Skip to main content

රට දෙකඩ කිරීමට යන නව ව්‍යවස්ථාව


රට දෙකඩ කිරීමට යන නව ව්‍යවස්ථාව සම්පාදන කටයුතු පරාජය කිරීමට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකමුතුවිය යුතු බවට වු බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ඥානසාර හිමියන්ගේ ප්‍රකාශය මුස්ලිම් උලමා පක්ෂය ප්‍රශංසාත්මකව සළකමින් ඒ සදහා අවශ්‍ය සියළු සහයෝගය ලබාදීමට ඉදිරිපත්වීමට සුදානම් බවටත් එම පක්ෂයේ නායක මුබාරක් අබ්දුල් මජීද් මවුලවිතුමන් අවධාරණය කරයි

ඒ සම්බන්ධයෙන් මුස්ලිම් උලමා පක්ෂයේ නායක මුබාරක් අබ්දුල් මජීද් මවුලවිතුමන් විසින් බොදුබල සේනා සංවිධානය වෙත යවා ඇති ඊමේල් පණිවිඩයේ තවදුරටත් සදහන් කර ඇති වගනම්,

පවතින ව්‍යවස්ථාව නිසි අයුරින් රජය ක්‍රියාත්මක කිරීමෙන් රටේ තිරසාර සාමයක් ගොඩනැගිය හැකි බවට අප අවධාරණය කරන්නෙමු.

අප රටේ පවතින ව්‍යවස්ථාවේ බෞද්ධ ආගම ඇතුළුව සියළු ආගම්වලට අයිතිවාසිකම් ලබාදී තිබේ. නීතිය කිසිවෙකුට හෝ අතට ගැනීමට හෝ ජාතිය පදනම් කරගනිමින් කිසිවෙකුගේ හෝ අයිතිවාසිකම් අහිමිකිරීමට නොහැකි බව නීතියෙන් තහවුරු කර තිබේ.

එහෙත් මේ තාක් කල් බලයට පත්වු සියළුම රජයන් ජාතිවාදී අයුරින් කටයුතු කොට තිබේ.
රටේ පුරවැසියන් හට තමන් කැමැති ප්‍රදේශයක ජීවත්වීමේ අයිතිය ව්‍යවස්ථාවෙන් සහතික කොට තිබුණාද, පැවැති රජයන් විසින් එක් ජනකොට්ඨාශයක් බහුතරව ජීවත්වෙන ප්‍රදේශයක තවත් ජනකොට්ඨාශයක් හොර රහසේ පදිංචි කරවීමට කටයුතු කිරීමෙන් ජාතීන් අතර නොසන්සුන් වාතාවරණයක් ඇතිවුණි. සියළුම ආගම්වලට සමාන අයිතියක් තහවුරු කර තිබුණද, එක් ජනකොට්ඨාශයක් පමණක් ජීවත්වන ප්‍රදේශයක තවත් ජනකොට්ඨාශයකගේ වන්දනාමානයට පාත්‍රවන පිළිමයන් රජයේ සහයෝගය ඇතිව ස්ථාපිත කිරීමට යාමෙන් ජාතීන් අතර ඝට්ටනයක් පවතී. ඒ වගේම එක් ආගමික විශ්වාසයන් පිළිබදව වෙනත් ආගමික භක්තිකයෙක් විවේචනය කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් වුවද, එවන් විවේචනය කරන්නා මහ ජාතියට අයත් කෙනෙක් නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජයන් පසුබැසීම මගින් රටේ සාමය කඩවී නොසන්සුන් වාතාවරණයක් හටගනී.
එබැවින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් යුත් රජය මගින් ඉදිරිපත්කිරීමට යන නව ව්‍යවස්ථාව යනු රටේ යහපත උදෙසා ගෙනෙනා එකක් විය නොහැකිය. රට දෙකඩ කිරීමේ බටහිර කුමන්ත්‍රණවලට අනුබල දෙන අයුරින් එය සකස්කොට ඇති බවට සාධාරණ සැකයක් මතුවේ.  උතුර හා නැගෙනහිර දෙපළාත් ඒකාබද්ධ කිරීමට යාම,  මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ, නව ව්‍යවස්ථාව වැනි කටයුතු කෙරෙහි මුස්ලිම් ජනතාවගේ අදහස් නොවිමසා, දෙමළ ජාතික සංධානය හා එම්. ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයාගේ පදය අනුව රජය නටන්නට යාමෙන් තේරුම් ගත හැකිය.
එබැවින් රට දෙකඩ කිරීමට යන නව ව්‍යවස්ථාව සම්පාදන කටයුතු පරාජය කිරීමට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකමුතුවිය යුතු බවට වු බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ඥානසාර හිමියන්ගේ ප්‍රකාශය මුස්ලිම් උලමා පක්ෂය ප්‍රශංසාත්මකව සළකමින් ඒ සදහා පැවැත්වෙන රැස්වීම්වලට ආරාධනයක් ලැබුනහොත් සහභාගිවී සහයෝගය දැක්වීමට  සුදානම් බවටත් එම පක්ෂයේ නායක මුබාරක් අබ්දුල් මජීද් මවුලවිතුමන් අවධාරණය කරයි

Comments

Popular posts from this blog

அதாவுல்லாவை புக‌ழும் ஹ‌ரீஸ்

ஒவ்வொரு நிமிடமும் நம்மை நோக்கி எறிகணைகள் வந்த வண்ணமே இருக்கிறது. நாங்கள் ஒற்றுமைப்பட்டு இனி செயலாற்ற முன்வர வேண்டும். அம்பாறை மாவட்டத்தில் உள்ள சகல அரசியல் கட்சி முக்கியஸ்தர்களும் ஒன்றிணைந்து எதிர்வரும் பொதுத்தேர்தலை சந்தித்து நாங்கள் ஒற்றுமையாக வாக்களித்தால் அம்பாறை மாவட்டத்தில் இருந்து ஐந்து முஸ்லிம் பாராளுமன்ற உறுப்பினர்கள் தெரிவாவார்கள் என ஸ்ரீலங்கா முஸ்லிம் காங்கிரஸின் பிரதித்தலைவரும் முன்னாள் இராஜாங்க அமைச்சருமான சட்டத்தரணி  எச்.எம்.எம்.ஹரீஸ் தெரிவித்தார்.

 தொடர்ந்தும் அங்கு பேசும் போது,

கல்முனை பிரதேச விவகாரம் பற்றிய பிரதமருடனான கலந்துரையாடலுக்கு குறித்த தொகுதியின் மக்கள் பிரதிநிதியாகிய எனக்கு எவ்வித அழைப்புக்களும் விடுக்கப்பட்டிருக்க வில்லை. நான் நேரடியாக பிரதமர் மஹிந்தவை சந்தித்து மக்களின் பிரச்சினையை பற்றி தெளிவாக விளக்கியவுடன் அன்று மாலை என்னையும் கூட்டத்தில் கலந்துகொள்ளுமாறும் அதற்கான ஏற்பாடுகளை தான் செய்வதாகவும் வாக்குறுதியளித்தார். அதன் பிரகாரமே நான் அக்கூட்டத்திற்க்கு சென்று வரவேற்பறையில் காத்திருந்தேன். அங்கு கலந்து கொண்டிருந்த முக்கிய பிரமுகர்கள் பலரும் அதிருப்தியுடன…

Sri Lanka COSMI Founder President appointed to London’s Peace Institute

The Founder President of Sri Lanka’s Confederation of Micro, Small and Medium Industries (COSMI) has been appointed as the Co-Chairperson of theLondon based Global Peace Institute (GPI)which conducts interdisciplinary research in several thematic fields including international relations and politics. By this high profile appointment made on 15 January, GPI seeks COSMI Founder President Nawaz Rajabdeen’s contributions to improve its training and research efforts. GPI is a think tank run by the UK based Global Peace Ins. (GPI) CIC, an independent non-profit, non-governmental organization. GPI works for global peace and resilience through peace education, dialogue, training, creating awareness and research. COSMI Founder President Rajabdeen, as an honorary member, is also tasked by GPI to promote its programs, add value to research work, and also will be required to attend various GPI events. “I am thankful to GPI for enlisting me for their ongoing and vast efforts” said COSMI Founder Pres…

மைத்திரிபால ஒரு புத்திஜீவியாகவோ, அறிஞராகவோ அவருடைய ஆட்சிக் காலத்தில் செயற்படவில்லை.

சிறுபான்மையினரின் வாக்குகளே
பிரதமர் யார் என்பதை தீர்மானிக்கும் !

சஜீத் − ரணில் பிரச்சினை
கூட்டனிக்கு பாதிப்பில்லை !!

நான் நிரபராதி என்பதை
சிங்கள மக்கள் உணர்வர் !!!

ஆட்சியில் இணையுமாறு அழைப்பு
வந்தால் தீர்மானிக்கலாம் !!!!

அகில இலங்கை மக்கள் காங்கிரஸ் தேசியத் தலைவர் ரிஷாத் பதியுதீன் பி.பி.சிக்கு பரபரப்பு பேட்டி....

அப் பேட்டியில் அவர் மேலும் தெரிவித்துள்ளதாவது...;

கேள்வி:
தற்போது நாடாளுமன்றத்தில் அங்கம் வகிக்கும் முஸ்லிம் தலைவர்களை தமது அரசாங்கத்தில் சேர்த்துக் கொள்வதில்லை என்றுகூறி ஆளுந்தரப்பு நிராகரித்திருப்பது பற்றி என்ன நினைக்கிறீர்கள்?

பதில்:
ஆளுங்கட்சியில்தான் இருக்க வேண்டும் என்கிற நிலைப்பாட்டுடன் நாம் அரசியல் செய்யவில்லை.

கடந்த ஜனாதிபதி தேர்தலில் கோட்டாபய ராஜபக்ஷவுக்கு கிடைத்த 69 லட்சம் வாக்குகளை எதிர்வரும் பொதுத் தேர்தலில் மஹிந்த ராஜபக்ஷ அணியினர் ஒட்டுமொத்தமாகப் பெற்றாலும், அவற்றினைக் கொண்டு நாடாளுமன்றத்திலுள்ள 225 ஆசனங்களில் 105 ஆசனங்களை மட்டுமே கைப்பற்ற முடியும். அதேவேளை, எதிர்த்தரப்பினருக்கு 119 ஆசனங்கள் கிடைக்கும். எனவே, எதிர்வரும் பொதுத் தேர்தல் சவால் மிகுந்ததாகவே அமையும்…