වේල්ල වීදිය කාන්තා මළ සිරුර : සැකකරු ඇතුළු සැඟවුණු සියල්ල හෙළි වෙයි ( ( Photos ) මවිබිම දැන් ම තාරක සම්මාන් කොළඹ , වේල්ල වීදියේදී ගමන් මල්ලක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට , තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට හඳුනාගෙන තිබේ . නියෝජ්‍ය පොලිස්පති , පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ , අදාළ මළ සිරුර ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා යොමු කර එය එම කාන්තාවගේ ද යන වග තහවුරු කරගැනීමට කටයුතු කරන බවය . එමෙන් ම , අදාළ ගමන් මල්ල රැගෙන ආ සැකකරු පිළිබඳව ද තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ . සැකකරු බුත්තල පොලිසියට අනුයුක්තව සේය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවය . එම කාන්තාව සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වූ ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති අතර , සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය . සැකකරු බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට පොලිසිය හඳුනා ගෙන තිබේ . කෙසේ වෙතත් , මේ වන විට සැකකරු නිවසින් බැහැරට ගොස් ඇතැයි වාර
දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම පළාත් සභා , පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විනි. එහි දී ඩෙංගු රෝගය පැතිරීම පාලනය පිළිබද විශේෂයෙන් සාකච්ඡාවට බදුන් විය. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන්ගේ විශාල අඩුවීමක් දක්නට ලැබෙන බවයි. මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමා විසින් සංඛ්‍යා ලේඛන සහිතව ප්‍රාදේශීය සංවර්ධන කමිටුව ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ 2017 වසරේ මේ කාල සීමාව වන විට ඩෙංගු රෝගීන් 821 ක් වාර්තා වුනු අතර 2018 වසරේ දී මේ දක්වා වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 178 කි. මෙම ප්‍රගතිය අත්කර ගැනීම සදහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු විශාල වැඩ කොටසක් සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බවත් ගරු අමාත්‍යතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ වීදි කමිටු ශක්තිමත් කිරීම සහ ආයතන මට්ටමින් දැනුවත් කිරීම් සිදුකිරීම් තුලින් ඩෙංගු රෝගය මර්ධනය කිරීම සදහා විශාල දායකත්වයක් සිදුකළ බවයි.
Comments
Post a comment