කටුනායක ගුවන්තොටුපළට පැය 3 කට පෙර පැමිණෙන ලෙස ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක්
( මිනුවන්ගොඩ - අයි.ඒ. කාදිර් ඛාන් )
කටුනායක ගුවන්තොටුපළ හා ඒ අවට ප්‍රදේශය ඔස්සේ ගලා බසිනා දඩුගම් ඔය පිටාර ගැලීමෙන්,මෙම ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙන බව, කටුනායක ගුවන්තොටුපළ කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකවරයෙකු පැවසීය.
දඩුගම් ඔය පිටාර ගෙලීමේ හේතුවෙන් , කටුනායක ගුවන්තොටුපළ වෙත පිටත්වීම සදහා පැමිණෙන ගුවන් මගීන්, තම ගුවන් යානය පිටත්වීමට පැය 3 කට පෙර, ගුවන්තොටුපළ වෙත පැමිණීමට පියවර ගන්නා ලෙස , ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරි වරයා ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටිති.
කටුනායක ගුවන්තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයට, 24 වන දින පෙරවරුවේ 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ මිලි මීටර් 273.3 ක වර්ෂා පතනයක් ලැබී ඇති බව ද එම ප්‍රකාශකවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.
Post a Comment