(මිනුවන්ගොඩ - අයි. ඒ. කාදිර් ඛාන්)
කොරෝනා වයිරසයේ බෝවන රෝගයට මුහුණ දෙමින් සියලුම පළාත් ආවරණය වන පරිදි රෝහල් 12 ක් සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පැවසුවේ, බෝවන රෝග සඳහා වූ ජාතික රෝහල (IDH), කොළඹ උතුර, ගම්පහ, රත්නපුර, බදුල්ල සහ කරාපිටිය ඇතුළු රෝහල් 12 ක් මේ සඳහා සූදානම් කර ඇති බවයි.
ඒ අතරම, කොරෝනා වයිරස් ආසාදනය වැළැක්විය හැකි ආකාරය පිළිබඳ පත්‍රිකාවක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස, අධ්‍යපන අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
(අයි. ඒ. කාදිර් ඛාන්)
Post a Comment