මිනුවන්ගොඩ ගිනි තැබීමේ සිද්ධියේ තිදෙනාට ලක්ෂය බැගින් ශරීර ඇප ;
ඔක්තෝබර් 16 අධිකරණයේ පෙනී සිටීමට නියෝග
( මිනුවන්ගොඩ -
අයි.ඒ. කාදිර් ඛාන් )
ඉකුත් මැයි මාසයේ මිනුවන්ගොඩ ගිනි තැබීමේ සිද්ධියේ තිදෙනාට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප ලබා දී තිබෙන අතර, ලබන ඔක්තෝබර් මස 16 වෙනිදා නැවතත් අධිකරණයට පෙනී සිටින ලෙසට නියම කර ඇත.
මෙලෙස නියමකර ඇත්තේ, මිනුවන්ගොඩ නගරයේ දී ඉකුත් මැයි මස 13 වෙනිදා රාත්රියේ කලහකාරි ලෙස හැසිරීමෙන් හා ව්යාපාරික ස්ථානවලට පහර දී, ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවන් තිදෙනාටය. මෙම සැකකරුවන් තිදෙනා, රුපියල් ලක්ෂය බෙගින් වූ ශරීර ඇප මත මූදාහරින ලෙසට, මිනුවන්ගොඩ මහේස්ත්රාත් කේසර සී.ඒ. සමර දිවාකර මහතා නියම කළාය.
කටුනායක, හීනටියන පදිංචිකරුවන් තිදෙනාට මෙසේ ඇප නියම කෙරුණු අතර, ලබන ඔක්තෝබර් මස 16 වෙනිදාට නැවත අධිකරණයේ පෙනී සිටින ලෙසට නියම කෙරුණි.
මේ අතර, ඉහත චෝදනා සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප ලබා සිටින සැකකරුවන් 18 දෙනෙකුද, ඉකුත්දා මිනුවන්ගොඩ මහෙස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය .
Post a Comment