Skip to main content

වේල්ල වීදිය කාන්තා මළ සිරුර : සැකකරු ඇතුළු සැඟවුණු සියල්ල හෙළි වෙයි

   වේල්ල වීදිය කාන්තා මළ සිරුර : සැකකරු ඇතුළු සැඟවුණු සියල්ල හෙළි වෙයි ( ( Photos ) මවිබිම දැන් ම තාරක සම්මාන්  කොළඹ , වේල්ල වීදියේදී ගමන් මල්ලක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට , තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට හඳුනාගෙන තිබේ .  නියෝජ්‍ය පොලිස්පති , පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ , අදාළ මළ සිරුර ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා යොමු කර එය එම කාන්තාවගේ ද යන වග තහවුරු කරගැනීමට කටයුතු කරන බවය . එමෙන් ම , අදාළ ගමන් මල්ල රැගෙන ආ සැකකරු පිළිබඳව ද තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ . සැකකරු බුත්තල පොලිසියට අනුයුක්තව සේය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවය . එම කාන්තාව සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වූ ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති අතර , සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය . සැකකරු බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට පොලිසිය හඳුනා ගෙන තිබේ . කෙසේ වෙතත් , මේ වන විට සැකකරු නිවසින් බැහැරට ගොස් ඇතැයි වාර

දේශපාලනයේදී එක් පවුලකින් එක් අයෙක් සංකල්පය විනාශ කරමින් ඥාති සංග්‍රහයට අපේක්ෂකයින් පත්කිරීමට මම ඉඩදෙන්නේ නෑ - අමාත්‍ය ෆයිසර් මුස්තෆා



  මං හිතන්නේ අද දේශපාලනයෙන් යැපෙන උදවියට වඩා දේශපාලනයෙන් ඈත් වූ සමාජයට යමක් කරන්න පුළුවන් කාන්තාවන් දේශපාලනයට ඇදගැනීම තමයි අපේ විශ්වාසය. මම එදත් කිව්වේ අදත් කිව්ව දෙයක් තමයි දේශපාලනයේදී අපි මේ දේශපාලන ක්ෂේත්‍රෙය් ඉන්න කාන්තාවන් ඇදගන්නවට වඩා සමාජ සේවයේ, සමාජයේ සුපිරිසිදු චරිත දේශපාලන ක්ෂේත්‍රයට ඇදගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි දීපා එදිරිසිංහ මහත්මිය වගේ කාන්තාවන් අපේ ලැයිස්තුවට දාන්නේ.  මං හිතන්නේ ඒක කලේ නැත්නම් අපිට මේක සමාජ ගත කරන්න බෑ. සමහර දේශපාලනඥයන්ගේ සහෝදරිය, නැත්නම් බිරිද, මේ ලැයිස්තුවල දාලා දේශපාලනයේ කරන උදවියත් ඉන්නවා. හැබැයි අපි ඒ අතිගරු ජනාධිපතිතුමා ඒ දේශපාලනයෙන් ඈත්වෙන්න කියන එක තමයි එතුමා සෑම කෙනාගෙන්ම ඉල්ලීමක් කරන්නේ. ඒවගේම මගේ අමාත්‍යංශයේ එක පවුලෙන් එක්කෙනෙක් කියන තේමාව යටතේ දේශපාලනය කළ යුතුයි කියන එක තමයි මගේ බලාපොරොත්තුව. ඒ කියන්නේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන හෝ පාර්ලිමේන්තුවේ ඒ අදියර තුනේ සිටිය යුත්තේ එක්කෙනෙක් කියන එකයි මගේ මතය. මං අතිගරු ජනාධිපතිතුමත් එක්කත් මේ ගැන සාකච්ඡා කළා. මේක ස්වේච්ඡාවෙන් දේශපාලනය කළ යුතුයි. නැත්නම් පළාත් සභාවට භාර්යාව දානව, එතුමා දානවා පාර්ලිමේන්තුවට. ඊටගල පුතා හා දුව දානවා ප්‍රාදේශීය සභාවට. ඒ දේශපාලනය ප්‍රතික්ෂේප කළ යුතුයි. එවගේම මම මාධ්‍යෙයන් ඉල්ලා සිටිනවා එවැනි දේශපාලනයක නිරතවන උදවිය ගැන ජනතාව දැනුවත් කරන්න. හැබැයි මේ රටේ මිලියන 21ක් ඉද්දි අපි සෑම කෙනෙකුටම අවස්ථාව දිය යුතුයි. මේ රටේ මේ දේශපාලන වෙනස කළේ නැත්නම් පවුල්වාදයෙන් දේශපාලනය කරන්න බෑ. සමහර උදවිය හිතනවා ඒගොල්ලන්ගේ පවුලට පමණක් සීමා කරලා දේශපාලනය කරන්න. ඒ දේශපාලනය රටට නුසුදුසුයි. මේක විහිලුවක්. මේ රටේ මිලියන 21ක් ඉන්නවා. තැනක් දෙන්න ඒ අයට. තැනක් දුන්නා නම් ඒ අය ඉස්සරහට එනවා. 

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා මේ බව පැවසුවේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදියි. මෙවර මැතිවරණයේදී සියයට 25ක අනිවාර්ය කාන්තා නියෝජනය තහවුරු කරමින් ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා, අභාවප්‍රාප්ත සෝමා එදිරිසිංහ මහත්මියගේ දියණිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ධුරය ලැබීමෙන් අනතුරුව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් මෙම හමුව පැවැත්වුණා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා.

අතිගරු ජනාධිපතිතුමා මේ පළාත් පාලන ඡන්දයෙදි සුපිරිසිදු චරිත, ජනතා හිතකාමී පුද්ගලයන් මේ ඡන්දෙට ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ කියන්නේ ගමේ ඡන්දයෙදි පක්ෂෙට වඩා ඒ බල ප්‍රදේශය සහ ලැයිස්තුවේ දාන චරිත බලපානවා. හේතුව අද සුපිරිසිදු චරිත වගේම සමානුපාතික ලැයිස්තුවේ ඒ බල ප්‍රෙද්ශයට වැඩක් කරන්න පුළුවන් චරිත ඉදිරිපත් කිරීම අද රටට ඒ තත්වය උදාවෙලා තියෙනවා. අපි දන්නවා පළාත් පාලන ආයතන ගැන අද ජනතාවට තියෙන මතය. අපි දැකලා තියෙනවා පළාත් පාලන මන්ත්‍රිවරු කොන්ත්‍රාත්කරුවන් වෙලා තියෙනවා කියලා. ඒනිසා සමාජයේ පළාත් පාලන මන්ත්‍රි ගැන තියෙන මතය තුරන් කිරීමට අපි යම් වැඩපිළිවෙලක් කළ යුතුයි කියන මතය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තියෙනවා.  එදිරිසිංහ මහත්මිය දේශපාලන ක්ෂේත්‍රෙයන් ඈත්වූ කෙනෙක්. නමුත් අද අතිගරු ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ මහ නගර සභාව තුළ ශක්තිමත් කරීම වෙනුවෙන් එතුමිය ඉදිරිපත් වෙලා තියෙනවා අපේ අපේක්ෂකයෙක් හැටියට.  අපි දන්නවා සෝමා එදිරිසිංහ මහත්මිය මේ රටේ විශාල සේවයක් කරලා තියෙනවා. එදිරිසිංහ පවුල දේශපාලනයට පිවිසිලා නෑ. නමුත් අද රටට උදාවෙලා තියෙනවා දේශපාලනයෙන් ඈත් වූ සුපිරිසිදු පවුල්වල උදවිය දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ කරන්න. මං හිතන්නේ එය පක්ෂෙට විශාල ශක්තියක්. එතුමිය සමාජ සේවය කොළඹ නගරය තුළ විශාල වශයෙන් කරලා තියෙනවා. ඒවගේම සෝමා එදිරිසිංහ මහත්මියගේ අඩිපාරේ එතුමියත් ගමන් ගන්නවා. අපි දන්නවා එදිරිසිංහ පවුල සමාජයට ඉතාමත් හිතකාමී සමාජ සේවයේ නිරතවූ උදවිය. මම පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය භාරගත්තට පස්සේ මම දේශපාලන පක්ෂවලින් කරපු ඉල්ලීම සුපිරිසිදු චරිත දේශපාලන ක්ෂේත්‍රයට ඇතුළත් කිරිම සියලුම පක්ෂ කළ යුතුයි කියලා. ඒ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් තමයි අද දින එදිරිසිංහ මහත්මිය අපෙන් ඉල්ලන්නේ. 

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ දීපා එදිරිසිංහ මහත්මිය.

 මං ඇත්තටම දේශපාලනයට පිවිසීම ගැන මං සන්තෝෂවෙනවා. මොකද මම ඒ සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තෝරා ගත්තේ ඒක පිරිසිදු පක්ෂයක් කියලා මට හිතුණ නිසා. මං ඉදිරි කටයුතු කිරීමට කාන්තාවන් සමඟ එකතු වී ඉදිරියට යෑමට මං බලාපොරොත්තුවෙනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, ෆයිසර් මුස්තාෆා මහතාත් ලොකු සහයෝගයක් දෙනවා. ඉතිං ඉදිරියටත් මට ඒක ලැබෙයි කියලා මං කල්පනා කරනවා. මං සමාජ සේවයට පැමිණියේ අද ඊයේ නෙමෙයි. මගේ මව ජනසරණ සහ පුනර්ජිව අරමුදල 2008 ඉදලා අපි ඒ දෙකම කරගනෙ ඉදිරියට ගියා. අපි දැනුත් ඒක කරගෙන යනවා. අපිට හැකි මට්ටමින්. ඉතිං මම ඇත්තටම කල්පනා කෙරුවා රටට සේවයක් කරන්න කාන්තාවන්ට දේශපාලනයට ආවොත් මට ඊට වැඩිය දෙයක් ඒ කාන්තාවන් වෙනුවෙන් කළ හැකියි කියලා. මම ඒ සම්බන්ධව තමයි දේශපාලනයට පිවිසෙන්න තීරණය කළේ. 

Comments

Popular posts from this blog

*ரணில் மைத்திரி நல்லாட்சியில் முஸ்லிம்களுக்கு எதிராக இடபெற்ற 146 சம்பவங்கள்

*ரணில் மைத்திரி நல்லாட்சியில் முஸ்லிம்களுக்கு எதிராக இடபெற்ற 146 சம்பவங்கள்* *(தொடரும்)* 146.23.11.2017அரசாங்க  தேசிய பாடசாலையான கண்டி மகளிர் உயர் பாடசாலைக்குநியமனம் பெற்று சென்ற  முஸ்லிம் ஆசிரியைக்கு பாடம் நடத்தஅதிபர் மறுப்பு வெளியிடப்பட்டது. http://www.madawalanews.com/2017/11/blog-post_373.html 145. காலி – தூவ பிரதேசத்தில் அமைந்துள்ள சமகிவத்தை குடியிடுப்பு பகுதியிலுள்ள முஸ்லிம் நபரொருவரின் வீடொன்றின்  மீது அதிகாலை வேளையில், பெற்றோல் குண்டு தாக்குதல் மேற்கொள்ளப்பட்டது.  http://www.jaffnamuslim.com/2017/11/blog-post_912.html 144. 20.11.2017 வவுனியா நகர பள்ளிவாசல் பகுதியில் அமைந்துள்ள கடைத்தொகுதியில் அதிகாலை 1.20 மணியளவில் எற்பட்ட தீ விபத்தில் இரு கடைகள் எரிந்து நாசமாகியுள்ளதுடன், இரு கடைகள் பகுதியளவில் எரிந்து சேதமாகியது. http://www.jaffnamuslim.com/2017/11/blog-post_180.html 143. 17.11.2017    300க்கும் மேற்பட்ட சிங்கள இளைஞர்கள் பல குழுக்களாகப் பிரிந்து கிந்தோட்டைக்குப் பிரவேசிக்கும் பாதைகளை எல்லாம் இடைமறித்த வண்ணம் கொஞ்சம் கொஞ்சமாக ஊருக்குள் பிரவேசித்து இரவு 9.30 மணியளவில் தம

ஹக்கீமை சமூக துரோகி என குற்றம் சாட்டி அரசியல் செய்யும் முஸர்ரப்

ஞானசாரவை தூண்டி அரசியல் செய்யும் ரிசாத்தும் ஹக்கீமை சமூக துரோகி என குற்றம் சாட்டி அரசியல் செய்யும் முஸர்ரப்பும் இதுவே இவர்களின் அரசியல் வியூகம் ...................................................................... ரிசாத்தின் வர்த்தக அமைச்சால் பொத்துவிலுக்கோ அல்லது அம்பாரை மாவட்டத்தின் மக்களுக்கோ கிடைத்த நன்மைகள் என்ன? அம் மக்களுக்கு நன்மை கிடைத்ததோ இல்லையோ அந்த மக்களை காட்டி அவருக்கு அரபு நாடுகளில் கிடைத்த நிதிகளே அதிகம். அவர்கள் சொல்லும் 50 வீடு எந்த வர்த்தக அமைச்சினால் வந்தது? அவர்கள் சொல்லும் பள்ளி வாயலுக்கு வழங்கப்பட்ட நிதி எங்கிருந்து வந்தது? எந்த வர்த்தக அமைச்சினால் வந்தது? இன்று இளைஞர்களை ஒன்றுபடச் சொல்லும் முஸர்ரப்பினால் ரிசாத்தை கொண்டு எத்தனை இளைஞர்களுக்கு வேலை வாய்ப்பு பெற்றுக் கொடுக்கப்பட்டுள்ளது? அவரின் அமைச்சைக் கொண்டு இந்த அம்பாரை மாவட்டத்தில் ஏதாவது ஒரு தொழில் பேட்டை அமைக்கப்பட்டதா? சம்மாந்துறையில் அமைப்பேன் எனக் கூறி அம் மக்களை ஏமாற்றியதே மீதியானது இவ்வாறான பொய் பொத்தலோடு நாம் எவ்வாறு ஒன்றுபடுவது? ஒவ்வொரு முறையும் ஞானசாரவை தூண்டி அரசியல் செய்யும் ரிசாத

அகில இலங்கை மக்கள் காங்கிரஸ் கட்சியினால் சுமார் 16 லட்சம் ரூபா பெறுமதியான கரப்பாந்தாட்ட விளையாட்டு மைதானம்

அகில இலங்கை மக்கள் காங்கிரஸ் கட்சியினால் சுமார் 16 லட்சம் ரூபா பெறுமதியான கரப்பாந்தாட்ட  விளையாட்டு மைதானம்  மதவாக்குள பிரதேசத்திற்கு  அமைத்து கொடுக்கப்ப்பட்டுள்ளது. கௌரவ முன்னாள் அமைச்சரும் அகில இலங்கை மக்கள் காங்கிரஸ் கட்சியின் தலைவருமான அல்ஹாஜ் றிஷாத் பதுயுதீன் அவர்களின் நிதியின் மூலம் அகில இலங்கை மக்கள் காங்கிரஸ் புத்தள மாவட்ட அமைப்பாளர் அலி சப்ரி ரஹீம் அவர்களின் முயற்சியினால் அகில இலங்கை மக்கள்  காங்கிரசின் மதவாக்குள கட்சிக் குழுவின் வேண்டுகோளுக்கு இணங்க மதவாக்குள பிரதேசத்திற்கு மிக நீண்டகால தேவைப்பாடாக இருந்த கரப்பாந்தாட்ட விளையாட்டு மைதானம் நேற்று கெளரவ அலி சப்ரி ரஹீம் அவர்களினால் திறந்து வைக்கப்பட்டது. அந்தவகையில் இந்த கரப்பாந்தாட்ட விளையாட்டு மைதானமானது சுமார் 16 லட்சம் ரூபா பெறுமதியாகும் எனவே இதனை  ஊருக்கு  அமைத்து கொடுத்தமைக்கு மதவாக்குள ஊர் மக்கள் மற்றும்இ விளையாட்டு குழு உறுப்பினர்கள் தங்கள் நன்றிகளை அகில இலங்கை மக்கள் காங்ரஸிற்கு  தெரிவித்து கொள்கின்றனர். ஊடகவியலாளர் சில்மியா யூசுப். 0769622313