නොපැමිණි සැමට එතුමාත්, අදාල සභාවත් ඉදිරියේ හෑල්ලුවන්නට සිදු නොවුනා නොවේ. එනිසාම ඔවුන් ඊලඟ වර එන්නේ පූර්ව සූදානමකින් සහ ප්‍රගති වාර්ථාද අතැතිවය. මෙවැනි සාකච්චාවලට සහභාගිවන බොහෝ අය තම තමාට අයිති විෂයය පථයන්ට අයත්වන සමහර දේවල් දැනගන්නේත් එතුමාගේ දැනුවත් කිරීම් වලින් පසුවය. 

 සෑම වැඩක්ම හැකි ඉක්මනින් නිමකර ප්‍රගතිය අත්විඳීම ඔහු තුල ඇති පිපාසාවකි. ඉතා සුලු දේ සිට මහා විශාල දෙය දක්වාම එය එක සමානය. යමක් පැහැදිලි කරගැනීමට අවශ්‍ය විටෙක එවලේම එය නිරාකරණය කරගැනීමමට ඔහු සැමවිටම නොඉවසිලිමත්ය. එය රෑ මැදියම, පාන්දර, කියා වෙනසක් නැත.

බැරෑරුම් අවස්ථාවල ක්ෂණික ප්‍රතිඵලදායී තීන්දු තීරණ ගැනීමේදී එතුමා අභිබවා යාමට සමත් කෙනෙක් ගැන මම නොදනිමි. උදාහරණයක් ගෙන හැර දැක්වුවොත් පාර්ලිමේන්තුවේ බලය එජාපයට ලබාදීම සඳහා අනුර බණ්ඩාරනායක මැතිතුමා විපක්ෂයේ වාඩිවූ අවස්ථාව දැක්විය හැකිය. විවිධ දේශීය සහ විදේශීය බලපෑම් මත එදින ඊලඟට විපක්ෂයේ වාඩිවීමට සූදානම්ව සිටියේ තොන්ඩමන් අමාත්‍යතුමා  ප්‍රමුඛ කණ්ඩායමකි. එසේ වූයේනම් එදින ආණ්ඩුව බිඳ වැටෙන්නේය. ඒත් විනාඩි දහයකටත් අඩු කෙටි කාලයක් තුළදී  වහා ගනුලැබූ කාලෝචිත තීන්දු හා දැනුවත් කිරීම් තුලින් ආණ්ඩුව රැක ගැනීමට එතුමා සමත් විය.

බැසිල් රාජපක්ෂ මහතා දෛනික රාජකාරි සදහා සාමාන්‍යයෙන් උදේ කාර්‍යාලයට පැමිණෙන විටත් රට වටා වැදගත් මර්මස්ථානවල, වගකිවයුතු රාජ්‍ය ආයතනවල දත්ත වාර්ථා තම මේසයට ලැබී තිබෙන ලෙස සංවිධාන ජාලයක් එතුමා සකස් කර තිබුණේය. කාර්‍යාලයේ වැඩකරන වෙලාව උදේ සිට රාත්‍රි 11 පමණ දක්වාය. දවසේ වැඩ නිමවා පිටව යන්නේත් නිවසේදී බැලීමට තවත් ලිපිගොණු රාශියක් ඇතිවය. ඒවා එතුමා පැමිණීමටත් පෙර පසුදින උදේ කාර්‍යාලයට එන්නේ අදාල නිර්දේශ ද සහිතවය. ඊට සති අන්ත, නිවාඩු දින කියා වෙනසක් නැත. ඔහු එතරමිම වැඩ කිරීමටම උපන් අයෙකි.

 එතුමා කරන වැඩවල ප්‍රතිඵල බුක්ති විදින්නේ වෙනත් අයය. එතුමා හැදූ පිට්ටනිවල ඩෑස් පාරවල් ගහන්නේ වෙනත් අයය. ඒත් හදිසියේ වැස්සක් ඇදහැලී හෝ පිටිය මඩවුනොත් ඒක ශුද්ධ පවිත්‍ර කර දෙන්නට වන්නේත් එතුමාටය.
එනිසා වත්මන් පාලන තන්ත්‍රයේ වගකිවයුතු තැනක එතුමා සිටිය යුතුමය.
එතුමා නොවන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් නැත. එසේනම් වත්මන් ආණ්ඩුවක්ද මේ හැටි කඩිනමින් ලැබෙන්නේද නැත.

එතුමා පාර්ලිමේන්තුවට නැවත පැමිණිය යුතුමය. එය නොබෝ දිනකින් සඵල වනවා ඇත.

රංජිත් කිරිඇල්ල - 2020.02.01
collected by Mubarak Abdul Majeed

Comments

Popular posts from this blog

அதாவுல்லாவை புக‌ழும் ஹ‌ரீஸ்

ஒவ்வொரு நிமிடமும் நம்மை நோக்கி எறிகணைகள் வந்த வண்ணமே இருக்கிறது. நாங்கள் ஒற்றுமைப்பட்டு இனி செயலாற்ற முன்வர வேண்டும். அம்பாறை மாவட்டத்தில் உள்ள சகல அரசியல் கட்சி முக்கியஸ்தர்களும் ஒன்றிணைந்து எதிர்வரும் பொதுத்தேர்தலை சந்தித்து நாங்கள் ஒற்றுமையாக வாக்களித்தால் அம்பாறை மாவட்டத்தில் இருந்து ஐந்து முஸ்லிம் பாராளுமன்ற உறுப்பினர்கள் தெரிவாவார்கள் என ஸ்ரீலங்கா முஸ்லிம் காங்கிரஸின் பிரதித்தலைவரும் முன்னாள் இராஜாங்க அமைச்சருமான சட்டத்தரணி  எச்.எம்.எம்.ஹரீஸ் தெரிவித்தார்.

 தொடர்ந்தும் அங்கு பேசும் போது,

கல்முனை பிரதேச விவகாரம் பற்றிய பிரதமருடனான கலந்துரையாடலுக்கு குறித்த தொகுதியின் மக்கள் பிரதிநிதியாகிய எனக்கு எவ்வித அழைப்புக்களும் விடுக்கப்பட்டிருக்க வில்லை. நான் நேரடியாக பிரதமர் மஹிந்தவை சந்தித்து மக்களின் பிரச்சினையை பற்றி தெளிவாக விளக்கியவுடன் அன்று மாலை என்னையும் கூட்டத்தில் கலந்துகொள்ளுமாறும் அதற்கான ஏற்பாடுகளை தான் செய்வதாகவும் வாக்குறுதியளித்தார். அதன் பிரகாரமே நான் அக்கூட்டத்திற்க்கு சென்று வரவேற்பறையில் காத்திருந்தேன். அங்கு கலந்து கொண்டிருந்த முக்கிய பிரமுகர்கள் பலரும் அதிருப்தியுடன…

Sri Lanka COSMI Founder President appointed to London’s Peace Institute

The Founder President of Sri Lanka’s Confederation of Micro, Small and Medium Industries (COSMI) has been appointed as the Co-Chairperson of theLondon based Global Peace Institute (GPI)which conducts interdisciplinary research in several thematic fields including international relations and politics. By this high profile appointment made on 15 January, GPI seeks COSMI Founder President Nawaz Rajabdeen’s contributions to improve its training and research efforts. GPI is a think tank run by the UK based Global Peace Ins. (GPI) CIC, an independent non-profit, non-governmental organization. GPI works for global peace and resilience through peace education, dialogue, training, creating awareness and research. COSMI Founder President Rajabdeen, as an honorary member, is also tasked by GPI to promote its programs, add value to research work, and also will be required to attend various GPI events. “I am thankful to GPI for enlisting me for their ongoing and vast efforts” said COSMI Founder Pres…

மைத்திரிபால ஒரு புத்திஜீவியாகவோ, அறிஞராகவோ அவருடைய ஆட்சிக் காலத்தில் செயற்படவில்லை.

சிறுபான்மையினரின் வாக்குகளே
பிரதமர் யார் என்பதை தீர்மானிக்கும் !

சஜீத் − ரணில் பிரச்சினை
கூட்டனிக்கு பாதிப்பில்லை !!

நான் நிரபராதி என்பதை
சிங்கள மக்கள் உணர்வர் !!!

ஆட்சியில் இணையுமாறு அழைப்பு
வந்தால் தீர்மானிக்கலாம் !!!!

அகில இலங்கை மக்கள் காங்கிரஸ் தேசியத் தலைவர் ரிஷாத் பதியுதீன் பி.பி.சிக்கு பரபரப்பு பேட்டி....

அப் பேட்டியில் அவர் மேலும் தெரிவித்துள்ளதாவது...;

கேள்வி:
தற்போது நாடாளுமன்றத்தில் அங்கம் வகிக்கும் முஸ்லிம் தலைவர்களை தமது அரசாங்கத்தில் சேர்த்துக் கொள்வதில்லை என்றுகூறி ஆளுந்தரப்பு நிராகரித்திருப்பது பற்றி என்ன நினைக்கிறீர்கள்?

பதில்:
ஆளுங்கட்சியில்தான் இருக்க வேண்டும் என்கிற நிலைப்பாட்டுடன் நாம் அரசியல் செய்யவில்லை.

கடந்த ஜனாதிபதி தேர்தலில் கோட்டாபய ராஜபக்ஷவுக்கு கிடைத்த 69 லட்சம் வாக்குகளை எதிர்வரும் பொதுத் தேர்தலில் மஹிந்த ராஜபக்ஷ அணியினர் ஒட்டுமொத்தமாகப் பெற்றாலும், அவற்றினைக் கொண்டு நாடாளுமன்றத்திலுள்ள 225 ஆசனங்களில் 105 ஆசனங்களை மட்டுமே கைப்பற்ற முடியும். அதேவேளை, எதிர்த்தரப்பினருக்கு 119 ஆசனங்கள் கிடைக்கும். எனவே, எதிர்வரும் பொதுத் தேர்தல் சவால் மிகுந்ததாகவே அமையும்…