Skip to main content

அடிப்ப‌டைவாத‌ம் என்றால் என்ன‌?

  அடிப்படைவாதம்   (Fundamentalism)   என்பது வழக்கமாக சமயம் சார்ந்த நம்பிக்கைகளின் மீது வைக்கும் அசைவிலாத பற்றுறுதியைக் குறிக்கும். [1]   என்றாலும், இது சில சமயக் குழுக்களின் விவிலிய இலக்கியத்தைக் கண்டிப்பாக கடைபிடிக்கும் போக்கை, அதாவது அதில் குறிப்பிட்டுள்ள வேதாகம உரைகளையும் வறட்டுவாய்பாடுகளையும் கருத்தியல்களையும் பின்பற்றும் நடைமுறைப் போக்கையும் அதன் உட்குழு புறக்குழு பாகுபாட்டை பற்றிகொண்டு ஒழுகுதலையும் குறிக்கிறது. [2] [3] [4] [5]   இது குறிப்பிட்ட சமய உறுப்பினர்கள் பிறழ்ந்த ஒழுக்கத்தைப் பின்பற்றும்போது, தூய்மைவாத நிலையில் முந்தைய கருத்தியல்களுக்கு மீட்பதில் உறுதிப்பாட்டையும் விருப்பார்வத்தையும் முன்வைக்கும் போக்காகும். இதனால், இந்நிறுவப்பட்ட மறைசார் அடிப்படைகளில் நின்று, இவ்வடிப்படைகள் சார்ந்தெழும் பன்முகக் கருத்துகளைப் புறந்தள்ளிவிட்டு குழுவுள்ளே அனைவராலும் ஏற்கப்பட்ட பொது கருத்தேற்பாக அடிப்படைவாதம் உருவாக்குகிறது.   [6]   சூழலைச் சார்ந்து, அடிப்படைவாதம் ஒருபுறம் சாய்வதாக அல்லது கோடியதாக அமையுமே ஒழிய நொதுமல்/பொதுநிலையை ஏற்பதில்லை. இது, இடதுசாரி, வலதுசாரி அரசியல் கண்ணோட்டங்களைச் சில

විශ්වාසභංග දෙකකට එකවර මුහුණ දුන්න එකම ඇමති විදියට මම අභියෝගවලට මුහුණ දුන්නා.. සත්‍ය ජයගත්තා. රට, ජනතාව අපි සමඟ හිටියා. - අමාත්‍ය ෆයිසර් මුස්තාෆා.

  “ මට සහ මගේ ලේකම්තුමාට තිබුණ අභියෝග මේ අවුරුදු දෙකේ කිසිම ඇමති කෙනෙකුට හෝ ලේකම් කෙනෙකුට තිබුණේ නෑ.හැබැයි අපි හෘද සාක්ෂියට එකගව හරි දේ වෙනුවෙන් පෙනී සිටින නිසා මං හිතන්නේ අපිට කොන්ද කෙලින් තියාගෙන ඕනම ප්‍රශ්නයකට මුහුණ දීමේ හැකියාව ලැබුණා. විශ්වාසභංග යෝජනා එකක් නෙමෙයි, දෙකක්. ඒ අභියෝග දෙකකට මුහුණදිමට සිදුවූ එකම ඇමති හැටියට මම දකිනවා. මම විශ්වාස කරනවා අන්තිමට සත්‍ය ජයගත්තා. අපි අභියෝගවලට මුහුණ දුන්නා. රට සහ ජනතාව අපිත් එක්ක හිටියා. අපි වැරදිකරු කියපු සමහර උදවිය අපිත් එක්ක එකතුවෙලා මේ ප්‍රශ්නය නිරාකරණය කිරීමට කැපවී සිටියා. ”

 අමාත්‍යතුමා මේ අදහස් පළකළේ අද පෙරවරුවේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ පසුගිය දෙවසර තුළ පළාත් පාලන ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් සහ 2018 වසරේ  ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව වැඩසටහන් පිළිබද මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීයි.  මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා.

 “  මේ අමාත්‍යංශය කවදාවත් දේශපාලන දෘෂ්ටිකෝණයකින් බැලුවේ නෑ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිනෙකෙකු වුවත් නිදහස් පක්ෂයේ පාක්ෂිකයින්ට හෝ ඇමතිවරුන්ව හෝ මන්ත්‍රිවරුන්ට පමණක් සේවය කිරිමට අපි සීමා වුණේ නෑ. අපි දැවැන්ත සංවර්ධනේ කරනකොට මෙම අමාත්‍යංශය විවෘත දොරක් වුණා. ඕනම දේශපාලන පක්ෂයකට ඕනම කෙනෙකුට උදව් කරන්න අපි අත දුන්නා. ඒවගේම මුලින්ම ආපු කෙනාට අපි පක්ෂ භේද බලන්නැතුව අපි උදව් කරලා තියෙනවා. අපි බිම්මට්ටමට තමන්ගේ කර්තව්‍ය කිරීමට අපි අත දුන්නා. නොයෙක් අමාත්‍යංශ නොයෙක් විධිවිධාන අනුමත කරලා තියෙනවා. සමහර අමාත්‍යංශ ඍජුව ටෙන්ඩර් කැදවලා තියෙනවා. හැබැයි අපි පළාත් පාලන සහ පළාත් සභාවලට තමන්ගේ කර්තව්‍ය කිරීමේදී අතදිය යුතුයි කියන මතේ උඩ තමයි අපි වැඩකලේ. සමහර අමාත්‍යංශ රේඛීය අමාත්‍යංශ ඔක්කොම බදාගන්නවා. පලාත් පාලන ආයතන හිර කරනවා. පළාත් සභා හිරකරනවා. මුදල් පාලනයේදී තමන්ගේ ආධිපත්‍ය ගෙනියනවා. හැබැයි අපි කලේ පළාත් සභාවලට, පළාත් පාලන ආයතනවලට මුදල් දුන්නා, අපිත් අත දුන්නා ඒගොල්ලන්ගේ සංවර්ධන කටයුතුවලට. මේ අපේ මුදල්... තමුන්නාන්සේලා අපි කියන විදියට වැඩකරන්න ඕන කියන මතයේ අපි හිටියේ නෑ. අපිට අවශ්‍ය කරන්නේ රටක් හැදිමේදී සියලු දෙනාගේම දායකත්වය. අපි දෙමළ සන්ධානය එක්ක උතුරේ වැඩකරලා තියෙනවා.. නැගෙනහිර මුස්ලිම් පක්ෂ එක්ක වැඩ කරලා තියෙනවා. අපිට දේශපාලනයක් නෑ. බොහෝ අමාත්‍යාංශවල විශාල සම්පත් ප්‍රමාණයක් තමන්ගේ බල ප්‍රදේශයට යොදනවා. මං වගකීමෙන් කියනවා මගේ බල ප්‍රදේශයට මං අපේ අමාත්‍යංශයේ සම්පත් යොදපු ප්‍රමාණය බොහෝ අමාත්‍යංශවල ඇමතිවරු යොදපු සම්පත්වලට වඩා විශාල වශයෙන් අඩුයි කියලා. හේතුව අපි ඇමතිකම් ලබලා තියෙන්නේ රට ඉදිරියට ගෙනියන්න. ”

 ප්‍රාදේශීය විෂමතා අවම කිරීම සදහා 2016 වසර තුළ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් දියත් කළ සංවර්ධන ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 22,164ක් ආයෝජනය කර ඒ මගින් පළාත් 9ම තුළ මිලියන 5කට අධික පිරිසක් වෙත ප්‍රතිලාභ සලසා ඇත.

 2016 වසර තුළ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහා රුපියල් මිලියන 25,281ක මුදලක් ප්‍රතිපාදන වශයෙන් ලබා දි ඇති අතර එයින් රුපියල් මිලියන 22,164ක් සංවර්ධන කටයුතු සඳහා භාවිතා කිරීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට හැකි වූ අතර සමස්ථ ප්‍රතිපාදනයන්හි උපයෝගීතාව ප්‍රතිශතයක් ලෙස 91.25% කි.

 2017 වසරේ අයවැය මගින් ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 19ක් සදහා රුපියල් මිලියන 36,070.75ක මුදලක් වෙන් කර තිබෙනවා.

 2017 වර්ෂය තුළ දේශිය අරමුදල් ප්‍රතිපාදන මත සංවර්ධන, පළාත් පාලන සහ පළාත් සභා, ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ යන ක්ෂේත්‍රයන්ගේ ව්‍යාපෘති සඳහා පමණක් රුපියල් මිලියන 14,650.35ක මුදලක් වෙන් කළ අතර පුරනැඟුම, මහ කොළඹ අප ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ අදියර 2 සහ 3, ඉරණමඩු වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘතිය, කිලිනොච්චි ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය, ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය, උතුරු පළාත් මාර්ග සම්බන්ධිත ව්‍යාපෘතිය, ද්විතියික ආංශික සංවර්ධන ව්‍යාපෘතිය, පාසැල් අධ්‍යාපන පද්ධතිය පරිණාමනය කිරීමේ ව්‍යාපෘතිය, පළාත් පාලන ආයතන සඳහා කැලිකසල එකතු කිරීමේ කම්පැක්ටර්සි 151ක් ලබාදීම, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය යන ප්‍රධාන ව්‍යපෘතීන් සඳහා රුපියල් මිලියන 30,164ක මුදලක් විදෙස් ප්‍රතිපාදන ලෙස ලබාදී ඇත. මෙම ව්‍යාපෘතීන් මේවන විටත් ක්‍රියාත්මක වෙමින් පවතියි.

 මෙහිදී අමාත්‍යතුමන් පැවසුවේ අමාත්‍යාංශය හරහා විදේශ අධාර මත විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් ආරම්භ කිරිමට හැකියාව ලැබුණු බවයි. එමෙන්ම වසර 10ක් ඉක්මව ගියත් ගිනි නිවන උපකරණ මෙතෙක් මෙරටට නොලැබී ඇති නමුත් පළාත් පාලන අමාත්‍යංශය ඔස්ට්‍රියන් රජයේ ආධාර මත නවීන ගිනි නිවන උපකරණ ගෙන්වීමට කටයුතු කරන අතර කවෂීමා යන්ත්‍ර හැම පළාතකම එකක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද අමාත්‍යතුමා මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කළා.

 “ අපේ අඛණ්ඩ භෞතික සහ මූල්‍ය ප්‍රගතිය මේ අවුරුදු තුනට සියයට 90 ඉක්මවලා ගිහිල්ලා තියෙනවා. ඒවගේම අපේ අමාත්‍යංශයේ විදේශ ආධාර ඇතිව කරන ව්‍යාපෘති රාශියක් තියෙනවා. මේ අවුරුද්දට අපිට තියෙනවා ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය හංගේරි, නෙදර්ලන්ඩ්, බෙල්ජියම්, ඔස්ට්‍රියා රටවල්වල වැඩසටහනක් තියෙනවා ග්‍රාමීය පාලම් වැඩසටහන ඉදිරියට ගෙනයෑම සඳහා. ඒවගේම ජයිකා, වර්ල්ඩ් බෑන්ක් සහ ඒඩීබී ආධාර ඇතිව ටවුන් ෂිප්ස්.... ඒ කියන්නේ තිබෙන නගර ප්‍රධාන නගර කිරීම සම්බන්ධයෙන් මූල්‍ය ආධාර දෙනවා 25කට. ඒවගේම වකුගඩු රෝගය පවතින ප්‍රදේශවල පවතින ජල ප්‍රශ්නය විසදීමට අපිට විදේශ ආධාර ලැබෙනවා ඒ කර්තව්‍ය කිරීමට. ඒවගේම උතුරු නැගෙනහිර සහ උතුරු මැද ප්‍රදේශවල ජලය සහ ග්‍රාමීය පාරවල් දියුණු කිරීම සම්බන්ධයෙන් අපට විදේශ ආධාර ලැබෙනවා ඒ කර්තව්‍ය කිරීමට. ඒවගේම උතුරු නැගෙනහිර සහ උතුරු මැද ප්‍රදේශවල ජලය සහ ග්‍රාමීය පාරවල් දියුණු කිරීම සම්බන්ධයෙන් අපට විදේශ ආධාර ලැබෙනවා. ඊට අමතරව ගිනි නිවන යන්ත්‍ර උපකරණ අවුරුදු 10කට ලංකාවට ලැබිලා නෑ.  ඒනිසා අපිට ඔස්ට්‍රියන් රජයේ ආධාර ඇතිව අපි ඒ ප්‍රශ්නයත් විසදීම සම්බන්ධයෙන් ආධාර ලැබෙනවා.....

 ...ඒවගේම අපි දන්නවා අක්කර දාසය දාහක් ඉරණමඩුව ජලාශයේ වික්ටෝරියා හා සමානයි මේ උතුරු ප්‍රදේශයට ලැබෙන දායකත්වය බලනකොට. ඒනිසා අපේ අමාත්‍යංශයේ සමස්තයක් ලෙස ගත්තහම සෑම පළාතකටම අපි උදව් කරලා තියෙනවා. කිසිම පළාතකට අපි කුඩම්මා සැලකිලි දීලා නෑ. ඒවගේම අපි දන්නවා මෙට්‍රික් ටොන් 50ක් කවෂීමා යන්ත්‍ර අපි හැම පලාතේම අඩු ගානේ එකක්  ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒනිසා අපේ අමාත්‍යංශයේ වැයශිර්ෂ දිහා බලනකොට දේශිය මුදල් ලැබීම්වල යම් අඩුවක් දැක්කත් අපේ අමාත්‍යංශය හුගාක් විදේශ ව්‍යාපෘති තමයි මේ අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක කරන්නේ. අපි අඩුගානේ දුෂ්කර පළාත් පාලන 25ක් තෝරාගෙන ඒ පළාත් පාලන ආයතන 5 තාක්ෂණය සහ මානව සම්පත් සහ අනෙකුත් සියලුම පහසුකම් ලබාදී ඒ පළාත් පාලන ආයතන ආදර්ශ පළාත් පාලන 25ක් කිරීමට අපි බලාපොරොත්තුවෙනවා....

 .....අපි දැකලා තියෙනවා අමාත්‍යංශ කෑලි කෑලි දෙනවා හැම පළාත් පාලන ආයතනවලට. ඒ කියන්නේ ඇඟට දැනෙන දෙයක් කෙරෙන්නෑ. අපේ බලාපොරොත්තුව සෑම පළාත් පාලන ආයතනයකටම උදව් කරනවා වගේම ලෝකයේ අනිත් රටවල් දිහා බලනකොට මානව සම්පත් කළමනාකරණය හුගාක් දියුණුයි. හැබැයි ලංකාවේ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් ලබාදෙන මුදල් ප්‍රමාණය හුගාක් අඩුයි. හැබැයි අපේ ඉලක්කය අපේ මේ විදේශ ණය දෙන ආයතන එක්ක අපි සාකච්ඡා කරන විට අපි දැන් කියන්නේ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් වැඩි මුදලක් දෙන්න කියලා...   ”

මේ අතර මාධ්‍ය හමුවට සහභාගි වූ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතා පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම් පනතේ දෝෂයක් පිළිබඳව මාධ්‍ය දැනුවත් කළා.

 “පනතේ තියෙනවා අපේක්ෂකයන් තුනකට අඩු කියන එකේ Less than three කියලා ඉංග්ලිෂ්වල තියෙනවා. ටැමිල් එකෙත් තියෙනවා. සිංහල එකෙත් අර Less than three කියන එක තුනකට අඩු කියන අකුරු ටික නෑ. සීමා නිර්ණයේ නෙමෙයි. මේ මැතිවරණ ඡන්ද විමසිම් පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම් පනතේ. ඒක නිවැරදි කිරීමේ සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට විවාද කරනවා...”.

Comments

Popular posts from this blog

ஐக்கிய‌ காங்கிர‌ஸ் க‌ட்சியின் அமைப்பாள‌ராக ச‌தீக்‌

  வ‌ன்னி மாவ‌ட்ட‌த்தை சேர்ந்த‌ எம். எஸ். எம்.  ச‌தீக்  அவ‌ர்க‌ள் ஐக்கிய‌ காங்கிர‌ஸ் க‌ட்சியின் (உல‌மா க‌ட்சியின்) தேசிய‌ அமைப்பாள‌ராக‌வும் உய‌ர் ச‌பை உறுப்பின‌ராக‌வும்  நிய‌மிக்க‌ப்ப‌ட்டுள்ளார். அண்மையில் ஸூம் மூல‌ம் ந‌டை பெற்ற‌ க‌ட்சியின்  விசேட‌ உய‌ர் ச‌பைக்கூட்ட‌த்தின் போது க‌ட்சியின் த‌லைவ‌ர் முபாற‌க் அப்துல் ம‌ஜீதின் சிபாரிசின் பேரில் இவ‌ர் நிய‌மிக்க‌ப்ப‌ட்டார்.

நோன்பு, ஹஜ் பிறை சர்ச்சைகளும் அவற்றுக்கான தீர்வுகளும்

-முபாறக் அப்துல் மஜீத் மௌலவி – - பிறை பார்த்து நோன்பு பிடித்தல், பிறை கண்டு நோன்புப் பெருநாளை எடுத்தல், ஹஜ் பிறையின் ஆரம்பம், அரபா நாள் என்பன சமீப காலத்தில் ஏற்பட்டுள்ள நவீன பிரச்சினைகளாகும். வானொலி, தொலைபேசி, சட்டலைட் போன்றவை இல்லாத ஒரு காலத்தில் இது ஒரு பிரச்சினையாக இருக்கவில்லை. மாறாக இது பரவலாக்கப்பட்டு உலகம் ஒரு குறுகிய, சிறிய கிராமமாக உருவெடுத்துள்ள நிலையிலேயே இப்பிரச்சினைகள் எழுந்துள்ளன. இன்றைய உலகம் என்பது ஒரு மனிதனின் உள்ளங்கைக்குள் அடங்குமளவு சுருங்கிவிட்ட நிலையில் முஸ்லிம் சமூகம் மத்தியில் இந்தக்கருத்துக்கள் பற்றிய விழிப்புணர்வும், அவை பற்றிய தெளிவையும் எதிர் பார்ப்பதில் அர்த்தமுண்டு. இது விடயம் ஒரு பிரச்சினையாக உருவெடுத்தமைக்கு பல நியாயமான காரணங்களும் உள்ளன. அத்தகைய நியாயங்களை நாம் குர்ஆன், ஹதீத் நிலைமையில் நின்று ஆராயும் போது பல தெளிவுகள் நமக்கு ஏற்படும். ஆகவே, பிறை விடயத்தை நாம் ஆராயும் போது குர்ஆன், ஹதீத் ஆதாரங்கள், சூழல், நவீன தொழில் நுட்பம் என்பனலற்றை கருத்திற் கொள்ள வேண்டியது அவசியமானதாகும். இந்த வகையிலேயே நாம் பிறைக்குரிய சர்சையை அணுக வேண்டும். அந்த வகைய

ஹக்கீமை சமூக துரோகி என குற்றம் சாட்டி அரசியல் செய்யும் முஸர்ரப்

ஞானசாரவை தூண்டி அரசியல் செய்யும் ரிசாத்தும் ஹக்கீமை சமூக துரோகி என குற்றம் சாட்டி அரசியல் செய்யும் முஸர்ரப்பும் இதுவே இவர்களின் அரசியல் வியூகம் ...................................................................... ரிசாத்தின் வர்த்தக அமைச்சால் பொத்துவிலுக்கோ அல்லது அம்பாரை மாவட்டத்தின் மக்களுக்கோ கிடைத்த நன்மைகள் என்ன? அம் மக்களுக்கு நன்மை கிடைத்ததோ இல்லையோ அந்த மக்களை காட்டி அவருக்கு அரபு நாடுகளில் கிடைத்த நிதிகளே அதிகம். அவர்கள் சொல்லும் 50 வீடு எந்த வர்த்தக அமைச்சினால் வந்தது? அவர்கள் சொல்லும் பள்ளி வாயலுக்கு வழங்கப்பட்ட நிதி எங்கிருந்து வந்தது? எந்த வர்த்தக அமைச்சினால் வந்தது? இன்று இளைஞர்களை ஒன்றுபடச் சொல்லும் முஸர்ரப்பினால் ரிசாத்தை கொண்டு எத்தனை இளைஞர்களுக்கு வேலை வாய்ப்பு பெற்றுக் கொடுக்கப்பட்டுள்ளது? அவரின் அமைச்சைக் கொண்டு இந்த அம்பாரை மாவட்டத்தில் ஏதாவது ஒரு தொழில் பேட்டை அமைக்கப்பட்டதா? சம்மாந்துறையில் அமைப்பேன் எனக் கூறி அம் மக்களை ஏமாற்றியதே மீதியானது இவ்வாறான பொய் பொத்தலோடு நாம் எவ்வாறு ஒன்றுபடுவது? ஒவ்வொரு முறையும் ஞானசாரவை தூண்டி அரசியல் செய்யும் ரிசாத