முஸ்லிம் சமூகம் அதிர்ச்சி...!!!! இராஜதந்திர குழியில் வீழ்ந்தார் ஹக்கீம்...!! ( ஏ.எச்.எம்.பூமுதீன்) பாகிஸ்தான் பிரதமர் இம்ரான் கானிற்கான விசேட இரவு விருந்துபசார நிகழ்வில் முகா தலைவர் ரவூப் ஹக்கீம் பங்குபற்றியமை முஸ்லிம்கள் மத்தியில் பெரும் அதிர்ச்சி அலையை ஏற்படுத்தியுள்ளது.. பிரதமர் மஹிந்த ராஜபக்ஷவின் ஏற்பாட்டில் அலரி மாளிகையில் நேற்று (23) செவ்வாய்கிழமை இரவு இந்த விருந்துபசாரம் இடம்பெற்றது. இம்ரான் கான் நேற்று இலங்கை வந்தடைந்த வேளை - ஜனாஸா எரிப்புக்கு எதிராக , அரசாங்கத்தை மிகக் கடுமையாக தூற்றி - கொழும்பு காலிமுகத்திடலில் ஊர்வலம் போன ஹக்கீம் - அன்று மாலையே விருந்தில் கலந்துகொண்டமை - ஹக்கீமின் இரட்டை வேடத்தை வெளிச்சம் போட்டுக் காட்டுகின்றது. இம்ரான் கான் - கட்டாய ஜனாஸா எரிப்பு விவகாரத்தை முடிவுக்கு கொண்டுவர அரசிடம் பேசுவார் என்ற எதிர்பார்ப்பு மற்றும் முஸ்லிம் கட்சிகளை சந்திப்பார் என்ற முஸ்லிம் சமுகத்தின் இரு எதிர்பார்ப்பும் தவிடுபொடியான நிலையில் - ஹக்கீம் , விருந்தில் கலந்துகொண்டமை - அவர், அரசின் அடிமை என்பதையே துல்லியமாக காட்டி நிற்கின்றது. ஹக்கீம் - விருந்தில் கலந்து கொண்டதன் மூலம்
පොදුජන පෙරමුණ පක්ෂයට සහයෝගය දක්වන මුස්ලිම් පක්ෂයන් ඒකාබද්ධව කටයුතු කිරීමෙන් මුස්ලිම් සමාජයට යහපත් සේවාවක් ලබාගැනීමට හැකිවනවා පමණක් නොව, එළැඹෙන මැතිවරණයන් හි පොදුජන පෙරමුණ පක්ෂය වෙනුවෙන් මුස්ලිම් ඡන්ද වැඩිකරගැනීමට හැකිවන බවටත් උලමා පක්ෂය අවධාරණය කරයි.
මේ සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක මුබාරක් අබ්දුල් මජීද් මවුලවි තුමන් තවදුරටත් අදහස් දැක්වීමේදී,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයට සහයෝගය දක්වන මුස්ලිම් පක්ෂයන් හා පොදුජන මුස්ලිම් පෙරමුණ ඒකාබද්ධව ප්රචාරක කටයුතුවල නියැළිය යුතු බවට අප විසින් මැතිවරණ සමයේදී ද ආරාධනා කරන ලදී. එහෙත් අපගේ ආරාධනාව පිළිගනු ලැබුවේ නැත. සියල්ලන්ම වෙන්වෙන්ව තනිතනියෙන් කටයුතු කරන ලදී. නෙළුම් පොහොට්ටුවට මුස්ලිම් ඡන්ද අඩුවීමට මෙයද ප්‍රධානතම හේතුවකි. සජිත් ප්‍රේමදාසට සහයෝගය දැක්වු මුස්ලිම් පක්ෂයන් ඒකාබද්ධව වේදිකාවේ පෙනී සිටීම මුස්ලිම්වරුන් තුල ප්‍රසාදයකට ලක්විණි.
වත්මන් වාතාවරණය තුළ ජනාධිපති ගෝඨාභය මැතිදුන් හා අගමැති මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ නායකත්වයෙන් යුත් රජයේ ප්‍රබල මුස්ලිම් චරිත ඉතා අල්පයකි. එම හේතුවෙන් මුස්ලිම්වරුන් හට ලැබිය යුතු වරප්රසාදවල යම් අඩුපාඩුවක් සිදුවිය හැකිය. එය අනාගතයේදී ද අහිතකර බලපෑමක් ඇතිකරමින් පොහොට්ටු පක්ෂයට සම්බන්ධ මුස්ලිම් පක්ෂයන් කෙරෙහි මුස්ලිම් සමාජය තුළ අප්‍රසාදයක් ඇතිකරමින්, මුස්ලිම්වරුන් විසින් විරුද්ධ පක්ෂයේ මුස්ලිම් පක්ෂවලට ඡන්දය ලබාදීමට පොළඹවනු ඇත.
වත්මනෙහි පොදුජන පෙරමුණ පක්ෂය පාලන බලය හොබවන බැවින් එයට සම්බන්ධ මුස්ලිම් පක්ෂයන් හරහා තම වරප්‍රසාද ලබාගැනීමට ජනතාව පෙළෙඹවීම සාධාරණය. එය නොලැබුණුවිට හිටපු අය හොදයැයි ඔවුන් තුළ අදහසක් මෝදුවීම වැළැක්විය නොහැකිය. එබැවින් පොදුජන පෙරමුණට සම්බන්ධ මුස්ලිම් පක්ෂයන් පෙරමුණක් වශයෙන් ඒකාබද්ධව කටයුතු කිරීමට උලමා පක්ෂය විසින් ආරාධනා කරනු ලැඛේ. පොදුජන පෙරමුණ සහයෝගිතා මුස්ලිම් පක්ෂ සංධානය ලෙසින් කටයුතු කිරීමෙන් මුස්ලිම් සමාජය මුහුණපාන ප්රශ්ණයන් එකිනෙක අධ්‍යයනය කොට රජයේ අවධානයට යොමුකොට ඒවාට විසඳුම් ලබාදීමට කටයුතු කළ හැකිය. ඒ වගේම සමාජයට ලැබිය යුතු වරප්රසාදයන් ඒකාබද්ධව කටයුතු කිරීම තුළින් පහසුවෙන් ලබාගැනීමට හැකිවනවා මෙන්ම ඒ මගින් ජනාධිපති ගෝඨාභය මැතිඳුන් හා අගමැති මහින්ද මැතිඳුන්ගේ රජය තවදුරටත් ශක්තිමත් කරන්නට හැකිවන බවටත් අවධාරණය කරන්නෙමු.
Comments
Post a comment