මත්ද්‍රව්‍යය භාවිතයෙන් ළමුන් ආරක්ෂා කර ගැනීම දෙමාපියන්ට වගකීමක් - මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති



( මිනුවන්ගොඩ - අයි. ඒ. කාදිර් ඛාන් )

   මිනුවන්ගොඩ පොලිස් වසම් තුළ හෙරෝයින් ඇතුළු  මත්ද්‍රව්‍යය භාවිතය මේ වෙනතුරු වැඩි වෙමින් පවතින බවත්, මෙම භාවිතයට පාසල් ළමුන් වැඩි පිරිසක් ඇබ්බැහිවී ඇති බැවින් මේ ව්‍යාප්තිය අවම කිරීමට සියළුම දෙමාපියන් මෙම භයානක අනතුරින්  තමන්ගේ පාසල් දරුවන් ආරක්ෂා කළ යුතු බවත්,  මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. රොහාන් මහේෂ් මහතා පැවසීය.
   ඒ මහතා එසේ පැවසුවේ  මිනුවන්ගොඩ, බුරුල්ලපිටිය මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී (01) සිකුරාදා පැවති 2019 - ගුරු දෙගුරු මහා සභා රැස්වීම අමතමිණි.
   විද්‍යාලීය විදුහල්පතිනි ඩී. ශීලා සුබසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී වැඩි දුරටත් රොහාන් මහේෂ් මහතා මෙසේද කීය.
   මේ වනවිටත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ හෙරෝයින් ඇතුළු මත්ද්‍රව්‍යය භාවිතය වැඩි වෙමින් පවතිනවා. එමනිසා,  මෙම ව්‍යාප්තිය මෙම ප්‍රදේශයෙන් හැකි ඉක්මණින්  අවම කිරීමට අපි සියළුම දෙනා එක්විය යුතුයි. 2018 වසරට අදාළව සිදු කළ ජාතික සමීක්ෂණය අනුව, වයස 14 ට වැඩි තරුණයන් අනූදහසකට අධික පිරිසක් හෙරෝයින් භාවිතා කරන බවට අනාවරණය වෙලා තිබෙනවා. 
   එමෙන්ම, ලක්ෂ තුනකට වැඩි පිරිසක් ගංජා භාවිතා කරනවා. දිනපතා හෙරෝයින් භාවිතා කරන්නන් හැත්තෑ දහකට අධිකයි. දෛනිකව ගංජා භාවිත කරන්නන් ලක්ෂයකට වැඩි පිරිසක් සිටිනවා. මේ තොරතුරුවලට අනුව, ලක්ෂයකට වැඩි පිරිසක් හෙරෝයින් භාවිතා කරනවා. 
   මොවුන් ඉන් නිදහස් කර ගැනීම දැඩි සමාජමය අවශ්‍යතාවක්. මේ ගැන අපිට බරපතළ ප්‍රශ්න තිබෙනවා. එම නිසා, මේ සදහා කඩිනමින් දෙමාපියන් මැදිහත් විය යුතුයි. 
   අද අප රටේ සමාජයේ ඉතිරි පුද්ගලයන්ට බරපතළ අසාධාරණ සිදුවෙනවා. සොරකම්, කාන්තා හිංසනයන් සිදුවෙනවා. මෙය ජාතික ප්‍රශ්නයක් විදිහට දෙමාපියන් ඇතුළු සියළුම දෙනාම මේ ගැන අවධානය යොමු කළ යුතුයි.

Comments

popular posts

எட்டியாந்தோட்டை சம்பவம்; மஹிந்த அதிரடி உத்தரவு!

காலி, இரத்தினபுரி மாவட்டங்களில் இரு பள்ளிவாசல்கள் மீது தாக்குதல் ; இருவர் கைது

மொத்தமாக 4 நியமனங்கள் ஜனாதிபதி யால் வழங்கப்பட்டது.