Skip to main content

වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ සේවය අත්හිටුවයි.


ක්‍රීඩාපළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට අයත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වන H.M.B.P හේරත් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ගරු ක්‍රීඩාපළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා විසින් අමාත්‍යංශ ලේකම් තුමා වෙත උපදෙස් ලබාදී ඇත.
මෙම ඉවත් කිරීමට ආසන්නතම හේතුව වුයේ අද දින (මැයි 05) ආරම්භ වීමට නියමිත දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනා සහ ක්‍රීඩා උපදේශකයින් 15 දෙනෙක් වන පිරිසට අවශ්‍ය නේවාසික පහසුකම් නිසි පරිදි සැලසීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව අපොහොසත් වීමයි.
එම සිද්ධිය සැකෙවින් මෙසේ දක්වා සිටිමි.
ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල අද දින (මැයි 05) සිට සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කර ඇත. මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනෙකුගෙන් හා ක්‍රීඩා පුහුණු කරුවන් 15 දෙනෙකුගෙන් සමන්විතය.
මම කණ්ඩායමට නේවාසික පහසුකම් සලසා තිබුනේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සතු ටොරින්ටන් හි පිහිටි ක්‍රීඩා සංවර්ධන නේවාසිකාගාරය තුලයි.
නමුත් ඊයේ දින (මැයි 04) උදය වර්වේ සිට නේවාසිකාගාරය තුල විදුලිය බිඳ වැටී තිබී ඇති අතර ඒ හේතුවෙන් උදය කාලයේ සිට නේවාසිකාගාරය තුල ලැගුම් ගෙන සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවී ඇත.
මේ අතර ඊයේ සවස් කාලය වන විටත් මෙම තත්වය පැවතී ඇති අතර නේවාසිකාගාරයේ ජල පහසුකම් ද විදුලිය ඇන හිටීම නිසා අඩපන වී ඇත. ඊයේ සවස 5.00 වන විටත් මම ගැටලුව විසදීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ අතර ක්‍රීඩාපළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත මෙය සැලවීමෙන් පසුව කඩිනමින් තත්වය විසදීමට අමාත්‍යංශ නිලධාරීන්ටත් අමාත්‍යතුමාගේ කාර්ය මණ්ඩලයටත් උපදෙස් දෙන ලදී.
ඒ අනුව විදුලි ජනක යන්ත්‍රයක් සපයා විදුලිය ලබා දීමටත්විදුලිබල මණ්ඩලය යොදවා මෙම විදුලිය බිඳ වැටීම යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලදී.  නමුත් විදුලි බල මණ්ඩලය මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස වුයේ විදුලිය බිඳ වැටීම යථා තත්වයට පත් කිරීමට දිනක පමණ කාලයක් අවශ්‍ය බවයි.
මේ වනවිටත් නේවාසිකාගාරය අයත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෝ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයා කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට හෝ එම ස්ථානයට පැමිණීමටවත් ක්‍රියා කලේ නැත.
මේ අතර ක්‍රීඩාපළාත් සභා හා පළාත් පාලන කැබිනට් අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි සියළුම නේවසිකයින් කොළඹ පිහිටි ප්‍රධාන තරු 4 හෝටලයක නවාතැන් ගැන්වීමටත් ඔවුන්ට අවශ්‍ය අහාර පාන ලබා දීමටත් අමාත්‍යංශ නිලධාරීන් හා අමාත්‍ය කාර්යමණ්ඩලය විසින් ක්‍රියා කරන ලදී.
ඒ අනුව ඔවුන් විසින් බස්රථ යොදා ගෙන ටොරින්ටන් ක්‍රීඩා නේවාසිකාගාරය තුල සිටි සියලුම නේවාසිකයින් හෝටලය වෙත කැඳවාගෙන ගොස් ඔවුන්ට අවශ්‍ය නවතන් පහසුකම් රාත්‍රී 9.00 පමණ වන විට සලසාදුන් අතර අමාත්‍ය තුමාද එම හෝටලයට පැමිණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ පහසුකම් සොයා බැලීමටද කටයුතු කළේය. එම අවස්ථාව වනවිටත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයා හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වගකිව යුතු නිලධාරියෙක් හෝ එම ස්ථානයට පැමිණීමට අපොහොසත් විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇතිවූ කරුණු මානව සොයා බැලූ ක්‍රීඩාපළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා  ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයා මම සිද්ධිය සම්බන්ධයෙන් කටයුතුකළ උදාසීන ආකාරයත් එයින් අත්වූ තත්වය මත ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්වූ අපහසුතත්වයත් සලකා බලා වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ සේවය අත්හිටුවීමට හා ඔහුව එම ධූරයෙන් නෙරපා හැරීමට අමාත්‍යංශ ලේකම් තුමා වෙත උපදෙස් ලබා දෙන ලදී.

Comments

Popular posts from this blog

அதாவுல்லாவை புக‌ழும் ஹ‌ரீஸ்

ஒவ்வொரு நிமிடமும் நம்மை நோக்கி எறிகணைகள் வந்த வண்ணமே இருக்கிறது. நாங்கள் ஒற்றுமைப்பட்டு இனி செயலாற்ற முன்வர வேண்டும். அம்பாறை மாவட்டத்தில் உள்ள சகல அரசியல் கட்சி முக்கியஸ்தர்களும் ஒன்றிணைந்து எதிர்வரும் பொதுத்தேர்தலை சந்தித்து நாங்கள் ஒற்றுமையாக வாக்களித்தால் அம்பாறை மாவட்டத்தில் இருந்து ஐந்து முஸ்லிம் பாராளுமன்ற உறுப்பினர்கள் தெரிவாவார்கள் என ஸ்ரீலங்கா முஸ்லிம் காங்கிரஸின் பிரதித்தலைவரும் முன்னாள் இராஜாங்க அமைச்சருமான சட்டத்தரணி  எச்.எம்.எம்.ஹரீஸ் தெரிவித்தார்.

 தொடர்ந்தும் அங்கு பேசும் போது,

கல்முனை பிரதேச விவகாரம் பற்றிய பிரதமருடனான கலந்துரையாடலுக்கு குறித்த தொகுதியின் மக்கள் பிரதிநிதியாகிய எனக்கு எவ்வித அழைப்புக்களும் விடுக்கப்பட்டிருக்க வில்லை. நான் நேரடியாக பிரதமர் மஹிந்தவை சந்தித்து மக்களின் பிரச்சினையை பற்றி தெளிவாக விளக்கியவுடன் அன்று மாலை என்னையும் கூட்டத்தில் கலந்துகொள்ளுமாறும் அதற்கான ஏற்பாடுகளை தான் செய்வதாகவும் வாக்குறுதியளித்தார். அதன் பிரகாரமே நான் அக்கூட்டத்திற்க்கு சென்று வரவேற்பறையில் காத்திருந்தேன். அங்கு கலந்து கொண்டிருந்த முக்கிய பிரமுகர்கள் பலரும் அதிருப்தியுடன…

Sri Lanka COSMI Founder President appointed to London’s Peace Institute

The Founder President of Sri Lanka’s Confederation of Micro, Small and Medium Industries (COSMI) has been appointed as the Co-Chairperson of theLondon based Global Peace Institute (GPI)which conducts interdisciplinary research in several thematic fields including international relations and politics. By this high profile appointment made on 15 January, GPI seeks COSMI Founder President Nawaz Rajabdeen’s contributions to improve its training and research efforts. GPI is a think tank run by the UK based Global Peace Ins. (GPI) CIC, an independent non-profit, non-governmental organization. GPI works for global peace and resilience through peace education, dialogue, training, creating awareness and research. COSMI Founder President Rajabdeen, as an honorary member, is also tasked by GPI to promote its programs, add value to research work, and also will be required to attend various GPI events. “I am thankful to GPI for enlisting me for their ongoing and vast efforts” said COSMI Founder Pres…

மைத்திரிபால ஒரு புத்திஜீவியாகவோ, அறிஞராகவோ அவருடைய ஆட்சிக் காலத்தில் செயற்படவில்லை.

சிறுபான்மையினரின் வாக்குகளே
பிரதமர் யார் என்பதை தீர்மானிக்கும் !

சஜீத் − ரணில் பிரச்சினை
கூட்டனிக்கு பாதிப்பில்லை !!

நான் நிரபராதி என்பதை
சிங்கள மக்கள் உணர்வர் !!!

ஆட்சியில் இணையுமாறு அழைப்பு
வந்தால் தீர்மானிக்கலாம் !!!!

அகில இலங்கை மக்கள் காங்கிரஸ் தேசியத் தலைவர் ரிஷாத் பதியுதீன் பி.பி.சிக்கு பரபரப்பு பேட்டி....

அப் பேட்டியில் அவர் மேலும் தெரிவித்துள்ளதாவது...;

கேள்வி:
தற்போது நாடாளுமன்றத்தில் அங்கம் வகிக்கும் முஸ்லிம் தலைவர்களை தமது அரசாங்கத்தில் சேர்த்துக் கொள்வதில்லை என்றுகூறி ஆளுந்தரப்பு நிராகரித்திருப்பது பற்றி என்ன நினைக்கிறீர்கள்?

பதில்:
ஆளுங்கட்சியில்தான் இருக்க வேண்டும் என்கிற நிலைப்பாட்டுடன் நாம் அரசியல் செய்யவில்லை.

கடந்த ஜனாதிபதி தேர்தலில் கோட்டாபய ராஜபக்ஷவுக்கு கிடைத்த 69 லட்சம் வாக்குகளை எதிர்வரும் பொதுத் தேர்தலில் மஹிந்த ராஜபக்ஷ அணியினர் ஒட்டுமொத்தமாகப் பெற்றாலும், அவற்றினைக் கொண்டு நாடாளுமன்றத்திலுள்ள 225 ஆசனங்களில் 105 ஆசனங்களை மட்டுமே கைப்பற்ற முடியும். அதேவேளை, எதிர்த்தரப்பினருக்கு 119 ஆசனங்கள் கிடைக்கும். எனவே, எதிர்வரும் பொதுத் தேர்தல் சவால் மிகுந்ததாகவே அமையும்…