Skip to main content

அடிப்ப‌டைவாத‌ம் என்றால் என்ன‌?

  அடிப்படைவாதம்   (Fundamentalism)   என்பது வழக்கமாக சமயம் சார்ந்த நம்பிக்கைகளின் மீது வைக்கும் அசைவிலாத பற்றுறுதியைக் குறிக்கும். [1]   என்றாலும், இது சில சமயக் குழுக்களின் விவிலிய இலக்கியத்தைக் கண்டிப்பாக கடைபிடிக்கும் போக்கை, அதாவது அதில் குறிப்பிட்டுள்ள வேதாகம உரைகளையும் வறட்டுவாய்பாடுகளையும் கருத்தியல்களையும் பின்பற்றும் நடைமுறைப் போக்கையும் அதன் உட்குழு புறக்குழு பாகுபாட்டை பற்றிகொண்டு ஒழுகுதலையும் குறிக்கிறது. [2] [3] [4] [5]   இது குறிப்பிட்ட சமய உறுப்பினர்கள் பிறழ்ந்த ஒழுக்கத்தைப் பின்பற்றும்போது, தூய்மைவாத நிலையில் முந்தைய கருத்தியல்களுக்கு மீட்பதில் உறுதிப்பாட்டையும் விருப்பார்வத்தையும் முன்வைக்கும் போக்காகும். இதனால், இந்நிறுவப்பட்ட மறைசார் அடிப்படைகளில் நின்று, இவ்வடிப்படைகள் சார்ந்தெழும் பன்முகக் கருத்துகளைப் புறந்தள்ளிவிட்டு குழுவுள்ளே அனைவராலும் ஏற்கப்பட்ட பொது கருத்தேற்பாக அடிப்படைவாதம் உருவாக்குகிறது.   [6]   சூழலைச் சார்ந்து, அடிப்படைவாதம் ஒருபுறம் சாய்வதாக அல்லது கோடியதாக அமையுமே ஒழிய நொதுமல்/பொதுநிலையை ஏற்பதில்லை. இது, இடதுசாரி, வலதுசாரி அரசியல் கண்ணோட்டங்களைச் சில

*අලි - රිෂාඩ් සන්ධාන ගතවීම හා මුස්ලිම් බල දේශපාලනය

*අලි - රිෂාඩ් සන්ධාන ගතවීම හා මුස්ලිම් බල දේශපාලනය*

එම්.එච්.එම්. අෂ්රොෆ් විසින් කරළියට ගෙනා නැඟෙනහිර මුස්ලිම් බල දේශපාලනයේ අලුත්ම සිදුවීම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු ලේකම් හසන් අලි මහතා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමඟ සන්ධානයකට එක්වීමය.

අද නැඟෙනහිර (අම්පාර) මුස්ලිම් බල දේශපාලනයේ ප්‍රධානම බලවේගය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා අතාවුල්ලාය. අෂ්රොෆ් ගොඩනැඟූ මුස්ලිම් දේශපාලනය නැඟිට ආචාර කරන ගීතය මුස්ලිම් කොංග්‍රසයයි. නමුත් නුවර රවුෆ් හකීම් (කණ්ඩියාන්), අම්පාර 'මට්ටයන්' අතර ක්‍රමයෙන් පිරිහීමට ලක්වෙමින් තිබේ.
අක්කරෙයිපත්තුව සිය ජය භූමිය කොටගත් අතාවුල්ලා තමන්ගේ සීමාවට කිසිවකුට ඇතුළු වන්නට නොදෙන සිංහයකු විය. ඔහුට ඇත්තේ 'තමාගෙන් පසු පුතා' අධිපති දේශපාලනයයි. මුස්ලිම් 'ගමේකම' අක්කරේපත්තු නගර සභාව, ප්‍රාදේශීය සභාව වටකොට සිටී. මෛත්‍රි පිල සමඟ අතාවුල්ලා එක්වී ඇත. (මඩකළපුව කාත්තන්කුඩි මුස්ලිම් නායකයා වන එම්.එල්.එම්. හිස්බුල්ලා ද මෛත්‍රි සමඟය) මෛත්‍රිපාල මහතා අම්පාරට මුස්ලිම් සංවිධායකවරුන් 10කට වඩා පත්කොට ඇත.

රිෂාඩ්ගේ නැඟෙනහිර ආගමනය
පසුගිය මහ මැතිවරණයේ දී එහෙව් අම්පාර රිෂාඩ් ආක්‍රමණය කළේය. රිෂාඩ්ගේ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයට ඡන්ද 33,000ක් (10%) ලැබිණි. මන්ත්‍රි ධුරය සොච්චමකින් ගැස්සී ගියේය. නමුත් 2015 පාර්ලිමේන්තු මැතිවරණය 'මොනරා' සලකුණ අම්පාරේ සනිටුහන් කිරීමට සමත් විය. එය කල්මුණෙන් 18%ක්, සමන්තුරෙන් 27%ක්, පොතුවිල්හි 10%ක් මහ මැතිවරණයේදී ලැබීය. එය සවිමත් වීම හසන් අලිගේ ආගමනයේ අනිවාර්ය ප්‍රතිඵලය වනු ඇත.
රවුෆ් හකීම් මෙන් නොව රිෂාඩ්, මුස්ලිම් ජනතාවගේ ජාතිකවාදී නායකයා බවට පරිවර්තනය වීම ඇරඹුණේ පසුගිය මහ මැතිවරණයේදීය. සිංහල ජාතිකවාදය ඔහු විවේචනය කරන විට රිෂාඩ් එය මුස්ලිම් ජනතාවට කදිමට අලෙවි කළේ ශුර මන්නාරම් කරවල වෙළෙන්දකු ලෙසිනි. ඉන්පසු ඔහු සිංහල-මුස්ලිම් විරසකයක් ඇති වන්නේ කොතැනද, එතැනින් මොහොතින් මතුවෙයි.

ඒ නිසාම දකුණේ සිංහල ජාතිකවාදී ව්‍යාපාරයේ අනෙකා වන්නටද, දැන් උතුරු - නැඟෙනහිර පළාත්වල දෙමළ ජාතික සන්ධානයටද රිෂාඩ් අනෙකා බවට පත්වෙමින් සිටී. එයට සමගාමීව ඔහුගේ තරාදිය මුස්ලිම් ජාතිකවාදී ආකර්ෂණයෙන් බර වෙයි.
හසන් අලිගේ දේශපාලනය රිෂාඩ්ගේ දේශපාලනය නොවේ. ඔහු නැඟෙනහිර පමණක් නොව කොළඹ මූලික දේශපාලන ව්‍යාපාරයට ගෞරවනීය මහත්මා චරිතයකි. හසන් අලි ජාතික ලැයිස්තුවෙන් මිස මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තු ගොස් නැත. නමුත් ඔහු සතු බලය, හැකියාව, දක්ෂතාව 2015 ජනාධිපතිවරණයේදී එළිදැක්කේය.
මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර, පක්ෂයේ සභාපති හා ලේකම් වූ බසීර් සේගුඩාවුඩ් හා හසන් අලිට ලැබෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු විය. නමුත් හකීම් ජාතික ලැයිස්තුවට පත් කළේ එම්.එච්.එම්. සල්මාන් හා හකීම්ගේ සහෝදරයා වූ වෛද්‍ය ඒ.ආර්.ඒ. හෆීස්ය. පසුව, හෆීස් ඉවත්කොට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ එම්.එස්. තවුෆික් එම ධුරයට පත් විය. හසන් අලිත් බසිර් සේගුඩාවුඩ් දෙදෙනා එකතුව උදය ගම්මන්පිල කළා වගේම 'පිවිතුරු මුස්ලිම් කොංග්‍රසයක්' හැදුවේය.
පසුව මේ පිවිතුරු මුස්ලිම් කොංග්‍රසය කොළඹ පාදක 'මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණ' හා එක්ව එක්සත් සාම පෙරමුණ නම් සන්ධානය බවට පත්විය.
පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ ලේකම් මන්සූර් ඒ. කාදර් මැතිවරණ කොමිසම ඉදිරිපිටදී පක්ෂයේ ලේකම් බවට පත් කෙරිණි. පසුව පක්ෂයේ ලේකම් බවටද ඔහු පත් කෙරිණි. මන්ත්‍රි සල්මාන් ඉවත් කොට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය හසන් අලිට දෙන බවට දෙවියන්ගේ ඉදිරියේ 'වල්ලාහි' සපථ දිවුරුමද ලබාදීමෙන් පසුව රවුෆ් හකීම් විසින් හසන් අලි රවටනු ලැබීය.

මුස්ලිම් කොංග්‍රස් නායකයා විසින් දෙවියන්ගේ නාමයෙන් රවටනු ලැබූ හසන් අලි - රිෂාඩ් සමඟ 'එක්සත් ජනතා පෙරමුණ' ගොඩනඟා එහි නායකයා බවට පත් වන්නේ මෙවැනි පසුබිමකය.

උතුරේ මුස්ලිම් දේශපාලනය
අද වනවිට රිෂාඩ් එජාපය හරහා මුළු උතුරු පළාතම (යාපනය කොටසක් හැර) සිය ආධිපත්‍යයට නතු කරගෙන ඇත. එජාප සාමාජිකයන්ට නාම යෝජනා ගන්නට රිෂාඩ් සොයා යා යුතුව ඇත. වන්නියේ පළාත් පාලන අපේක්ෂකයන්ගෙන් 90%ක් රිෂාඩ්ට අවශ්‍ය ලෙස පුරවනු ඇත.
නැඟෙනහිර පළාතට 'මොනරා' ලකුණෙන් තරග කිරීම රිෂාඩ්ගේ මූලික සැලසුම විය. එජාපය රිෂාඩ්ට තම ලැයිස්තුවෙන් 15%ක් නැඟෙනහිරදී දෙන්නට කැමැත්තෙන් සිටියේය. දැන් රිෂාඩ් නැඟෙනහිරට වෙන්ව තරග කරනු ඇත. මුස්ලිම් කොංග්‍රසය මැතිවරණයේදී එජාපය සමඟ සන්ධාන ගත වී ඇත. එහෙත් එජාපයට නැඟෙනහිර මුස්ලිම් නායකයන් නොමැති අතර ඒ නිසා මුස්ලිම් කොංග්‍රසයට ලැබෙන කෝටාව පිළිබඳ ඔවුන්ට හෙට්ටු කිරීමට පහසු වනු ඇත.

උතුරු පළාතේ එජාප ලැයිස්තුව සාදන්නේ රිෂාඩ්ය. වන්නි දිස්ත්‍රික්කයේ මුස්ලිම් ඡන්ද රිෂාඩ් ළඟය. නමුත් දෙමළ ඡන්ද ගන්නට රිෂාඩ්ට නොහැකිය. ඒ නිසා එජාපය සමඟ එක්වීම රිෂාඩ්ට වාසියකි.

උතුරේ සිංහල-දෙමළ අපේක්ෂකයන්ගේ ඉරණම
එජාපය වෙනුවෙන් උතුරේ සිංහල, දෙමළ ලැයිස්තුව ද සාදන්නේ රිෂාඩ්ය. එජාපයෙන් නාම යෝජනා ගන්නට සිටි පාක්ෂිකයෝ එක්කෝ රිෂාඩ් සමඟ එක්විය යුතුය. නැතිනම් දෙමළ සන්ධානයට එක්විය යුතුය. තුණුක්කායි හා මාන්තෙයි නැඟෙනහිර දෙමළ අපේක්ෂකයෝ මේ නිසා එජාපය අතහැර දෙමළ ජාතික සන්ධානයට එක්වී තරග කිරීමට සූදානම්ය. (වවුනියා සිංහල සභාවට පවා අපේක්ෂකයන් තේරීම මේ වනවිට රිෂාඩ්ගේ බලපෑමට නතුව තිබේ. ස්වාධීන කණ්ඩායමක් ලෙස ඔවුන් ඡන්දයට ඉදිරිපත් වීමට සූදනම් වෙමින් ඇත.)

කල්මුණේ (මහ නගර සභාව) මුස්ලිම් දේශපාලනයේ බල කේන්ද්‍රයයි. එය කල්මුණේ දෙමළ, කල්මුණේ මුස්ලිම්, කාරතීව් හා සායින්දමරදු (නැමුණු ගස) කොටස්වලින් සමන්විතය. සායින්දමරදු ප්‍රාදේශීය සභාව ස්ථාපනය නොකිරීම නිසා ජුම්මා පල්ලියේ සභාපති වයි.එම්. හනීෆා ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට සූදානම් වේ. මුස්ලිම් කොංග්‍රස්, රිෂාඩ් - හසන් අලි සන්ධානය, ශ්‍රී ලනිප හා පොහොට්ටුව ලෙස බෙදන කල්මුණේ දේශපාලනය සායින්දමරදු සාධකය විසින් තවත් සංකීර්ණ කර ඇත. මුස්ලිම් කොංග්‍රසයේ අධිකාරිය පළමුවරට (50% ඡන්ද ලැබීමේ ප්‍රවණතාව) අභියෝගයට ලක්වීම නොවැළැක්විය හැකිය.

චන්ද්‍රිකා - මහින්ද ආණ්ඩු තුළ අම්පාරේ ප්‍රබල මුස්ලිම් අමාත්‍යවරු සිටියහ. දේශපාලන බලය යොදා ඔවුන් කෘත්‍රිම පළාත් පාලන ආයතන, ප්‍රා. ලේ. කාර්යාල ඇති කළේය. එයින් විකෘතියක් ඇතිවිය. (කාරතීව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට සායින්දමරදු ප්‍රා. ලේ. දක්වා විනාඩි 30න් පයින් යා හැකිය.) සායින්දමරදු වෙනම ප්‍රාදේශීය සභාවක් පිහිටුවන්නේ නම් එහි ජීවත්වන දෙමළ ජනතාවට තම නියෝජනය අහිමි වන්නේය. (බහුතර අදහස කල්මුණේ ප්‍රාදේශීය සභා හතරක් කළ හැකි බවයි. කල්මුණේ මහ නගර සභාව නැති වනවාට මුස්ලිම් නායකයන් මේ යෝජනවාට කැමැති නැත.)
දේශපාලන පක්ෂ නොව පල්ලිය විසින් නම් කරන පුද්ගලයා පමණක් ඡන්දය ලබාදිය යුතු යැයි යෝජනාවක් කාරතීව් ප්‍රා. සභාවට අයත් මාලියක්කඩු (සායින්දමරදු මෙන්ම කොනක ඇති ස්ථානයක) කොටසේ ද වර්ධනය වී ඇත.

කොළඹ, නුවර, දකුණේ මුස්ලිම් දේශපාලනය මෙන් නැඟෙනහිර මුස්ලිම් දේශපාලනය සවිඥානික නැත. නැඟෙනහිරට මැතිවරණයෙන් මැතිවරණයට විශාල වශයෙන් මුදල වැය කළ හැකි අපේක්ෂකයන් හෝ ජාතිවාදය ඔසවාගත් අපේක්ෂකයෝ කඩාපාත් වෙති. ඔවුහු බඩු බෙදති. ජාතිවාදය වපුරති. ඡන්ද දිනති. ශිරාස් මිරා සාහීර්, නසීර් අහමඩ් එයට උදාහරණ වෙති. ඉන්පසු කැඩී වෙන් වෙති. එහි තවත් පිටුවක් මේ ඡන්ද විමසීමේදී එළිදකිනු ඇත.

රිෂාඩ් - හසන් අලි සන්ධානය අම්පාරේ දේශපාලනය වෙනස් කරනු ඇති නමුත් එය මුස්ලිම් ජාතික දේශපාලනයට කෙලෙස බලපානු ඇතිද යන්න තවමත් පැහැදිලි නැත.

රජිත් කීර්ති තෙන්නකෝන්

Comments

Popular posts from this blog

ஐக்கிய‌ காங்கிர‌ஸ் க‌ட்சியின் அமைப்பாள‌ராக ச‌தீக்‌

  வ‌ன்னி மாவ‌ட்ட‌த்தை சேர்ந்த‌ எம். எஸ். எம்.  ச‌தீக்  அவ‌ர்க‌ள் ஐக்கிய‌ காங்கிர‌ஸ் க‌ட்சியின் (உல‌மா க‌ட்சியின்) தேசிய‌ அமைப்பாள‌ராக‌வும் உய‌ர் ச‌பை உறுப்பின‌ராக‌வும்  நிய‌மிக்க‌ப்ப‌ட்டுள்ளார். அண்மையில் ஸூம் மூல‌ம் ந‌டை பெற்ற‌ க‌ட்சியின்  விசேட‌ உய‌ர் ச‌பைக்கூட்ட‌த்தின் போது க‌ட்சியின் த‌லைவ‌ர் முபாற‌க் அப்துல் ம‌ஜீதின் சிபாரிசின் பேரில் இவ‌ர் நிய‌மிக்க‌ப்ப‌ட்டார்.

நோன்பு, ஹஜ் பிறை சர்ச்சைகளும் அவற்றுக்கான தீர்வுகளும்

-முபாறக் அப்துல் மஜீத் மௌலவி – - பிறை பார்த்து நோன்பு பிடித்தல், பிறை கண்டு நோன்புப் பெருநாளை எடுத்தல், ஹஜ் பிறையின் ஆரம்பம், அரபா நாள் என்பன சமீப காலத்தில் ஏற்பட்டுள்ள நவீன பிரச்சினைகளாகும். வானொலி, தொலைபேசி, சட்டலைட் போன்றவை இல்லாத ஒரு காலத்தில் இது ஒரு பிரச்சினையாக இருக்கவில்லை. மாறாக இது பரவலாக்கப்பட்டு உலகம் ஒரு குறுகிய, சிறிய கிராமமாக உருவெடுத்துள்ள நிலையிலேயே இப்பிரச்சினைகள் எழுந்துள்ளன. இன்றைய உலகம் என்பது ஒரு மனிதனின் உள்ளங்கைக்குள் அடங்குமளவு சுருங்கிவிட்ட நிலையில் முஸ்லிம் சமூகம் மத்தியில் இந்தக்கருத்துக்கள் பற்றிய விழிப்புணர்வும், அவை பற்றிய தெளிவையும் எதிர் பார்ப்பதில் அர்த்தமுண்டு. இது விடயம் ஒரு பிரச்சினையாக உருவெடுத்தமைக்கு பல நியாயமான காரணங்களும் உள்ளன. அத்தகைய நியாயங்களை நாம் குர்ஆன், ஹதீத் நிலைமையில் நின்று ஆராயும் போது பல தெளிவுகள் நமக்கு ஏற்படும். ஆகவே, பிறை விடயத்தை நாம் ஆராயும் போது குர்ஆன், ஹதீத் ஆதாரங்கள், சூழல், நவீன தொழில் நுட்பம் என்பனலற்றை கருத்திற் கொள்ள வேண்டியது அவசியமானதாகும். இந்த வகையிலேயே நாம் பிறைக்குரிய சர்சையை அணுக வேண்டும். அந்த வகைய

ஹக்கீமை சமூக துரோகி என குற்றம் சாட்டி அரசியல் செய்யும் முஸர்ரப்

ஞானசாரவை தூண்டி அரசியல் செய்யும் ரிசாத்தும் ஹக்கீமை சமூக துரோகி என குற்றம் சாட்டி அரசியல் செய்யும் முஸர்ரப்பும் இதுவே இவர்களின் அரசியல் வியூகம் ...................................................................... ரிசாத்தின் வர்த்தக அமைச்சால் பொத்துவிலுக்கோ அல்லது அம்பாரை மாவட்டத்தின் மக்களுக்கோ கிடைத்த நன்மைகள் என்ன? அம் மக்களுக்கு நன்மை கிடைத்ததோ இல்லையோ அந்த மக்களை காட்டி அவருக்கு அரபு நாடுகளில் கிடைத்த நிதிகளே அதிகம். அவர்கள் சொல்லும் 50 வீடு எந்த வர்த்தக அமைச்சினால் வந்தது? அவர்கள் சொல்லும் பள்ளி வாயலுக்கு வழங்கப்பட்ட நிதி எங்கிருந்து வந்தது? எந்த வர்த்தக அமைச்சினால் வந்தது? இன்று இளைஞர்களை ஒன்றுபடச் சொல்லும் முஸர்ரப்பினால் ரிசாத்தை கொண்டு எத்தனை இளைஞர்களுக்கு வேலை வாய்ப்பு பெற்றுக் கொடுக்கப்பட்டுள்ளது? அவரின் அமைச்சைக் கொண்டு இந்த அம்பாரை மாவட்டத்தில் ஏதாவது ஒரு தொழில் பேட்டை அமைக்கப்பட்டதா? சம்மாந்துறையில் அமைப்பேன் எனக் கூறி அம் மக்களை ஏமாற்றியதே மீதியானது இவ்வாறான பொய் பொத்தலோடு நாம் எவ்வாறு ஒன்றுபடுவது? ஒவ்வொரு முறையும் ஞானசாரவை தூண்டி அரசியல் செய்யும் ரிசாத