முஸ்லிம் சமூகம் அதிர்ச்சி...!!!! இராஜதந்திர குழியில் வீழ்ந்தார் ஹக்கீம்...!! ( ஏ.எச்.எம்.பூமுதீன்) பாகிஸ்தான் பிரதமர் இம்ரான் கானிற்கான விசேட இரவு விருந்துபசார நிகழ்வில் முகா தலைவர் ரவூப் ஹக்கீம் பங்குபற்றியமை முஸ்லிம்கள் மத்தியில் பெரும் அதிர்ச்சி அலையை ஏற்படுத்தியுள்ளது.. பிரதமர் மஹிந்த ராஜபக்ஷவின் ஏற்பாட்டில் அலரி மாளிகையில் நேற்று (23) செவ்வாய்கிழமை இரவு இந்த விருந்துபசாரம் இடம்பெற்றது. இம்ரான் கான் நேற்று இலங்கை வந்தடைந்த வேளை - ஜனாஸா எரிப்புக்கு எதிராக , அரசாங்கத்தை மிகக் கடுமையாக தூற்றி - கொழும்பு காலிமுகத்திடலில் ஊர்வலம் போன ஹக்கீம் - அன்று மாலையே விருந்தில் கலந்துகொண்டமை - ஹக்கீமின் இரட்டை வேடத்தை வெளிச்சம் போட்டுக் காட்டுகின்றது. இம்ரான் கான் - கட்டாய ஜனாஸா எரிப்பு விவகாரத்தை முடிவுக்கு கொண்டுவர அரசிடம் பேசுவார் என்ற எதிர்பார்ப்பு மற்றும் முஸ்லிம் கட்சிகளை சந்திப்பார் என்ற முஸ்லிம் சமுகத்தின் இரு எதிர்பார்ப்பும் தவிடுபொடியான நிலையில் - ஹக்கீம் , விருந்தில் கலந்துகொண்டமை - அவர், அரசின் அடிமை என்பதையே துல்லியமாக காட்டி நிற்கின்றது. ஹக்கீம் - விருந்தில் கலந்து கொண்டதன் மூலம்
සංචාරක ක්ෂේත්රයේ ආදායමට වඩා රටේ ගරුත්වය ඊට වඩා වැදගත්. විදේශිකයින්ට පමණයි යනුවෙන් සඳහන් කරන හෝටල්වලින් දේශිය සංචාරකයා ඈත් කිරීමට පළාත් පාලන අමාත්‍යංශය විදියට අපි ඉඩදෙන්නේ නෑ. රටේ ආත්මගරුත්වයට බලපාන මේ ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍යයි. - අමාත්‍ය ෆයිසර් මුස්තාෆා.
විදේශිකයන්ට පමණක් යනුවෙන් ලේබල් කරමින් දේශීය සංචාරකයින් අපහසුතාවයට පත්කරමින් පලාත් කිහිපයක හෝටල් ක්ෂේත්රය තුළ ක්‍රියාත්මක කරමින් පවතින වැඩපිළිවෙලක් පිළිබඳව කරුණු අනාවරණය වී ඇත. දේශීය සංචාරකයින්ගේ ද වර්ධනයක් පෙන්නුම් කරන මෙවැනි කාලසීමාවක සංචාරක ප්‍රවර්ධනයට බාධා එල්ලකරමින්, සංචාරකයින්ගේ මානව අයිතිවාසිකම් ද උල්ලංඝණය කරමින් ක්‍රියාත්මක වන මෙම සිදුවීම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා.
ඒ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
ඊට අමාත්‍යංශ ලේකම් කමල් ටී. පත්මසිරි මහතා, සංචාරක අමාත්‍යංශ ලේකම් ඇසළ වීරකෝන්, දකුණු පළාත් පාලන කොමසාරිස්, පොලිස් මූලස්ථානය නියෝජනය කරමින් නියෝජ්‍ය පොලිස්පති - අපරාධ ඇතුළු පොලිස් නිලධාරින්, දකුණු පළාත් ප්‍රධාන ලේකම්, සංචාරක අමාත්‍යංශයේ ලේකම්, වැලිගම නගර සභාවේ ලේකම්, වැලිගම ප්‍රාෙද්ශිය සභාවේ ලේකම් සහ හබරාදූව ප්‍රාෙද්ශිය ලේකම්වරියන් සහ හෝටල් හිමිකරුවන්ගේ සංගමය එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමා.
.... ශ්‍රි ලංකාවේ සංචාරක ක්ෂේත්‍ර දියුණු කළ යුතුයි. හැබැයි ලංකාවේ ඕනම බිම් අගලක හෝ වෙරළ තීරයේ ලාංකිකයකුට යෑමේ අයිතිය තිබිය යුතුයි. සමහර අය හිතනවා නම් ඒ අයට සංචාරක ව්‍යපෘති දියුණු කරන්න පුළුවන් කියලා ලාංකිකයන්ට ස්ථානවලට පැමිණිම සම්බන්ධයෙන් තහංචි දාන්නයි, ලාංකිකයන්ට ඒ ස්ථානවලට වෙනම මුදලක් අය කරන්න හදනවා නම් මං හිතන්නේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ. උණවටුන සහ මිරිස්ස යන ප්‍රෙද්ශවල ශ්‍රී ලාංකිකයන් සමහර ස්ථානවලට පැමිණෙන කොට නොයෙක් බාධක, තහංචි, පනවනවා. ඒ සම්බන්ධයෙන් අපි සංචාරක මණ්ඩලය, සංචාරක අමාත්‍යංශය, පොලිසිය, ඒ පළාත් පාලන ආයත.න දෙක වහාම කටයුතු කළ යුතුයි. මං සාචරක මණ්ඩලයෙන් ඉල්ලා හිටිනවා එවැනි ආයතන සංචාරක මණ්ඩලයේ අවසරයක් තියෙනවා නම් වහාම ඒ අවසරය නවත්වන්න. සංචාරක මණ්ඩලයේ අනුමැතිය නැතුව පවත්නා විදේශිකයන්ට පමණයි කියන භෝජනශාලා සහ හොටෙල් වහාම ඒ සම්බන්ධයෙන් නඩු පවරන්න. ලාංකිකයෙක් හැටියට මට කැක්කුමක් තියෙනවා මේ විදේශිකයන්ට පමණයි කියන බෝඩ් එකක්.. අද අපි තාමත් යටත් විජිතවාදි රටක්ද කියන එක ඉස්මතු වෙනවා. අපේ රටේ ආත්මගරුත්වය පිළිබඳව තියෙන ප්‍රශ්නයක්. පළාත් පාලන කොමසාරිස්තුමා ඉන්නවා, පොලිසිය ඉන්නවා, හෙට පටන් දකුණු පළාතේ විදේශිකයන්ට පමණක් තියෙන ආයතන තිවෙනවා නම් ටුවරිස්ට් බෝඩ් අනුමැතිය තියෙනවා නම් ටුවරිස්ට් බෝඩ් අනුමැතිය වහාම කැන්සල් කරන්න. ව්‍යාපාර ලියාපදිංචි කිරිමක් කරලා තියෙනවා නම් ඒ ලියාපදිංචි කිරිම වහාම අත්හිටුවන්න. ඒවගේම නඩු පවරන්න. අපි ලාංකිකයෝ හැටියට ලැජ්ජා වෙන්න ඕන අපේ රටේ මේක සිදුවෙන එක ගැන. නීති සහාය දෙන්නම්.. මම පෞද්ගලිකව වුණත් නීති සහාය දෙන්නම්. මෙවැනි තත්ත්වයක් උදාවීම රටට කරන අපහාසයක්.....
වැලිගම නගර සභාවේ ලේකම්, වැලිගම ප්‍රාෙද්ශිය සභාවේ ලේකම් සහ හබරාදූව ප්‍රාෙද්ශිය ලේකම්වරියන් විසින් මෙහිදී අමාත්‍යතුමා වෙත මෙම සිදුවීම් පිළිබඳව දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරන්නට යෙදුණා. එහිදී ඔවුන් මතුකර සිටියේ මෙවැනි සිදුවීම් මේ මොහොතේ පටන්ම නතර විය යුතු බවටයි. ඔවුන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මැතිතුමා.
......අද අපි තීන්දුවක් කරා වැලිගමට හෙට සංචාරක මණ්ඩලයේ නිලධාරින් දෙන්නෙක් දෙනවා. ඒ මුහුදු තීරයේ තියෙන ව්‍යාපාර ස්ථාන පරීක්ෂා කරලා විදේශිකයන්ට පමණක් කියලා තිබ්බ නම් ඒගොල්ලන්ගේ ට්‍රේඩ් ලයිසන් කැන්සල් කරන්න. ඔබතුමිය ක්‍රියාමාර්ග ගන්න. අලුත් කරන්න එපා. ඒ අතරතුර ඔබතුමා යම් ස්ථාන තියෙනවා නම් ටුවරිස්ට් බෝඩ් අනුමැතිය ඇවිල්ලා තියෙනවා නම් වහාම ටුවරිස්ට් බෝඩ් අනුමැතිය කැන්සල් කරන්න. ඔබතුමා තීන්දුවක් ගන්න. වැලිගම අපි හෙට තීන්දු කළා. අනිද්දා හික්කඩුව. මිරිස්ස 3 සහ 4. පස්වෙනිදා හික්කඩුව. හය හබරාදූව. ඊට පස්සේ අපි ඊළඟ සතියේ අපි ආයේ රැස්වීමක් හම්බවෙනවා මේකේ ප්‍රගතිය බලමු. නැත්නම් මේක කතාවට පමණක් සීමා වෙනවා.....
Comments
Post a comment