BREAKING NEWS

ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට පාලනය කරනවා

ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට පාලනය කරනවා
- ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා 

( මිනුවන්ගොඩ - අයි. ඒ. කාදිර් ඛාන් )

   අතීතයේදී මෙන්ම ජනාධිපතිවරනයෙන් පසු ගෞරවාන්විත නිදහස් පක්ෂ සාමාජිකයකු විසින් රට භාරගනු ඇති බවට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා සිකුරාදා දින පවසා සිටියේය.
    බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘවරයා වන දිවංගත එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ ගුණසමරු උත්සවයේදී ආණ්ඩුකාරතුමා මේ අදහස් ප්‍රකාශකර සිටියේය.
   මෙම උත්සවයේ දී දිවංගත එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ බිරිද වන නැසීගිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ එතුමාගේ පුත් නැසීගිය අනුර බණ්ඩාරනායක යන දෙපළටද ගෞරවය පුද කර සිටියහ.
   එක්සක් ජාතික පක්ෂයේ හිටපු සාමාජිකයෙකු වශයෙන් මනුෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් මහඟු සේවයක් ඉටුකල දිවංගත බණ්ඩාරනායක මැතිතුමාගේ දේශපාලනික දිවිය පිළිබද කතා කිරිමට ලැබීම මට මහත් ගෞරවයකි.
   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලවත් දේශපාලන පක්ෂයක් ලෙස විග්‍රහ කල මුසම්මිල් ආණ්ඩුකාරතුමා සිහිපත් කර සිටියේ 2015 දී මෙන්ම මෙම ජනාධිපතිවරනයේදී ද එම පක්ෂයේම නායකයකු ජයග්‍රහණය කරනු ඇති බවයි.
   පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා වැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් මෙන්ම කොමියුනිස්ට්  පක්ෂ නායක ඩියු ගුණසේකර සහ උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාගවන් යන මැති ඇමතිවරුන්ද මෙම උත්සවයට සහභාගී වූහ.

Share this:

Post a Comment

 
Copyright © 2022 Al Jazeera Lanka. Template Designed by Themes - Videopiar