වේල්ල වීදිය කාන්තා මළ සිරුර : සැකකරු ඇතුළු සැඟවුණු සියල්ල හෙළි වෙයි ( ( Photos ) මවිබිම දැන් ම තාරක සම්මාන් කොළඹ , වේල්ල වීදියේදී ගමන් මල්ලක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට , තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට හඳුනාගෙන තිබේ . නියෝජ්‍ය පොලිස්පති , පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ , අදාළ මළ සිරුර ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා යොමු කර එය එම කාන්තාවගේ ද යන වග තහවුරු කරගැනීමට කටයුතු කරන බවය . එමෙන් ම , අදාළ ගමන් මල්ල රැගෙන ආ සැකකරු පිළිබඳව ද තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ . සැකකරු බුත්තල පොලිසියට අනුයුක්තව සේය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවය . එම කාන්තාව සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වූ ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති අතර , සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය . සැකකරු බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට පොලිසිය හඳුනා ගෙන තිබේ . කෙසේ වෙතත් , මේ වන විට සැකකරු නිවසින් බැහැරට ගොස් ඇතැයි වාර
1.ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ තවත් පාලම් 500 ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි.
2. නව පළාත් පාලන සභිකයින්ට පුහුණු අත්පොත එළිදැක්වයි.
3. දේශීය ණය සංවර්ධන අරමුදලේ ශත සංවත්සරයේදී එහි කාර්යයන් එළිදැක්වයි.
පසුගිය වසර කිහිපය ඇතුළත ජනතා හිතකාමි අමාත්‍යාංශයක් බවට පළාත් සභා ,පළාත් පාලන අමාත්‍යාංශය අප පත් කර තිබෙනවා .- අමාත්‍ය ෆයිසර් මුස්තෆා
බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත දිගු කාලීන ණය ගෙවීමේ පදනම මත මෙම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ තවත් පාලම් 500 ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කිරීමනව පළාත් පාලන සභිකයින්ට පුහුණු අත්පොත එළිදැක්වීම හා දේශීය ණය සංවර්ධන අරමුදලේ සියවෙනි සංවත්සරයේදී එහි කාර්යයන් එළිදැක්වීම යන කාර්යයන් ඉකුත් 17 දින සවස කොළඹ සිනමන් ලේක්සයියිඩ් හෝටලයේ දී පළාත් සභා , පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.
යෝජිත මෙම පාලම් 500 අවශ්‍යතා ප්රමුඛ කර ගනිමින් දීප ව්‍යාප්තව ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත අතර බ්‍රිතාන්‍ය විසින් ලබා දෙන පාලම් 250ක් සදහා ස්ටාලින් පවුම් මි.50 (ශ්‍රී ලංකා රු.මි.10700/-) ක් ද නෙදර්ලන්න විසින් ඉදිකරන පාලම් 250ක් සදහා යුරෝ මි.52 (ශ්‍රී ලංකා රු.මි.9700/-)ක් ද වැය කිරීමට අපේක්ෂා කෙරේ.
අදාල ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව පළාත් පාලන ආයතන නියෝජිතයින් පුහුණු කිරීම සදහා පළාත් පාලනය පිළිබද ශ්‍රී ලංකා ආයතනය විසින් පැවැත් වීමට නියමිත වැඩමුළුවේ දී ලබා දෙන අත්පොත නිල වශයෙන් භාර දීම මෙහි දී සිදුවිය.
1917 දී පළාත් පාලන ආයතන සදහාම ණය දීම අරමුණු කර ගනිමින් ආරම්භ කරන ලද දේශීය ණය සංවර්ධන අරමුදලට සියවස් සැමරුමත් සමග නව පරිච්ඡේදයක් අරඹමින් ලබා දිය හැකි ණය ප්‍රමාණය රු.මි. 1000 දක්වා වැඩිකිරීම ආරම්භ කිරීම ප්‍රකාශයට පත් කෙරිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ග්‍රාමීය පාලම් පන්සියයක ව්‍යාපෘතිය තුළින් ජනතාවට විශාල ප්‍රතිලාභයක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ගමක් නගරයට සම්බන්ධ කිරීම හා ගම් දෙකක් සම්බන්ධ කිරීම තුළින් ජනතාව අතර සම්බන්ධතාව , මාර්ග පහසුකම් ඇතුළු විශාල සංවර්ධනයක් සිදු වෙනවා. ළඟදී කෑගල්ලේ යන විට මට දකින්න හැකිවූ දෙයක් තමයි ගමකින් තවත් ගමකට ගමන් කරන්න කිලෝමීටර් 7 ක් යන්න ඕන. හැබැයි මේ ග්‍රාමීය පාලම තුළින් එම දුර ප්‍රමාණය අඩු කරන්න අපිට හැකිවෙනවා. ඒ වගේම නාගරීකරණය වන අවස්ථාවකදී අපට යුතුකමක් තියෙනවා ග්‍රාමීය ජනතාවගේ සුභ සාධනය දියත් කරන්න.
එහෙම නම් අපි පළාත් පාලන ආයතන වල නියෝජිතයන්ට පුහුණු අත්පොතක් අපි ලබා දුන්නා. ඉන් බලාපොරොත්තු වන්නේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයකුට පුහුණූවක් ලබා දීමයි. එය අපේ අමාත්‍යාංශයට තිබෙන යුතුකමක් හා වගකීමක් වෙනවා. පළාත් පාලන ආයතන තියෙනවා මූල්‍යමය වශයෙන් ස්වාධීන වෙලා තියෙනවා. හැබැයි ඇතැම් ආයතන දූෂණ වංචා නිසා මධ්‍යම රජයෙන් යැපෙන්න සිදුවෙලා තියෙනවා .
ඒ ඒ පළාත් පාලන ආයතනවල පාලන තන්ත්රය මීට වඩා ශක්තිමත් වේ යැයි මම විශ්වාස කරනවා. අපි දේශීය ණය අරමුදලින් රුපියල් මිලියන ගණනින් ණය දීලා තියෙනවා. සමහර පළාත් පාලන ආයතන බලාගෙන ඉන්නේ ආණ්ඩුවෙන් පුළුවන් තරම් යැපෙන්න. හැබැයි ලෝකයේ තියෙන ප්‍රවණතාවය වන්නේ පළාත් පාලන ආයතන මූල්‍ය කළමණාකරණය කොට දිනෙන් දින ස්වාධීන ආයතන බවට පත් වෙනවා .
ඇතැම් පළාත් පාලන ආයතන හා පළාත් සභාද ස්වාධීනත්වය ලබා දෙන්න කියන අතර අනෙක් පැත්තට ඇවිත් මූල්‍ය ආධාර බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වන්නේ පළාත් පාලන ආයතන කොම්පැණියක් වගේ වානිජ්‍ය ලෙස හිතන්න කටයුතු කරන්න පුරුදු කරන්නයි. බොහෝ පළාත් පාලන ආයතන සතුව වටිනා ඉඩම් තියෙනවා. ඒවගේ කඩ කාමර ,නිවාස ඉදි කර ආදායම් සොයන ක්‍රමවේද තියෙනවා. නමුත් සෑමදාම මහා ආණ්ඩුවෙන් ආධාර අරගෙන කටයුතු කරන්න ඇතැම් පළාත් පාලන හැමදාම බලාපොරොත්තු වන්නේ .
දේශීය ණය අරමුදල බැංකුවක් ලෙස ශක්තිමත් අයුරින් පවත්වාගෙන යන්න අවශ්‍ය අණපනත් සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අපි මහා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා දේශීය ණය අරමුදල ශක්තිමත් කරනවා නම් වැඩියෙන් ණය දී පළාත් පාලන ආයතන ශක්තිමත් කොට එම ආයතන ස්වාධීන තත්වයට ගෙන එන්න හැකියාව තියෙනවා. මේ වැඩ සටහන් තුන අද අපි ක්‍රියාත්මක කළා ,මෙය ජනතා හිතකාමි අමාත්‍යාංශයක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්.
කලින් අපේ අමාත්‍යාංශ්‍ය ගැන කියන විට සිහිපත් වන්නේ පළාත් පාලන හෝ පළාත් සභා ජන්ද යයි .නමුත් අද ඊට වඩා කටයුතු කෙරෙන බව කාටත් පැහැදිලියි. අපේ අමාත්‍යාංශයේ නිලධාරි පිරිස දක්ෂම පිරිස ලෙස මම දකිනවා. පළාත් පාලන මැතිවරණ සමයේ මගේ අමාත්‍යාංශයේ නිලධාරීන් විදපු පීඩනය මෙරට කිසිම අමාත්‍යාංශයක් වින්දේ නැහැ. අපිට ඊට මුහුණ දෙන්න හැකිවූයේ අපි නිතරම හරි දේ කල නිසයි. අපි කොළේ වහලා ගැහැව්වේ නැහැ. ඇත්ත කතා කළා ජනතාවට සුබදායි දෙයක් සිදු කළා.
පළාත් පාලන මැතිවරණයෙන් පසු 25% ක කාන්තා නියෝජනය තියෙනවා. අපේක්ෂකයින් අඩුම වියදමක් වැය කළ මැතිවරණය ලෙස හැදින්වෙනවා. එමෙන්ම පොලිස් වාර්තාවට අනුව ප්රචණ්ඩ ක්‍රියා අඩු සාමකාමීව ජන්ද ක්‍රමය වෙනස් කරන්න කියන අයට කියන්න කැමතියි. තමුන්නාන්සේලාගේ දේශපාලන පක්ෂයට ලැබෙන පංගුව ගැන හිතන්න එපා.
සුළු පක්ෂ නියෝජනයක් ඇති කරන්න සමානුපාතික ක්‍රමයක් ඇති කළා. අපි සිදුකල සෑම දෙයක්ම කළේ ජනතා සුබ සාධන වෙනුවෙන්. දේශපාලන පක්ෂය ගැන හිතලා නොවේ . මම දැක්කා ළගදී එක දේශපාලනඥයෙක් සමාව ඉල්ලනවා මේ ක්‍රමයට ජන්දය තියපු එක ගැන .හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවරමක් ලබා ගෙන ඒ ජනවරමෙන් ජනාධිපතිවරයා,අගමැතිවරයා පොරොන්දුවක් දුන්නා.අපි ගමට වග කියන මන්ත්‍රීවරයෙක් බිහි කරනවා කියලා. දූෂිත මනාප ක්‍රමයෙන් ඈත්වෙනවා කියලා. මේ ක්‍රමය වෙනස් කරලා දූෂිත ක්‍රමයට ගියා නම් 2015 ජනවාරියේ ලබපු ජනවරමට කරන ලොකුම ද්‍රෝහිකම කියලා මම හිතනවා.මේ ක්‍රමට වෙනස් කරන්න හදන උදවියට ජනතාව පාඩමක් උගන්වයි කියලා. ”
අමාත්‍යාංශ ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතා මේ අවස්ථාවටඅදහස් දක්වමින්“ නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපතිනි හා එක්සත් රාජධානි තානාපතිනි හා එක්සත් රාජධානි තානාපති නියෝජනය කරමින් එහි වෙළද ප්‍රධානියා මේ අවස්ථාවට එක් වී සිටින අතර ඉදි කිරීම් කරන එම රටවල සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන් පැමිණ තියෙනවා. ග්‍රාමීය පාලම් පන්සීයක් ඉදි කිරීමේ මේ ව්‍යාපෘතියට මහා මාර්ග අමාත්‍යාංශයෙන් ඉතා විශාල සහයෝගයක් ලැබී තියෙනවා.
එම නිසා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්,පළාත් ලේකම්වරු,ඉංජිනේරුවන් එක් වී සිටිනවා. වර්තමාන රජය මෙම වැඩසටහ ආරම්භ කළේ ඉදිරි වසර දෙක තුළදී ග්‍රාමීය ප්‍රදේශවල පවත්නා ප්‍රවාහන විසදුමක් ලබා දීම සදහායි. ඇමතිතුමා අග්‍රාමාත්‍යතුමා සමඟ සාකච්ජා කරලා එමෙන්ම ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ජා කරලා මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරලා මාස දෙකයි වෙන්නේ. මුදල් අමාත්‍යාංශයේ සහයෝගයත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය නිසා මේ ගිවිසුම ඉක්මනට අත්සන් කිරීමේ අවස්ථාව අපිට ලැබුණා. ඒ නිසා ඉදිරි වසර දෙක තුලදී මේ ව්‍යාපෘති අවසන් කර එහි ප්‍රතිඵල ජනතාවට පෙන්වන්න හැකිවෙනවා. ඒක තමයි අපේ අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය”.
මෙහිදී පාලම් පන්සීය සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම පළාත් සභා ,පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි මහතා හා නෙදර්ලන්තයේ හා එක්සත් රාජධානියේ අදාළ සමාගම් අතර සිදු විය.
මේ අවස්ථාවට රාජ්‍ය ඇමතිනි ශ්‍රියාණි විජේවික්‍රම මහත්මියද එක්ව සිටියාය.මෙහිදී ග්‍රාමීය පාලම් පන්සීය ගැන එම ව්‍යාපෘති සම්බන්ධීකාරක අචාර්ය මනෝමි පෙරේරා,පළාත් පාලන අත්පොත එළි දැක්වීම පිළිබඳ එම සම්පාදනය කළ ශ්‍රී ලංකා පළාත් පාලන ආයතන අධ්යක්ෂ සුජීව සමරවීර,දේශීය ණය සංවර්ධන අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා යුගානි අමරසිංහ යන මහත්ම මහත්මීන් අදාළ විෂයන් පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළහ.
Comments
Post a comment