Skip to main content

From fb

This is my final answer.  Take it or leave it. Simple...

 තම්බියෙක්ගෙන් පිළිතුරු

මෙච්චර දෙයක් වෙනකං උඹල
නොදැන ඉන්න බබ්බුද?

පාස්කු ඉරිදා රටේ  ප්‍රධාන ස්ථාන 8ක පිපුරුණ බෝම්බ  ප්‍රහාර 8 ගැන සත්ය වශයෙන්ම අප මෙන්ම රටේ කවුරුවත්ම දැන සිටියේ නැත...රටේ ජනපති ,අගමැති හෝ ආරක්ෂක ලේකම් පවා නොදැන සිටි විටෙක , එදිනෙදා වැඩකටයුතුවල නිරතවී සිටි පුරවැසියන්වූ අපට මේ ගැන දැනගන්නට අවස්ථාවක් තිබුණා යැයි උපකල්පනය කිරීම විහිලුවකි.. යම් හෝඩුවාවක් හෝ  දන්නවා නම් අකාලයේ වියවූ එක් ජීවිතයක් හෝ බේරගන්නට යුහුසුලුව කටයුතු කිරීමට අප පැකිලෙන්නේද නැත...අපද හෘද සාක්ෂියක් ඇති මනුෂයයෝය..

නමුත් පසුගිය මාස කිහිපය තුලදී සිදුවූ මාවනැල්ල ප්‍රදේශයේ පිළිම කැඩීමේ සිද්ධිය ඇතුලු අන්තවාදයේ වයාප්තිය ගැන මුස්ලිම් සමාජයේ යම් පිරිසක් දැන සිටි අතර 2019 ජනවාරි මාසයේදී  ජමීයතුල් උලමා සංවිධානයේ සභාපති ගරු රිස්වි මුෆ්ති පූජකතුමා ආරක්ෂක ලේකම් හමුවී සැක සහිත අන්තවාදීන්ගේ ලැයිස්තුවක්ද බාරදුන් බව දැන් හෙලිව ඇත..මන්ද අන්තවාදීන් පිරිසක් රටේ නීතියට පිටින් සිදුකරන ක්‍රියා ගැන විමසිලිමත්වූ අප  බබ්බු නොවන නිසාවෙනි... නමුත් මේවා මාධය වාර්තා කරන්නේ නැත... මෙවැනි සැක සහිත කරුණු ආරක්ෂක ලේකම්හට වාර්ථා කරනවා විනා මුස්ලිම් සමාජය වෙන මොනව කරන්නද? බළධාරීන් නීතිය ක්‍රියාත්මක නොකිරීම මුස්ලිම් සමාජයේ වරදක්ද?
ඉස්ලාම් ආගමේ නම යොදාගෙන ආගමේ පදනම වන සාමය
 (Islam = peace ) ගැන පවා අවබෝදයක් නැති ලේ පිපාසිත අන්තවාදීන් 100-200ක් සිදුකරණ මේ අමානුශික සංහාරයට ලක්ෂ 15ක් වූ ලාංකීය මුස්ලිම් ජන සමාජය වගකිවයුතුද? පර තම්බි... මුන් ඔක්කොම එකයි.. යනුවෙන් ආමණ්ත්‍රණය කිරීම සාධාරණද?
මේ දිනවල අපේ ආරක්ෂක අංශ විසින් සීග්‍රයෙන් වටලනු ලබන  රටවටා පිහිටි NTJ අන්තවාදී මධයස්ථාන වැටලීම  ,මීට සතියකට පමණ පෙර සිදුවූවා නම් මෙවන් වයසනයකට රට ගොඳුරු නොවන බව අප සැමගේ විශ්වාසයයි...මෙම ප්‍රමාදයට හේතුව අපේ ෆෝසස් වල එඩිතර කොල්ලොන්ගේ නොවන බවත් ආරක්ෂක අංශ වලට අනදීමට හරි හමං නායකයෙක් රටට නැති වීම බරපතල වරදක් බවත් අපසැම අවිවාධයෙන් පිලිගනිමු...

කනයාවන් 72 කතාව..

මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ස්වර්ගයේ කනයාවියන් 72ක් ලැබෙනවා යැයි කුරානයේ සඳහන් බව පට්ට පල් බොරුවකි...(මෙය ඉස්ලාමීය ඉගැන්වීම්වලට හාත්පසින්ම විරුද්ධය)
ඉස්ලාමෆෝබියා ලිපියකින් උපුටාගත් මේ බොරුව සීග්‍රයෙන් සමාජගත වන්නේ එහි ඇති විහිලුසහගතබව නිසා මිසක ,එහි කිසිදු සතයය පදනමක් නොමැත... එමෙන්ම මේ සිහි විකල් වූ ත්‍රස්තවාදීන් පිරිස කිසිලෙසකින් ස්වර්ගයට යන්නේද නැත... කටුවාපිටිය පල්ලියේ දෙවියන් යදිමින් සිටි හයහතර නොදත් අහිංසක කිරිසප්පයන් බෝම්බ ගසා මරාදමා මෙවැනි පාපයක් සිදුකල අමුනුස්සයන්ට නරකාදියේ විඳවනවා මිස වෙන විකල්පයක් නොමැත...

බුර්කා වෙනම ඇඳුම් ,වෙනම කෑම,වෙනම බැංකු?

ඉස්ලාමයේ සඳහන් වන ජීවන රටාව අන් සියලු ආගම්වලට සමාන වන අතර ,ඉතා සරළය... නමුත් ඇතැම්  කරුණු අප හට තහනම් වන්නේ පැහැදිලි විදයාත්මක පදනමක් සහිතවය... හලාල් යනු අනුමත දෙයයි.... ඌරු මස් ,මත්පැන්,දුම්වැටි හා අපිරිසිදු ලේ සහිත කුණු වෙච්ච මස් වැනි ආහාර තහනම්(හරාම්) වන්නේ සෞඛයට අහිතකර නිසාවෙනි...ඒ නිසා අපි ඉහත කීදේ අඩංගු නොවන කෑම හලාල් ලෙස හඳුන්වමු... මෙය හඳුනාගැනීමට අපට ලේබල් අවශය නොවේ.... සිංහල කඩෙකින් රුපියල් 120කට මිලදීගන්නා එලවලු /බිත්තර කෑම පැකට් එක  අපට හලාල්ය... සරලය..

පොලිය හා සූදුව හරාම් වන්නේ මහන්සියකින් තොරව  උපයන ආදායම යාදෙන්නේ නැති නිසාය.. මේ නිසා ඉස්ලාමීය බැංකු ක්‍රමය පොලිය නොමැතිව  ක්‍රියාත්මක වේ...මෙම ක්‍රමය  රජය විසින් ලංකාවට හඳුන්වාදුන්නේ හේතුවක් ඇතුවය..ජාතික බැංකු පද්ධතියට එක්නොවූ ලංකාවේ මුස්ලිම් ජනයාගේ මුදල් ,බැංකු පද්ධතියට එක්කරගැනීම සඳහා මහ බැංකුවේ අනුමැතියක්ද සහිතව මෙම ක්‍රමය ආරම්භ වේ... ඉස්ලාමීය බැංකු කෙතරම් තිබුණත් මගේ තැන්පතු ගිණුම තවමත් තිබෙන්නේ සම්පත් බැංකුවේය... මගේ ගිණුමට පොලිය එක් නොකරන ලෙස මා එහි කළමණාකරුට  ලිඛිතව දැන්වූ නිසා මේ වනතෙක් මට සත පහක පොලියක් ලැබී නැත.. හලාල් බැංකු ක්‍රමය මා සරළව වටහාගත්තේ එලෙසිනි....

කාන්තාවන්ට බුර්කා -වෙනම ඇඳුම් ...
ඉස්ලාමය අපට ඇඳුම් අදින්න කියා දෙන්නේ විලි වසාගැනීමට සහ සංවරවීමටයි...
මුස්ලිම් කාන්තාවන්ට සිය සැමියා  නොවන අන් පිරිම අය සමග ගනුදෙනු කිරීමට යාමේදී මුහුණ සහ අත්වල කොටසක් හැර ශරීරය සම්පූර්ණයෙන් ආවරණය කිරීම අනිවාර්යය වේ...එසේ ආවරණය වනසේ අඳින සංවර ඇඳුමට තමන් කැමති වර්ණයක් ,හැඩතලයක් ,රෙදි වර්ගයක් භාවිතා කිරීම මුස්ලිම් කාන්තාවගේ ස්වකැමැත්තයි.. (කලු වර්ණය අනිවාර්ය නොවන නමුත් වෙළඳපොලේ පහසුවෙන් මිලදීගත හැකි ලාභම ඇඳුම අරාබියෙන් ආනයනය කරන ලද කලු කබාය නිසා බොහෝ කතුන් මෙම ඇඳුමට හුරුවී ඇත) මුහුණ වැසීම අණිවාර්ය නොවූවත් ඇතැම් කාන්තාවන් සිය දේවභක්තියේ මට්ටම අනුව සංවර වූ නිසා තමන්ගෙ ශරීරයෙ ලස්සන පිට මිනිස්සුන්ට නොපෙන්වීම සඳහා මුහුණ වැසූබව වැටහේ.. කිසිවෙකුටත් බලෙන් කාන්තාවකගේ මූණ වැසීමට බල කල නොහැක. නමුත් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වනවා නම් එලෙස මුහුණ වැසීමට  ඉස්ලාම් ආගමේ කිසිදු අවශයතාවක් නැත...

මෙලෙස පැහැදිලිව ඉස්ලාමය ගැන කරුණු නිරවුල් කරගැනීමට අවස්ථාව තිබියදීත් ගහෙන් වැටුන මිනිහට ගොනා අනින්නාක් මෙන්  ආතල් එකක් ගැනීමේ චේතනාවෙන් අපට
 “ පර තම්බියා ,තොපි ඔක්කොම එකයි , ත්‍රස්තවාදියා ,පලයව් අරාබියට යනුවෙන් බැන්නාට කමක් නැත...” නමුත්  , සමාජයට කුසල හා යහපත පමණක් ඉගැන්වූ අල්ලා දෙවියන් වහන්සේ හා ශුද්ධවූ අල්කුර්ආනය අපහාසයට ලක්කිරීම කාරුණිකව නතර කරන මෙන් ඉල්ලා සිටින්නේ ,ලංකා නීතියට ගරුකරන  ඔ්නෑම ආගමක් ඇදහීමේ අයිතිය ලංකා නීතිය ඉදිරියේ නීතියානුකූල නිසාවෙනි...ඔබ එකග නොවුවද තවත්  විකල්ප ආගමකට ගරහා ඔබට ලබාගත හැකි ජයග්‍රහණයක් නොමැති බව මතක් කරන්නේ ඉතා බැගෑපත් ආයාචනාවක් ලෙසිනි...ත්‍රස්තවාදයෙන් තොර සාමකාමී රටක් ඉතා ඉක්මනින්  අප සැමට උදා වේවා...

සටහන-සියලු ජාතීන් සමග සහයෝගයෙන් ජීවත්වීමට කැමති හිතවත් තම්බියා විසිනි...

#copied from face book
"උපුටා ගන්නා ලද්දකි"

Comments

Popular posts from this blog

அதாவுல்லாவை புக‌ழும் ஹ‌ரீஸ்

ஒவ்வொரு நிமிடமும் நம்மை நோக்கி எறிகணைகள் வந்த வண்ணமே இருக்கிறது. நாங்கள் ஒற்றுமைப்பட்டு இனி செயலாற்ற முன்வர வேண்டும். அம்பாறை மாவட்டத்தில் உள்ள சகல அரசியல் கட்சி முக்கியஸ்தர்களும் ஒன்றிணைந்து எதிர்வரும் பொதுத்தேர்தலை சந்தித்து நாங்கள் ஒற்றுமையாக வாக்களித்தால் அம்பாறை மாவட்டத்தில் இருந்து ஐந்து முஸ்லிம் பாராளுமன்ற உறுப்பினர்கள் தெரிவாவார்கள் என ஸ்ரீலங்கா முஸ்லிம் காங்கிரஸின் பிரதித்தலைவரும் முன்னாள் இராஜாங்க அமைச்சருமான சட்டத்தரணி  எச்.எம்.எம்.ஹரீஸ் தெரிவித்தார்.  தொடர்ந்தும் அங்கு பேசும் போது, கல்முனை பிரதேச விவகாரம் பற்றிய பிரதமருடனான கலந்துரையாடலுக்கு குறித்த தொகுதியின் மக்கள் பிரதிநிதியாகிய எனக்கு எவ்வித அழைப்புக்களும் விடுக்கப்பட்டிருக்க வில்லை. நான் நேரடியாக பிரதமர் மஹிந்தவை சந்தித்து மக்களின் பிரச்சினையை பற்றி தெளிவாக விளக்கியவுடன் அன்று மாலை என்னையும் கூட்டத்தில் கலந்துகொள்ளுமாறும் அதற்கான ஏற்பாடுகளை தான் செய்வதாகவும் வாக்குறுதியளித்தார். அதன் பிரகாரமே நான் அக்கூட்டத்திற்க்கு சென்று வரவேற்பறையில் காத்திருந்தேன். அங்கு கலந்து கொண்டிருந்த முக்கிய பிரமுகர்கள் பலரும் அதிருப்

Sri Lanka COSMI Founder President appointed to London’s Peace Institute

The Founder President of Sri Lanka’s  Confederation of Micro, Small and Medium Industries (COSMI) has been appointed as the Co-Chairperson of the   London based Global Peace Institute (GPI)   which conducts interdisciplinary research in several thematic fields including international relations and politics. By this high profile appointment made on 15 January, GPI seeks COSMI  Founder President Nawaz Rajabdeen’s  contributions to improve its training and research efforts. GPI is a think tank run by the UK based Global Peace Ins. (GPI) CIC, an independent non-profit, non-governmental organization. GPI works for global peace and resilience through peace education, dialogue, training, creating awareness and research. COSMI  Founder President Rajabdeen, as an honorary member, is also tasked by GPI to  promote its programs, add value to research work, and also will be required to attend various GPI events. “I am thankful to GPI for enlisting me for their ongoing and vast efforts” sa

மைத்திரிபால ஒரு புத்திஜீவியாகவோ, அறிஞராகவோ அவருடைய ஆட்சிக் காலத்தில் செயற்படவில்லை.

சிறுபான்மையினரின் வாக்குகளே பிரதமர் யார் என்பதை தீர்மானிக்கும் ! சஜீத் − ரணில் பிரச்சினை கூட்டனிக்கு பாதிப்பில்லை !! நான் நிரபராதி என்பதை சிங்கள மக்கள் உணர்வர் !!! ஆட்சியில் இணையுமாறு அழைப்பு வந்தால் தீர்மானிக்கலாம் !!!! அகில இலங்கை மக்கள் காங்கிரஸ் தேசியத் தலைவர் ரிஷாத் பதியுதீன் பி.பி.சிக்கு பரபரப்பு பேட்டி.... அப் பேட்டியில் அவர் மேலும் தெரிவித்துள்ளதாவது...; கேள்வி: தற்போது நாடாளுமன்றத்தில் அங்கம் வகிக்கும் முஸ்லிம் தலைவர்களை தமது அரசாங்கத்தில் சேர்த்துக் கொள்வதில்லை என்றுகூறி ஆளுந்தரப்பு நிராகரித்திருப்பது பற்றி என்ன நினைக்கிறீர்கள்? பதில்: ஆளுங்கட்சியில்தான் இருக்க வேண்டும் என்கிற நிலைப்பாட்டுடன் நாம் அரசியல் செய்யவில்லை. கடந்த ஜனாதிபதி தேர்தலில் கோட்டாபய ராஜபக்ஷவுக்கு கிடைத்த 69 லட்சம் வாக்குகளை எதிர்வரும் பொதுத் தேர்தலில் மஹிந்த ராஜபக்ஷ அணியினர் ஒட்டுமொத்தமாகப் பெற்றாலும், அவற்றினைக் கொண்டு நாடாளுமன்றத்திலுள்ள 225 ஆசனங்களில் 105 ஆசனங்களை மட்டுமே கைப்பற்ற முடியும். அதேவேளை, எதிர்த்தரப்பினருக்கு 119 ஆசனங்கள் கிடைக்கும். எனவே, எதிர்வரும் பொதுத் தேர்தல் சவ