කොළඹ පිටකොටුව පදික වෙළඳුන් එලවිමට කිසිවෙකුටත් මම ඉඩ තියන්නෙ නැහැ - පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා අද දින කොළඹ පිටකොටුව පදික වෙළඳුන්ගේ ගැටලු සොයා බැලිමේ නීරීක්ෂන චාරිකාවක නිරතවීය. එහිදි පදික වෙළඳුන් මුහුන පාන ගැටලු රාශියක් පිළිබඳව අමාත්‍යතුමා තම අවධානය යොමු කරන ලදි. මෙහිදි අදහස් දැක්වු අමාත්‍යතුමා.....
පදික වෙළඳුන්ගේ ගැටලු නිරාකරණය කිරීම සඳහා තමන් කවදත් පෙනී සිටි බවත් ඉදියේදී ද පදික වෙළඳුන් වෙනුවෙන් තමා පෙනී සිටින බවත්, මෙය එක්සත් ජාතික පක්ෂ බලකොටුවක් නොව මෙය ෆයිසර් මුස්තෆාගේ බලකොටුවක් බව පැවසිය.
පදික වෙළදුන් ඉවත්කිරීම හො ඔවුන්ට එරෙහිව සිදුකෙරෙන ඕනෑම ගැටලුකාරී තත්වයකදී ඊට එරහිව මුලින්ම නැගී සිටින්නේ තමන් බවත් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා පැවසීය.
එමෙන්ම පදික වෙළදුන්ගේ සුභ සාධන කටයුතු ඉහළ නැන්වීම තම අපේක්ෂාව බවත්, විශේෂයෙන්ම නගර සභාව සහ පොලීසියෙන් පදික වෙළදුන් හට සිදුවෙන ගැටලු අවම කිරීමට තමන් මූලිකත්වය ගෙන කටයුතු කරන බවත් අමාත්‍යතුමා ප්‍රතාශ කරන ලදි.
ඉදිරියේදී කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නගර සභාවක් පිහිටුවීමට තමන් කටයුතු කරන අතර ඒ සදහා මැද කොළඹ ජනතාවගේ සහයොගය තමන් අපේක්ෂා කරන බවත් තව දුරටත් අදහස් දක්වමින් පැවසීය.
Post a Comment