BREAKING NEWS

ශ්‍රී පාද වන්දනා සමයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය තහනම්


( මිනුවන්ගොඩ - අයි. ඒ. කාදිර් ඛාන් )

   දෙසැම්බර් මස 11 වන දින උදුවප් පොහෝ දින 2019 - 2020 ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන බවත්, මෙම වන්දනා සමයේදී මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය තහනම් කිරීමටත් පොලිතින් භාවිතය අවම කිරීමටත් පියවර ගෙන ඇති බවත් වාර්තාවේ.
   පොලිතින් භාවිතය අවම කිරීම සදහා වන්දනා කරුවන්ට නොමිලේ ගමන් මල්ලක් ලබාදීමටත් එම ගමන් මල්ල ශ්‍රී පාද කරුණා කිරීමෙන් අනතුරුව යළිත් ලබාගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමටද, පරිසරයට ප්ලාස්ටික් වතුර බෝතල් බැහැර කිරීම අවම කිරීම සදහා වතුර බෝතල් ලීටරයකින් ඉහළ වතුර බෝතල්   පමණක් අලෙවි කිරීමටද එකගතාවක් ඇති විය.
   මේඅතර, මෙවර ශ්‍රී පාද වන්දනා සමයේදී නල්ලතන්නිය සිට ශ්‍රී පාද උඩමළුව දක්වා දුම්වැටි අලෙවි නොකිරීමට නල්ලතන්නිය වෙළෙඳ සංගමය තීරණය කර ඇත.
   පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහ විහාරයේ අවාරයේ තැන්පත් කර තිබෙන සධාතුක කරඩුව සමන් දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ පැල්මඩුල්ලේ සිට ශ්‍රී පාද මළුව දක්වා දෙසැම්බර් මස 10 වන දින රාජ්‍ය අනුග්‍රහය ඇතිව පෙරහර තුනක් මගින් වඩම්මවන බව ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ප්‍රකාශ කර සිටියහ.

( මිනුවන්ගොඩ - අයි. ඒ. කාදිර් ඛාන් )

Share this:

Post a Comment

 
Copyright © 2022 Al Jazeera Lanka. Template Designed by Themes - Videopiar