ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි නිවේදක ඒ.ආර්.එම්. ජිෆ්රි මහතා අභාවප්‍රාප්තවිය
Posted by aljazeeralanka.com on January 21, 2020 in | Comments : 0
(මිනුවන්ගොඩ - අයි. ඒ. කාදිර් ඛාන්)
ජ්‍යෙෂ්ඨ නිවේදක සහ මාධ්‍යවේදී අල් හාජ් ඒ.ආර්.එම්. ජිෆ්රි මහතා, සිය 60 වැනි වයසේ දී අභාවප්‍රාප්ත විය.
කල්මුණේ, මරුදමුණේ හිදී උපත ලැබූ ඔහු, (20) සඳුදා රාත්‍රි 11 .30 ට පමණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
කල්මුණේ හි උවෙස්ලි උසස් පාසලේ අධ්‍යාපනය ලැබූ ඔහු, කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ ඩිප්ලෝමා උපාධියක් ලබා ඇති විශිෂ්ට විද්‍යා ගුරුවරයෙකි.
ඔහු, පානදුර හේනමුල්ල ජීලාන් මධ්‍යම විද්‍යාලය, තොටවත්ත අල් ෆහ්රියියා පාසල, සහ කළුතර විද්‍යාලවල විදුහල්පති ලෙස ද සේවය කළේය.
ඔහු, රටපුරා තේරී පත් වූ විදුහල්පතිවරුන් දස දෙනාගෙන් එක් අයෙකු ලෙස තේරී පත්වූ කෙනෙකි.
ඒ.ආර්.එම්. ජිෆ්රි මහතා, ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ප්‍රියතම නිවේදකයා වන අතර, ඇල්ලී ආයතනයේ “හෙලෝ ඔබේ කැමැත්ත”, ෆාහිම්ගේ “විදේශීය සංචාරය” සහ “දැනුම මිනුම” වැනි වැඩ සටහන් මාලාවල ප්‍රවීණ නිවේදකයෙකු ලෙස කටයුතු කළ ජිෆ්රි මහතා, රට පුරා ජාතික හා විද්‍යාත්මක විෂයයන් උගන්වමින් සිටි අයෙකු වේ.
ඔහු, ජාතික ගුවන් විදුලියේ හොඳම ප්රවෘත්ති කියවන්නා සහ දිගු කලක් ශ්‍රී ලංකා රූපවාහිණි සංස්ථාවේ හොදම ප්රවෘත්ති කියවන්නා ද වේ. ඊට අමතරව, ඔහු පුවත්පත් කලාවට ද දායක විය.
ඒ.ආර්.එම්. ජිෆ්රි මහතාගේ අවසන් කටයුතු, (21) අගහරුවාදා පස්වරු 7.00 ට, සායින්දමරුදු අක්බර් මුස්ලිම් ජුම්මා පල්ලියේ (දේවස්ථානයේ) සුසාන භූමියේ දී සිදුකෙරුණි.
(අයි.ඒ. කාදිර් ඛාන්)
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment