Skip to main content

අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා සහ කේරලයේ ප්‍රධාන අමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අරඹයි.

අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා සහ කේරලයේ ප්‍රධාන අමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අරඹයි.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමා ඊයේ කේරලා මහ අමාත්‍ය කාර්යාලයට පැමිණ කේරලයේ ප්‍රධාන අමාත්‍ය පිනරායි විජයන් මහතා හමු වී දීර්ඝ ලෙස සාකච්ඡා කළා.

එහිදී කේරලයේ සංවර්ධන කටයුතු සඳහා කාන්තාවන්ගේ දායකත්වය පිළිබඳව ප්‍රධාන අමාත්‍යවරයා විසින් දීර්ඝ ලෙස පැහැදිලි කිරීම යෙදුණා.

එහිදී අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා වත්මන් රජය කාන්තාවන් දිරිගැන්වීමට සහ ඔවුන්ගේ දායකත්වය දේශපාලනයට සහ රටේ සංවර්ධනයට ඇදගැනීමට ගෙන ඇති පියවරයන් පිළිබඳව පැහැදිලි කළා.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් කාන්තාව දායක කර ගැනීමට ගත් ශක්තිමත් තීරණයන් පිළිබඳව තමන් වත්මන් ආණ්ඩුවට සහ අමාත්‍යවරයාට සිය ප්‍රසාදය පළකරන බව කේරලයේ ප්‍රධාන අමාත්‍ය පිනරායි විජයන් මහතා පවසා සිටියා.

අනතුරුව අමාත්‍ය ෆයිසර් මුස්තෆා ඇතුළු දූත පිරිස ඊයේ කේරලාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය උම්මංචාන්ඩි මහතා හමුවුණා.

අන්තර් ජාතික හා වගකිවයුතු ප්‍රාදේශීය පාලනය පිළිබඳ දැනුම හුවමාරු කිරීම - කේරල අත්දැකීම නමින් සංවිධාන කර තිබූ තවත් වැඩමුළුවකට සහභාගිවූ දූත පිරිස  ඉන්දියානුවේ කේරලා පළාත් පාලන දෙපාර්තුමෙන්තුවේ අමාත්‍ය ඩොක්ටර් කේ.ටී.ජලීල් මැතිතුමා හමුවී දෙරටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළා.

අනතුරුව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමා කේරල මුදල් අමාත්‍ය ඩොක්ටර් ටී.එම්.තෝමස් අයිසක් මහතා හමුවී මෙරට දේශපාලන භූමිකාවට කාන්තා නියෝජනය අනිවාර්ය කිරීමට ගෙන ඇති සාධනීය පියවරයන් පිළිබඳව දැනුවත් කෙරුණා.

අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ විශාල කැපවීම අගය කළ කේරල මුදල් අමාත්‍ය ඩොක්ටර් ටී.එම්.තෝමස් අයිසක් මහතා ඉදිරියේදී අවශ්‍ය සෑම කටයුත්තකටම සිය සහයෝගය ලබාදීමට බලාපොරොත්තුවන බවද පැවසුවා.

කේරලයේ ප්‍රාදේශීය සභාවල කාන්තාවගේ භුමිකාව යන මැයෙන් පැවැත්වූ මෙම තෙදින වැඩමුළුවේදී අවධානය යොමු කෙරුණේ කේරල ප්‍රාන්තයේ දේශපාලනය සඳහා කාන්තාවගේ භූමිකාව පිළිබඳවයි.

ඊයේ අවසන් වූ මෙම වැඩමුළු ලෝක බැංකුව සහ කේරල ප්‍රාන්ත ආණ්ඩුව සංවිධානය කර තිබුණා.

ශ්‍රි ලංකාවට සාපේක්ෂව කේරලයේ දේශපාලන සහ සංවර්ධන කටයුතු සදහා කාන්තා නියෝජනය ඉහල අගයක් පෙන්නුම් කරනවා.

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට විෂාය භාර අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ මැදිහත්වීමෙන් පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය අනිවාර්ය කිරීමත් සමඟ කාන්තාව තවදුරටත් සංවර්ධන කටයුතු සදහා යොදාගන්නේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මෙම වැඩමුළුව පිටුවහලක් වනු ඇති බවට ලෝක බැංකුව විශ්වාසය පළකරනවා.

කේරල ප්‍රාන්ත ආණ්ඩුව විසින් සංවිධානය කළ මෙම තෙදින වැඩමුළුවට සහභාගිවන දූත පිරිසට පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා ඇමතිතුමන්, උතුර, නැගෙනහිර සහ ඌව පළාත් පාලන ආයතනවල ප්‍රධාන ලේකම්වරුන්, කොමසාරිස්වරු ඇතුළුව ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරින් 13න් දෙනෙකු ඇතුළත් වෙනවා.

ශ්‍රී ලංකා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ කේරල ආණ්ඩුවේ පළාත් පාලන ආයතනය අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින සහයෝගී ගිවිසුම වර්ධනය කර ගැනීමට ද මෙය අවස්ථාවක් වනු ඇති බවට ලෝක බැංකුව විශ්වාසය පළ කරනවා.

Comments

Popular posts from this blog

அதாவுல்லாவை புக‌ழும் ஹ‌ரீஸ்

ஒவ்வொரு நிமிடமும் நம்மை நோக்கி எறிகணைகள் வந்த வண்ணமே இருக்கிறது. நாங்கள் ஒற்றுமைப்பட்டு இனி செயலாற்ற முன்வர வேண்டும். அம்பாறை மாவட்டத்தில் உள்ள சகல அரசியல் கட்சி முக்கியஸ்தர்களும் ஒன்றிணைந்து எதிர்வரும் பொதுத்தேர்தலை சந்தித்து நாங்கள் ஒற்றுமையாக வாக்களித்தால் அம்பாறை மாவட்டத்தில் இருந்து ஐந்து முஸ்லிம் பாராளுமன்ற உறுப்பினர்கள் தெரிவாவார்கள் என ஸ்ரீலங்கா முஸ்லிம் காங்கிரஸின் பிரதித்தலைவரும் முன்னாள் இராஜாங்க அமைச்சருமான சட்டத்தரணி  எச்.எம்.எம்.ஹரீஸ் தெரிவித்தார்.

 தொடர்ந்தும் அங்கு பேசும் போது,

கல்முனை பிரதேச விவகாரம் பற்றிய பிரதமருடனான கலந்துரையாடலுக்கு குறித்த தொகுதியின் மக்கள் பிரதிநிதியாகிய எனக்கு எவ்வித அழைப்புக்களும் விடுக்கப்பட்டிருக்க வில்லை. நான் நேரடியாக பிரதமர் மஹிந்தவை சந்தித்து மக்களின் பிரச்சினையை பற்றி தெளிவாக விளக்கியவுடன் அன்று மாலை என்னையும் கூட்டத்தில் கலந்துகொள்ளுமாறும் அதற்கான ஏற்பாடுகளை தான் செய்வதாகவும் வாக்குறுதியளித்தார். அதன் பிரகாரமே நான் அக்கூட்டத்திற்க்கு சென்று வரவேற்பறையில் காத்திருந்தேன். அங்கு கலந்து கொண்டிருந்த முக்கிய பிரமுகர்கள் பலரும் அதிருப்தியுடன…

Sri Lanka COSMI Founder President appointed to London’s Peace Institute

The Founder President of Sri Lanka’s Confederation of Micro, Small and Medium Industries (COSMI) has been appointed as the Co-Chairperson of theLondon based Global Peace Institute (GPI)which conducts interdisciplinary research in several thematic fields including international relations and politics. By this high profile appointment made on 15 January, GPI seeks COSMI Founder President Nawaz Rajabdeen’s contributions to improve its training and research efforts. GPI is a think tank run by the UK based Global Peace Ins. (GPI) CIC, an independent non-profit, non-governmental organization. GPI works for global peace and resilience through peace education, dialogue, training, creating awareness and research. COSMI Founder President Rajabdeen, as an honorary member, is also tasked by GPI to promote its programs, add value to research work, and also will be required to attend various GPI events. “I am thankful to GPI for enlisting me for their ongoing and vast efforts” said COSMI Founder Pres…

மைத்திரிபால ஒரு புத்திஜீவியாகவோ, அறிஞராகவோ அவருடைய ஆட்சிக் காலத்தில் செயற்படவில்லை.

சிறுபான்மையினரின் வாக்குகளே
பிரதமர் யார் என்பதை தீர்மானிக்கும் !

சஜீத் − ரணில் பிரச்சினை
கூட்டனிக்கு பாதிப்பில்லை !!

நான் நிரபராதி என்பதை
சிங்கள மக்கள் உணர்வர் !!!

ஆட்சியில் இணையுமாறு அழைப்பு
வந்தால் தீர்மானிக்கலாம் !!!!

அகில இலங்கை மக்கள் காங்கிரஸ் தேசியத் தலைவர் ரிஷாத் பதியுதீன் பி.பி.சிக்கு பரபரப்பு பேட்டி....

அப் பேட்டியில் அவர் மேலும் தெரிவித்துள்ளதாவது...;

கேள்வி:
தற்போது நாடாளுமன்றத்தில் அங்கம் வகிக்கும் முஸ்லிம் தலைவர்களை தமது அரசாங்கத்தில் சேர்த்துக் கொள்வதில்லை என்றுகூறி ஆளுந்தரப்பு நிராகரித்திருப்பது பற்றி என்ன நினைக்கிறீர்கள்?

பதில்:
ஆளுங்கட்சியில்தான் இருக்க வேண்டும் என்கிற நிலைப்பாட்டுடன் நாம் அரசியல் செய்யவில்லை.

கடந்த ஜனாதிபதி தேர்தலில் கோட்டாபய ராஜபக்ஷவுக்கு கிடைத்த 69 லட்சம் வாக்குகளை எதிர்வரும் பொதுத் தேர்தலில் மஹிந்த ராஜபக்ஷ அணியினர் ஒட்டுமொத்தமாகப் பெற்றாலும், அவற்றினைக் கொண்டு நாடாளுமன்றத்திலுள்ள 225 ஆசனங்களில் 105 ஆசனங்களை மட்டுமே கைப்பற்ற முடியும். அதேவேளை, எதிர்த்தரப்பினருக்கு 119 ஆசனங்கள் கிடைக்கும். எனவே, எதிர்வரும் பொதுத் தேர்தல் சவால் மிகுந்ததாகவே அமையும்…