ගම්පහ නිදහස් වෙළෙඳ කලාපවලට ඡන්ද මධ්‍යස්ථාන ලබා දෙන්න

ගම්පහ නිදහස් වෙළෙඳ කලාපවලට ඡන්ද මධ්‍යස්ථාන ලබා දෙන්න 

( මිනුවන්ගොඩ - අයි. ඒ. කාදිර් ඛාන් )

   ගම්පහ දිස්ත්‍රික්කයේ නිදහස් වෙළෙඳ කලාපවල ලක්ෂයකට අධික සේවක සේවිකාවන් පිරිසක් සේවය කරන බවත්, මොවුන් වෙනුවෙන් කලාප ආශ්‍රිතව ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවා දෙන ලෙසත්, මැතිවරණ කොමිෂන් සභාවෙන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කර ඇත.
කලාපවල සේවය කරන අති බහුතර සේවක පිරිස ඈත ගම්දනව්වලින් පැමිණි කලාප ආශ්‍රිතව නැවතී සේවය කරන බවත්, ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට යාම සදහා නිවාඩු දුන්නත් ඔවුන් නොයන්නේ, ලබාදෙන නිවාඩු ඔවුන්ට ප්‍රමාණවත් නොවීම නිසා බවත් එම සංවිධානය පෙන්වා දෙයි. 
   එම නිසා, ඔවුන්ගේ ඡන්ද අයිතීන් වෙනුවෙන් එක් කලාපයකට එකක් හෝ කිහිපයක් බැගින් ඡන්ද පොළවල් ආරම්භ කිරීම, විශාල පිරිසකට තම මතය පළ කිරීමට අවස්ථාවක් ලබාදීමක් වන බවත්, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධ්කාරක මංජුල ගජනායක මහතා පැවසීය.
   මේ අනුව, පළමු නිදහස් කලාපය වන කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ 40,000 කට වැඩි පිරිසක්ද, වතුපිටිවල නිදහස් වෙළෙඳ කලාපයේ 8,000 ක් පමණද, බියගම නිදහස් වෙළෙඳ කලාපයේ 2,200 ක් පමණද ඇතුළු පිරිසක් සේවය කරන අතර, කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ 17,000 ක් පමණද සේවය කරන බව, ශ්‍රීමාභිමානි කේන්ද්‍රයේ වැඩසටහන් සංවිධායක සුගත් රාජපක්ෂ මහතා පැවසීය. 

Comments

Popular posts from this blog

பெட்ரோல், பொருட்க‌ள் விலை அதிக‌ரிப்புக்கு முஸ்லிம்க‌ள் அல‌ட்டிக்கொள்ள‌ தேவையில்லை.

தற்கொலைதாரி இப்ராஹிமின் கொலோசியஸ் நிறுவனத்துக்கு செம்பு பித்தளைகளை வழங்கினார் என்ற ஒரு குற்ற சாட்டையே ரிஷாட் கைதுக்கு காரணமாக கூறுகின்றனர்