සායින්දමරුදු ජනතාව පෙරමුණට සහයෝගය ලබාදීමට ඉදිරිපත්විය යුතුය



සායින්දමරුදු ජනතාව තමන් රැවටු එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ද මෙවර හොඳ පාඩමක් ඉගැන්වීමට නම් ඔවුන් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබාදිය යුතු බවට මුස්ලිම් උලමා පක්ෂය අවධාරණය කරයි.

එම පක්ෂයේ සායින්දමරුදු ප්‍රදේශයේ පාක්ෂිකයන් සමගින් පැවැති සාකච්ඡාවකදී මුස්ලිම් උලමා පක්ෂයේ නායක මුබාරක් අබ්දුල් මජීද් මව්ලවිතුමන් තවදුරටත් අදහස් දැක්වීමේදී, කල්මුනේ නගරය ජාතීන් අනුව ඛෙදා වෙන් නොකරන  බවටප්‍රසිද්ධියේ  පොරොන්දුවක් ලබාදී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයට සහයෝගය දැක්වීමට කල්මුනේ , සායින්දමරුදු ප්‍රදේශයේ ජනතාව පෙළගැසිය යුතුය.

ඒ අනුව සායින්දමරුදු මුස්ලිම් දේවස්ථානය වෙත බැසිල් රාජපක්ෂ මැතිතුමන් වෙත ආරාධනා කොට එම ප්‍රදේශයේ ජනතාව තම සහයෝගය ප්‍රසිද්ධියේ පළකිරීම කෙරෙහි අවධානය යොමුකළ යුතුය. එක්සත් ජාතික පක්ෂය නැවතත් බලයට පැමිණියහොත් දෙමළ හා මුස්ලිම් ජනතාව අතර භේද බින්න ඇතිකරමින් ඔවුන් දේශපාලනික වාසි ලබාගන්නවා මිස, සායින්දමරුදු ප්‍රදේශයට වෙනම ප්‍රාදේශිය සභාවක් ලබාදීමක් ද සිදුනොවේ.

කල්මුනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය ඛෙදා වෙන් නොකර එහි උප ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ද අවලංගුකොට පාන්ඩිරුප්පු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය ලෙසින් 100ට 100ක්ම දෙමළ ජනතාවගේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක් පාන්ඩිරුප්පු හා සේනෙයික්කුඩිඉරුප්පු ප්‍රදේශයන්හි වෙසෙන දෙමළ ජනතාවට ලබාදීම පිළිබඳව අපගේ විරෝධතාවයක් නොමැති බවට බැසිල් රාජපක්ෂ මැතිතුමන්ට අප ප්‍රකාශ කර ඇති අතර, එය එතුමන් ද පිළිගෙන තිඛේ. බැසිල් රාජපක්ෂ යනු කිසිවිටෙක ජාතිවාදීව නොසිතා, සියළු ජනතාවගේ යහපත හා රටේ අභිවෘද්ධි උදෙසා පමණක් කටයුතු කරන අයෙකි. 

ඒ අනුව පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකතුමන් ජයග්‍රහණය කළහොත්  බැසිල් රාජපක්ෂ මැතිතුමන් හරහා පාන්ඩිරුප්පු  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක් ලබාදීමට මුස්ලිම් උලමා පක්ෂය අවශ්‍ය මැදිහත්වීම ලබාදෙයි. කියන දේ කරන, පොරොන්දු කඩ නොකරන දේශපාලනඥයන් ලෙසින් අප බැසිල් රාජපක්ෂ මැතිතුමන් හා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් කෙරෙහි විශ්වාසය තබන්නෙමු.

ඒ අයුරින් කල්මුනේ ඛෙදා වෙන් නොකර පාන්ඩිරුප්පු ප්‍රදේශයට වෙනම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක් ලබාදෙනු ලැබුවහොත් එම අවස්ථාවේදීම සායින්දමරුදුවලට ත් වෙනම ප්‍රාදේශිය සභාවක් ලබාදීමට මුස්ලිම් උලමා පක්ෂය සම්පූැර්ණ සහයෝගය ලබාදෙන බවටත් පොරොන්දුවෙමු.

එබැවින් සායින්දමරුදු ජනතාව මේ පිළිබඳව පල්ලියේ පාලනාධිකාරිය සමග සාකච්ඡා කොට පොදුජන පෙරමුණට සහයෝගය ලබාදීමට ඉදිරිපත්විය යුතුය. ඒ සඳහා වූ සියළුම ප්‍රයත්නයන් සඳහා සහයෝගය ලබාදීමට මුස්ලිම් උලමා පක්ෂය සූදානමින් සිටින බවත් අවධාරණය කරන්නෙමු.

Comments

popular posts

சற்றுமுன் தம்புள்ளையில் விபத்து

சற்றுமுன் கொழும்பு கோல் பேஸ் பகுதி 4 மாடி கட்டடமொன்றில் தீ..

20 நாட்கள் பாராளுமன்றம் சென்று வந்தால் போதுமானது. அவர்களுக்கே ஓய்வூதியமும் வழங்கப்படும்- அனுர குமார