වේල්ල වීදිය කාන්තා මළ සිරුර : සැකකරු ඇතුළු සැඟවුණු සියල්ල හෙළි වෙයි ( ( Photos ) මවිබිම දැන් ම තාරක සම්මාන් කොළඹ , වේල්ල වීදියේදී ගමන් මල්ලක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට , තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට හඳුනාගෙන තිබේ . නියෝජ්‍ය පොලිස්පති , පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ , අදාළ මළ සිරුර ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා යොමු කර එය එම කාන්තාවගේ ද යන වග තහවුරු කරගැනීමට කටයුතු කරන බවය . එමෙන් ම , අදාළ ගමන් මල්ල රැගෙන ආ සැකකරු පිළිබඳව ද තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ . සැකකරු බුත්තල පොලිසියට අනුයුක්තව සේය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවය . එම කාන්තාව සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වූ ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති අතර , සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය . සැකකරු බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට පොලිසිය හඳුනා ගෙන තිබේ . කෙසේ වෙතත් , මේ වන විට සැකකරු නිවසින් බැහැරට ගොස් ඇතැයි වාර
මහනුවර නගරයේ වාහන තදබදයට විසදුමක් ලෙස මහනුවර නගර සභාව මගින් කටුකැලේ ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මහල් නවයකින් යුත් රථගාල සහිත වෙළද සංකීර්ණය ඉදිකිරීම සදහා පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති දේශීය ණය හා සංවර්ධන අරමුදලින් රුපියල් මිලියන 1000ක සහන ණය මුදලක් ලබා දීමට නියමිතය.
ඊට අදාල ගිවිසුම අත්සන් කිරීම පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා රාජ්‍ය අමාත්‍ය ශ්රියාණී විජේවික්‍රම මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.
දේශීය ණය හා සංවර්ධන අරමුදලේ සභාපති අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි මහනුවර නගරාධිපති කේසර ඩී සේනානායක යන මහත්වරු මෙම ගිවිසුම අත්සන් කළහ.
150,000 පමණ නාගරික ජනගහනයක් හා දිනකට ලක්ෂ 06ක් පමණ දෙස් විදෙස් සංචාරකයින් පැමිණෙන මහනුවර නගරයේ වාහන තදබදය අවම කිරීම සදහා මහනුවර කටුකැලේ ප්‍රදේශයේ මෙම රථගාල සහිත වෙළද සංකීර්ණය ඉදි කෙරේ.
වසර 100ක් පැරණි මූල්‍ය ආයතනයක් වන දේශීය ණය හා සංවර්ධන අරමුදලින් ලබා දෙන විශාලතම ණය මුදල වන මෙම ණය මුදල වසර 05ක සහන ණය වාරික මගින් ගෙවීමට නියමිත අතර මෙම වෙළද සංකීර්ණයයේ වැඩ කටයුතු වසර දෙකකින් නිම කිරීමට නියමිතය.
Comments
Post a comment