පළාත් සභා සහ පළෘත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මැතිතුමා මේබව පැවසුවේ ඊයේ අලුත්කඩේ බටහිර කොට්ඨාශයේ පැවති ජනහමුවකදීයි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමා.
“ සමහර උදවිය කියයි අපි එක්සත් ජාතික පක්ෂයේ ඒනිසා අපිට ඡන්දේ දෙන්න කියලා. සමහර උදවිය කියයි කොළපාට නිසා ඡන්දේ දෙන්න කියලා. දැන් අවුරුදු 50ක් එක්සත් ජාතික පක්ෂය කියනවා කොළඹ නගර සභාව අපේ කියලා. හැබැයි මැද කොළඹ කියන්නේ කොළඹ නගරයේ අපාය. අපි දැකලා තියෙනවා කොල්ලුපිටිය පැත්තේ ලස්සන ගෙවල් තියෙනවා, මාලිගා තියෙනවා. හැබැයි අපේ මැද කොළඹ ගෙවල් හැමදාම පැල්පත්, වතු. අපි ඒ තත්ත්වේ යටතේ තමයි දිගින් දිගටම ජීවත් වුණේ. ඒනිසා එක්සත් ජාතික පක්ෂය නගර සභාව තුළින් තමුන්නාන්සේලට මොනවද ලැබුණේ? හොද ගෙවල් ලැබුණද? හම්බුණාද හොද ගෙවල්? අවුරුදු 50ක්ම තමුන්නාන්සේලා හිටියේ වත්තේ. තමුන්නාන්සේලාගේ දරුවන්ට අධ්‍යාපනයක් ලැබුණද? මෙතන ඉන්න බහුතරයක් කරන්නෙ එක්කෝ පදික වේදිකා වෙළඳාම කරනවා, නැත්තං ත්‍රිවීල් රථයක් දුවනවා. මම අද මේ සමාජයේ මේ තත්ත්වයෙන් ඉන්නේ අධ්‍යාපනය නිසා. මට ආසයි අම්මේ තාත්තේ ඔයගොල්ලොන්ගේ දරුවන් හොඳට ඉගෙන ගෙන වෛද්‍යවරු, ඉංජිනියර්වරු, ගුරුවරු වෙන්න තමුන්නාන්සේලාට අධ්‍යාපයක් දෙන්න. හැබැයි අධ්‍යාපනයක් නොලබපු කෙනෙක් දේශපාලනය කරනකොට ටකරං බෙදනවා, ෂීට් බෙදනවා, බුරියානි බෙදනවා, ඒවත් ගන්න. හැබැයි තමුන්නාන්සේලා වෙනුවෙන් හිටියේ අපි විතරයි. ”
මැද කොළඹින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවට තරගකරන අපේක්ෂකයින් දිරිගැන්වීමේ ජනහමුවක් ඊයේ පස්වරුවේ කොළඹ 12, අලුත් කඩේ බටහිර කොට්ඨාශයේ, පියර් සයිබු වීදියේදී පැවැත්වුණා.
ඒ මැද කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, ජනාධිපති නීතිඥ, ෆයිසර් මුස්තෆා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායිකා දීපා එදිරිසිංහ මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගි වුණා.
මෙම අවස්ථාවට අලුත් කඩේ බටහිර කොට්ඨාශයෙන් කොළඹ මහ නගර සභාවට තරගකරන භාග්‍යා හේරත්, වාකිලා රේනුදීන් සහ මොහොමඩ් මෆාස් යන අපේක්ෂකයින්ද එක්ව සිටියා.
කොළඹ මහ නගර සභා අපේක්ෂක මොහොමඩ් මෆාස් විසින් මෙම ජනහමුව සංවිධානය කර තිබුණා.
ජනහමුවෙන් අනතුරුව ඇමතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කොළඹ 12, අලුත් කඩේ බටහිර කොට්ඨාශයේ, පියර් සයිබු වීදියේ කාන්තාවන් දිරිගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක ලිය සෙවන මැහුම් පාඨමාලාවේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීමට ද අමත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අමතක කලේ නැහැ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායිකා දීපා එදිරිසිංහ මහත්මිය ද එක්ව සිටියා. එහිදී එම මැහුම් පාඨමාලාවේ සිසුන් අමතා ඇය පැවසුවේ අමාත්‍යතුමාගේ මෙම කර්තව්‍යට තමන් සහයෝගය ලබාදෙන බවයි.
ඉන් අනතුරුව අමාත්‍යතුමා ඇතුළු පිරිස , පියර් සයිබු වීදියේදී ජනතාව හමුවීමට පාගමනින් ඔවුන්ගේ නිවෙස් වෙත පැමිණ ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වුණා.
Post a Comment