යුද අපරාධ අධිකරණය කඩිනම් කිරීමේ කටයුතු සිංහල ජනතාව විසින්ම ඉටුකරනු ලැබේ

යුද අපරාධ අධිකරණය කඩිනම් කිරීමේ කටයුතු සිංහල ජනතාව විසින්ම ඉටුකරනු ලැබේ
===========================================================

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සදහාවු මහ ලේකම් කාර්යාලය වන යූ එන් එච් සී ආර් විසින් තම රැකවරණය යටතේ රදවනු ලැබු අසරණ රෝහින්ග්‍යා වරුන් වෙත අද මිලේච්ඡ අන්දමක අත්දැකීමට මුහුණදීමට සිදුවිය.

එක්සත් ජාතීන්ගේ රැකවරණය යටතේ හිටපු සරණාගතයන්ට පහරදීමට තැත්කිරීම යනු එක්සත් ජාතීන්ටම අභියෝග කළා හා සමාන බව අඥානයෙකුට වුව තේරෙනු ඇති.

ඒ අතරම ඔවුන් පිටුවහල් කරන්නැයි අපි එක්සත් ජාතීන්ට නියෝගයක් දුන්නනේ යැයි කියමින් අක්මීමන දයාරත්න හාමුදුරුවෝ ප්‍රශ්ණය කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් නියෝගයක් ලබාදිය හැකි එකම පිරිසක් භික්ෂුන් වහන්සේලා බව හා එම බලය ශ්‍රීලංකානු අධිකරණවලට තිබෙන බවට උන් වහන්සේ තම ආධාරකරුවන් ඉදිරියේ ඒත්තු ගැන්වීමට ප්‍රයත්න දැරූ බවයි මට හැගුණේ

එක්සත් ජාතීන්ගේ තීන්දු තීරණ සම්බන්ධයෙන් අප කටයුතු කළ යුත්තේ නම්‍යශීලීතාවකිනි. වර්ගවාදී වියරුවෙන් එය විසදිය නොහැකිය. ලෝකයේ සම්මත හා ප්‍රඥප්තිවලට අප රටක් වශයෙන් ගරු කළ යුතුය.

නොබොදා අවසන්වුණු එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහභාගීවීමට අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා හට ඇමෙරිකාවට ඇතුළුවීම සදහා වීසා නිකුත්කරනු නොලැබිණි. එයට හේතුවක් වුයේ ශ්‍රී ලංංකාවට එරෙහිව එල්ලවී ඇති යුධ අපරාධ චෝදනාවන්ය.

ඒ පිළිබදව ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් සමන්විත අධිකරණයක් පිහිටවිය යුතු බවටත් මානව හිමිකම් කවුන්සිලය විිසින් නිර්දේශ කොට තිබේ.

ශ්‍රී ලංකාවේ සිංහල ජනතා මිලේච්ඡ බවටත් ඔවුන්ගෙන් තමන් හට සාධාරණයක් හෝ යුක්තියක් ඉටුනොවන බවටත් ඩයස්පෝරා ප්‍රමුඛ ජාත්‍යන්නර බලවේගයන් විසින් ගෙනයන සටනද සුළුපටු නොවේ.

එවන් බලවත් ප්‍රචාරයක් ඉදිරියේ ශ්‍රී ලංකාව යනු සියළු ආගම් හා ජාතීන්ට එකසේ ජීවත්විය හැකි රටක් බවට මුස්ලිම් වරුන් විසින් ජීනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත සෘජුව ප්‍රකාශ කළ අතර, එහි සාමාජික මුස්ලිම් රටවල් හි සහයෝගය ශ්‍රී ලංකාව වෙත ලබාගැනීමේ තීරණාත්මක මෙහෙයක් ද පසුගිය කාල වකවානුව තුළ ඉටුකරන ලදී.

එහෙත් දැන් ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුව එක්සත් ජාතීන් විසින් රැකවරණය ලබාදුන් සරණාගතයන් වෙත තර්ජනය කරන්නත්, ප්‍රහාර එල්ල කරන්නත් යෑම ඩයස්පෝරා හි චෝදනාවන් සත්‍ය බවට අප විසින්ම එත්තු ගැන්වීම හා සමාන කටයුත්තකි. සරණාගතයන් හට හෝ සානුකම්පිතව නොසළකන රටක තමන්ගේ වෛරී ජාතියකට කුමන අන්දමින් සළකනු ඇත්දැයි ජාත්‍යන්තර රටවල් විසින් නැවත වරක් අවධානය යොමුකර තමන්ගේ ස්ථාවරය වෙනස්කරගැනීම පවා මෙවන් කටයුතුවලින් සිදුවිය හැකි බරපතල හානියක් බව නොතේරෙන්නේ තමන්ගේ බඩගෝස්තර රැකගන්න ජාතියක් පාවා දෙන ඔලමොට්ටලයන් හට පමණි.

මේ සියල්ල මැදින් ඔවුන් විසින් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනාවන් හා එය විමර්ශනය කිරීමට ජාත්‍යන්තර අධිකරණයක් අතවශ්‍ය බවට ඇතැම් පාර්ශ්වයන් විසින් ගෙනයනු ලබන ප්‍රචාරයට ද නොදැනීම බලවත් සහයෝගයක් ලබාදී තිබෙන බවට කණගාටුවෙන් යුතුව සදහන් කළයුතුමය.

අසරණ ජනතාවකට අනුකම්පා කිරිම යනු බුදු රජාණන් වහන්සේගේ දේශනාවයි. අද සිදුවුයේ එම දේශනයට පටහැනි මානව දයාවට නිගාවක් ගෙන දෙන සිදුවීම් පෙලක් බව කණගාටුවෙන් යුතුව සටහන් කරමි.

Asrafali

Comments

Popular posts from this blog

பெட்ரோல், பொருட்க‌ள் விலை அதிக‌ரிப்புக்கு முஸ்லிம்க‌ள் அல‌ட்டிக்கொள்ள‌ தேவையில்லை.

தற்கொலைதாரி இப்ராஹிமின் கொலோசியஸ் நிறுவனத்துக்கு செம்பு பித்தளைகளை வழங்கினார் என்ற ஒரு குற்ற சாட்டையே ரிஷாட் கைதுக்கு காரணமாக கூறுகின்றனர்