දේශපාලකයන්ට අපහාස කරන බීමත් පුද්ගලයන්ගෙන් දුම්රිය මගීන්ට හිරිහැර



( මිනුවන්ගොඩ - අයි. ඒ. කාදිර් ඛාන් )
 
   ගම්පහ දිස්ත්‍රික්කයේ දුම්රිය පොළවල්වල දේශපාලකයන්ට අපහාස කරන ඇතැම් පුද්ගලයන් නිසා මගීන් හිරිහැරවලට ලක්වන බව මගී ජනතාව පවසති.
   මීරිගම, වේයන්ගොඩ, ගම්පහ, රාගම, කැළණිය, ජා - ඇල, කටුනායක, මීගමුව දුම්රිය පොළවලත්, දුම්රිය තුළත් එහා මෙහා යමින් දේශපාලකයන්ට අපහාස කරන බීමත් පුද්ගලයෝ මේ දිනවල මෙසේ මගීන්ට හිරිහැර සිදුවන ආකාරයට හැසිරෙන බවත් ඔවුහු පෙන්වා දෙති.
   මෙම පුද්ගලයන් ජනාධිපතිවරණ අපේක්ෂකයන්වන සජිත් ප්‍රේමදාස සහ ගෝඪාභය රාජපක්ෂ යන මහත්වරුන්ට  අපහාස කරමින්, මෙම දුම්රිය පොළවලත් දුම්රිය තුළත් එහා මෙහා ඇවිදමින් මගී ජනතාවට මෙසේ හිරිහැර කරති. 
   එම නිසා, මගී ජනතාවට සිදුවන  මෙම හිරිහැර හැකි ඉක්මණින්  නවතාලන මෙන් මගීහු අදාළ බලධාරීන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිති.

Comments

popular posts

எட்டியாந்தோட்டை சம்பவம்; மஹிந்த அதிரடி உத்தரவு!

காலி, இரத்தினபுரி மாவட்டங்களில் இரு பள்ளிவாசல்கள் மீது தாக்குதல் ; இருவர் கைது

மொத்தமாக 4 நியமனங்கள் ஜனாதிபதி யால் வழங்கப்பட்டது.