ஏப்ரல் 21 தாக்குதலுக்கு அப்போது ஆட்சியில் இருந்த அரசாங்கமும் முன்னாள் ஜனாதிபதி மைத்திரிபால சிறிசேனவும் முன்னாள் பிரதமர் ரணில் விக்ரமசிங்கவுமே பொறுப்புக்கூற வேண்டும் என ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஸ வலியுறுத்திக் கூறினார். கிராமத்துடன் கலந்துரையாடல் வேலைத்திட்டத்தின் மற்றொரு கட்டம் குருணாகல் – கிரிபாவ, வேரகலவில் இன்று நடைபெற்றது. இதன்போது, ஏப்ரல் 21 தாக்குதல் தொடர்பான ஜனாபதி ஆணைக்குழுவின் அறிக்கை தொடர்பில் ஜனாதிபதி கருத்துக் கூறினார். பாதுகாப்பு நடவடிக்கைகள் தொடர்ச்சியாக முன்னெடுக்கப்படாததால், அவ்வாறான நிலை ஏற்பட்டமை ஆணைக்குழுவின் அறிக்கையில் தௌிவாவதாக ஜனாதிபதி சுட்டிக்காட்டினார். இலங்கையில் நூற்றுக்கும் மேற்பட்ட ஐ.எஸ் ஆதரவாளர்கள் இருப்பதுடன், ஐ.எஸ் தெற்காசியாவில் காட்டுத் தீ போல் பரவுவதாகவும் முற்போக்காக இருப்பதை விட செயற்திறன் மிக்கதாக இருக்க வேண்டும் எனவும் அரசாங்கத்திடம் கேட்டுக்கொள்ளப்பட்டுள்ளதுடன், இன மற்றும் மத முரண்பாட்டை தூண்டுவதனை தடுப்பதற்கு சட்ட வரையறை தயாரிக்கப்பட வேண்டியதன் தேவையும் வலியுறுத்தப்பட்டுள்ளதாக ஜனாதிபதி கூறினார். எனினும், துரதிர்ஷ்டவசமாக பிரதமர் விக்ரமசிங்க உள்ள
“පසුගිය මාස 7 ක කාලය තුල මිලියන 1.2 ක පමණ සංචාරකයන්
මෙරටට පැමිණ තිබෙනවා. අපේ රටේ විශාල ජාතික ආදායමක් ලැබෙන සංචාරක ව්‍යාපාරය
තවදුරටත් වැඩිදියුණු කරන්න අපි උත්සාහ කලයුතුයි. දකුණු ආසියාවේ හොඳම ගමානාන්තය
කොළඹ නගරය බවට පත්කරන්න අවශ්‍ය සංචාරක හිතෛෂී
පරිසරයක් අපි කොළඹ නගරය තුල
ස්ථාපිත කලයුතුයි. විශේෂයෙන් සංචාරකයින්ට දේශීය ආහාර වේලක් ගන්න, දේශීය අත්කම් නිෂ්පාදන මිලදී ගන්න, නිදහසේ
හැසිරෙන්න විවෘත වෙළඳ කලාපයක් අවශ්‍යයි.
මම විශ්වාස කරනවා. කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය තුල
එවැනි තත්වයක් ගොඩනගන්න පුළුවන්. ඒ
සදහා අවශ්‍ය සම්බන්ධීකරණය පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් සිදුකරල දේශීය විදේශීය සංචාරක හිතෛශී
පරිසරයක් මෙහි ගොඩනගන්න මම මැදිහත්
වෙනවා”.
කොළඹ පාවෙන වෙළද සංකීර්ණය සංචාරක හිතෛශී
කලාපයක් බවට පත් කිරීම සදහා
මෙරට සංචාරක ක්ෂේත්‍ර ව්‍යාපාරිකයින්
හා පිටකොටුව වෙළඳ සංගමය සමඟ පසුගියදා
පැවති සාකච්ඡාව සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ
පළාත් සභා සහ
පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමා එම අදහස් පළ කරන ලදි. පසුගිය
කාලපරිච්ඡේදය තුළ විශාල මුදලක් වැය
කරමින් නාගරික සංවර්ධන අධිකාරිය
මගින් නවීකරණය කළ මෙම පාවෙන වෙළඳ සංකීර්ණය
සංචාරක හිතෛශී
කලාපයක් බවට පත් කිරීම සඳහා පිටකොටුව වෙළද සංගමය අමාත්‍යවරයා වෙත කරනු
ලැබූ ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡාව සංවිධානය කරන ලදි. එහි පළමු
අදියර ලෙස මෙම මස 24,25 යන දින දෙක තුළ
පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ආහාර ප්‍රදර්ශනයේ
පූර්ව සංවිධාන කටයුතු මෙහි දී වැඩි
අවධානයට යොමු කරන ලදි.
මෙම වෙළඳ සංකීර්ණය සංචාරක හිතෛශී කලාපයක් බවට පත් කිරීම තුලින් විශාල රැකියා ප්‍රමාණයක්
උත්පාදනය කල හැකිවනු ඇති අතර දෛනිකව කොළඹට පැමිණෙන විශාල පිරිසකට අවශ්‍ය සේවා රැසක්
මෙම වෙළඳ සංකීර්ණය තුළ ස්ථාපිත කිරීමට කටයුතු කෙරේ. විශේෂයෙන් පිරිසිදු ආහාරපාන
ලබා ගැනීමේ වෙළඳසැල්, සනීපාරක්ෂක සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ඇතුළු විශේෂ අංග රැසක් මහජනතාව වෙත ලබා දීමට
මෙහි දී කටයුතු කෙරේ. ඉතාම කාර්ය බහුල නාගරික පරිසරයක පිහිටි මෙම පාවෙන වෙළඳ සංකීර්ණය සංචාරක කේන්ද්‍රස්ථානයක්
බවට පත් කිරීම සඳහා විදේශීය ආයෝජකයන් රැසකගේ අවධානය යොමු වී ඇත. එහෙත් දේශීය සංචාරක සේවා සැපයුම් ආයතන සඳහා මූලිකත්වය ලබා
දිය යුතු බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ අදහස වී ඇත. විශේෂයෙන් දේශීය නිෂ්පාදන
අලෙවි කිරීම සඳහා විශේෂ කලාපයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම තුළින් සුළු
හා මධ්‍ය පරිමාණ ව්‍යසායක ක්ෂේත්රය සඳහා අත්වැලක් වීම මෙම ඉසව්වේ තවත් අරමුණක් වේ.
Comments
Post a comment