Skip to main content

මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ යයි..



May 21, 2017

මාසයක් තුළ ප්‍රචණ්ඩ ක්‍රියා 16ක් වාර්තාවී ඇත..
ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජනතාවට එරෙහි ජාතිවාදී, ආගම්වාදී ප්‍රචණ්ඩත්වය යළි හිස ඔසවා තිබීම ගැන ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව සිය කණගාටුව පළකර තිබේ. පසුගිය මාසයක කාලය තුළ පමණක් මුස්ලිම් ආගමික සන්ථාන 3ක් ඇතුළු මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියාවන් 16ක් වාර්තාවී තිබේ. එය මැඩපැවැත්වීම සඳහා වත්මන් රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද මුස්ලිම් ජනතාව කණගාටුව පළ කර තිබේ.

පසුගිය කාලයේ රට තුළ ජාතිවාදී අදහස් ප්‍රචාරය කළ බොදු බල සේනාව සහ සිංහල රාවය වැනි සංවිධානවල ක්‍රියා කටයුතු යළි හිස ඔසවා තිබෙන අතර, ඥාණසාර හිමි යළි තම ජාතිවාදී අදහස් ප්‍රචාරය කිරීමේ කටයුත්ත ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් රටතුල විවිද ප්‍රදේශවල මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩත්වය යළි ව්‍යාප්තවී ඇති බව පෙන්වාදී තිබේ.

මේ අතර, මෙවැනි සිද්ධියන් මැඩපැවැත්වීමට රජය සහ ආරක්‍ෂක අංශය නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර, මුස්ලිම් දේශපාලන නායකයන් ද රජය අවශ්‍ය තරම් බලපෑමක් සිදුකිරීමට අපොහොසත් වී ඇති බවට චෝදනා කර තිබේ.

මෙවැනි තත්වයකදී මේ වසරේ අප්‍රේල් 15වනදා සිට මැයි 20වනදා දක්වා වූ කාලය තුල සිදුවූ මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩකාරි සිද්ධින් පහත සඳහන් වේ..

16.04.2017:
දකුණු පළාතේ ගොඩපිටිය, පෝරුව නගරයේ පිහිටි මුස්ලිම් ජනතාවට අයත් වෙළඳසැල් හතරකට අළුයම් කාලයේදී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

17.04.2017 :
ගාල්ල කොටුව හමුදා කඳවුරු ආරක්‍ෂක කලාපයෙහි පිහිටා ඇති ෂෙයිහ් සාලිහ් වලියුල්ලාහ් ආගමික ස්ථානයේ ආරක්‍ෂක තාප්පය නාඳුනන පිරිසක් විසින් කඩා විනාශ කර තිබීම.

20.04.2017 :
අම්පාර, ඉරක්කාමම්, මායක්කල්ලි කන්ද පාමුල පිහිටි මුස්ලිම් ජනතාවට අයත් අක්කර දෙකකට වැඩි ඉඩම් ප්‍රමාණයක් ආක්‍රමණය කර එහි බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීමේ කටයුත්තක් බෞද්ධ හිමිවරුන් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ නොසන්සුන් තත්වයක්ද ඇතිවුණි.

25.04.2017 :
අම්පාර, ඉරක්කාමම්, මායක්කල්ලි කන්ද පාමුල පිහිටි මුස්ලිම් ජනතාවට අයත් මුස්ලිම් ජනතාවගේ ඉඩම් ආක්‍රමණය කර එහි විහාරස්ථානයක් ඉදිකිරීමේ වැඩ කටයුතු නිරීක්‍ෂණය කිරීමට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ඥාණසාර හිමියන් එම ප්‍රදේශයට පැමිණියේය. තවද අම්පාර දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ පැවැති රැස්වීමට සහභාගිවූ අතර එහිදී මුස්ලිම් ජනතාවට හා ඉස්ලාම් ආගමට එරෙහිව වෛර සහගත අදහස් ප්‍රකාශ කළේය. රටතුල තවත් බෞද්ධ විහාර දහ දාහක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බවද උන් වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේය.

03.05.2017 :
ඉරක්කාමම් ප්‍රදේශයේ අනවසරයෙන් පැමිණ ජාති භේදයක් ඇති කිරීමට තැත් කරන ඥාණසාර හිමියන් සහ සිංහල රාවය හිමිවරුන්ව අත්අඩංගුවට ගත යුතු යැයි අම්පාර දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හරීස් මහතා පාර්ලිමෙන්තුවේදි ඉල්ලා සිටියේය.

08.05.2017 :
ශ්‍රී ලංකා මුහුදු කලාපයේදී අත්අඩංගුවට ගෙන රඳවා තබා සිටින මියන්මාර මුස්ලිම් සංක්‍රමණිකයන්ව රටින් පිටුවහල් කළ යුතු බවත්, සංක්‍රමණිකයන් මුවාවෙන් මුස්ලිම් ජනතාව ශ්‍රී ලංකා ආක්‍රමණය කිරීමට උත්සහ කරන බවට කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී බොදු බල සේනාවේ මහ ලේකම් ඥාණසාර හිමියන් පවසා තිබුණි.

10.05.2017 :
ඉරක්කාමම් මායක්කල්ලි කඳු පර්වතයේ වෙසක් දිනය නිමිත්තෙන් පොලිස් ආරක්‍ෂාව මැද විශේෂ බෞද්ධ පූජාවන්ද පැවැත්වුණි.

10.05.2017 :
පොළොන්නරුව, ඕනේගම ප්‍රදේශයේ සංචාරයක නිරතවූ බොදු බල සේනා මහ ලේකම් ඥාණසාර හිමිගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායම එම ප්‍රදේශයේ ජීවත් වන මුස්ලිම් ජනතාවට තර්ජනය කළ අතර, ඔවුන්ගේ ගව පට්ටි ද ගලවා විනාශ කළෝය. එහිදී මුස්ලිම්වරුන්ගේ දෙවියන්ව අපහස කර වෛරී සහගත අදහස්ද ඥාණසාර හිමි විසින් ප්‍රකාශ කර තිබුණි.

15.05.2017 :
තෝප්පූර් නීනාක්කේනි ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට අයත් පාරම්පරික ඉඩම්වලට අනවසරයෙන් ඇතුල් වූ බෞද්ධ හිමිවරුන්, එම ජනතාවගේ ඉඩම්වල වැට කඩා විනාශ කළහ.

15.05.2017 :
පානදුර, පැරණි බසාර් ප්‍රදේශයෙහි පිහිටි මුස්ලිම් මස්ජිදයකට අලුයම 3ට පමණ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණි. ප්‍රහාරය හේතුවෙන් මස්ජිදයට දැඩි අලාභ හානි සිදුවූ නමුත් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.

16.05.2017 :
කොළඹ, වැල්ලම්පිටිය, කොහිළවත්ත ප්‍රදේශයේ පිහිටි ඉබ්‍රාහිමියියා ජුම්මා මස්ජිදයට අලුයම 1.45ට පමණ අට දෙනෙකුගෙන් යුතු මැර කල්ලියක් විසින් පහරදී තිබුණි. ප්‍රහාරයෙන් මස්ජිදයට දැඩි අලාභ හානි සිදුව ඇති නමුත් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.

16.05.2017 :
බොදු බල සේනා කාර්‍යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මුස්ලිම් ජනතාවට සහ ඉස්ලාම් ආගමට එරෙහිව වෛරී සහගතව අදහස් ප්‍රකාශ කළ අතර, මුස්ලිම්වරුන්ගේ දෙවියන් අපහස කර යළි අදහස් ප්‍රකාශ කර තිබුණි.

16.05.2017 :
සෙල්වනගර්, නීනාක්කේනි ප්‍රදේශයට උල් ආයුධ සහ පොලු මුගරු සහිත කඩා වැදුනු 200කට වැඩි පිරිසකින් යුතු මැර කණ්ඩායමක් එම ප්‍රදේශයේ ජීවත් වු මුස්ලිම් ජනතාවගේ නිවස්වලට පහරදී අලාභහානි සිදු කළහ. එහිදී නිවාස 16කට දැඩි අලාභ හානි සිදුවූ අතර කිහිප දෙනෙකු තුවාල ලැබූහ.

17.05.2017 :
පානදුර, එලුවිල ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් ජාතිකයන් අයත් බේකරියක් ඇතුළු වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර, සිද්ධිය සම්බන්‍ධයෙන් මෙතෙක් කිසිඳු නීතිමය පියවරක් ගෙන නොමැත.

18.05.2017 :
වෙන්නප්පු ප්‍රදේශයෙහි පිහිටි මුස්ලිම් ජාතිකයෙකුට අයත් ලාස්ට් චාන්ස් නැමැති වෙළඳසැලට අලුයම 2ට පමණ ගිනි තබා විනාශ කර තිබුණි.

21.05.2017
කුරුණෑගල, මල්ලවපිටිය මුස්ලිම් මස්ජිදයට අලුයම පෙට්‍රල් අත්බෝම්බ හතරක් එල්ලවී තිබේ. ප්‍රහාරයෙන් මස්ජිදයේ බිත්තිවලට ද දැඩි අලාභ හානි සිදුව ඇති බව වාර්තාවේ.

Comments

Popular posts from this blog

அதாவுல்லாவை புக‌ழும் ஹ‌ரீஸ்

ஒவ்வொரு நிமிடமும் நம்மை நோக்கி எறிகணைகள் வந்த வண்ணமே இருக்கிறது. நாங்கள் ஒற்றுமைப்பட்டு இனி செயலாற்ற முன்வர வேண்டும். அம்பாறை மாவட்டத்தில் உள்ள சகல அரசியல் கட்சி முக்கியஸ்தர்களும் ஒன்றிணைந்து எதிர்வரும் பொதுத்தேர்தலை சந்தித்து நாங்கள் ஒற்றுமையாக வாக்களித்தால் அம்பாறை மாவட்டத்தில் இருந்து ஐந்து முஸ்லிம் பாராளுமன்ற உறுப்பினர்கள் தெரிவாவார்கள் என ஸ்ரீலங்கா முஸ்லிம் காங்கிரஸின் பிரதித்தலைவரும் முன்னாள் இராஜாங்க அமைச்சருமான சட்டத்தரணி  எச்.எம்.எம்.ஹரீஸ் தெரிவித்தார்.

 தொடர்ந்தும் அங்கு பேசும் போது,

கல்முனை பிரதேச விவகாரம் பற்றிய பிரதமருடனான கலந்துரையாடலுக்கு குறித்த தொகுதியின் மக்கள் பிரதிநிதியாகிய எனக்கு எவ்வித அழைப்புக்களும் விடுக்கப்பட்டிருக்க வில்லை. நான் நேரடியாக பிரதமர் மஹிந்தவை சந்தித்து மக்களின் பிரச்சினையை பற்றி தெளிவாக விளக்கியவுடன் அன்று மாலை என்னையும் கூட்டத்தில் கலந்துகொள்ளுமாறும் அதற்கான ஏற்பாடுகளை தான் செய்வதாகவும் வாக்குறுதியளித்தார். அதன் பிரகாரமே நான் அக்கூட்டத்திற்க்கு சென்று வரவேற்பறையில் காத்திருந்தேன். அங்கு கலந்து கொண்டிருந்த முக்கிய பிரமுகர்கள் பலரும் அதிருப்தியுடன…

Sri Lanka COSMI Founder President appointed to London’s Peace Institute

The Founder President of Sri Lanka’s Confederation of Micro, Small and Medium Industries (COSMI) has been appointed as the Co-Chairperson of theLondon based Global Peace Institute (GPI)which conducts interdisciplinary research in several thematic fields including international relations and politics. By this high profile appointment made on 15 January, GPI seeks COSMI Founder President Nawaz Rajabdeen’s contributions to improve its training and research efforts. GPI is a think tank run by the UK based Global Peace Ins. (GPI) CIC, an independent non-profit, non-governmental organization. GPI works for global peace and resilience through peace education, dialogue, training, creating awareness and research. COSMI Founder President Rajabdeen, as an honorary member, is also tasked by GPI to promote its programs, add value to research work, and also will be required to attend various GPI events. “I am thankful to GPI for enlisting me for their ongoing and vast efforts” said COSMI Founder Pres…

மைத்திரிபால ஒரு புத்திஜீவியாகவோ, அறிஞராகவோ அவருடைய ஆட்சிக் காலத்தில் செயற்படவில்லை.

சிறுபான்மையினரின் வாக்குகளே
பிரதமர் யார் என்பதை தீர்மானிக்கும் !

சஜீத் − ரணில் பிரச்சினை
கூட்டனிக்கு பாதிப்பில்லை !!

நான் நிரபராதி என்பதை
சிங்கள மக்கள் உணர்வர் !!!

ஆட்சியில் இணையுமாறு அழைப்பு
வந்தால் தீர்மானிக்கலாம் !!!!

அகில இலங்கை மக்கள் காங்கிரஸ் தேசியத் தலைவர் ரிஷாத் பதியுதீன் பி.பி.சிக்கு பரபரப்பு பேட்டி....

அப் பேட்டியில் அவர் மேலும் தெரிவித்துள்ளதாவது...;

கேள்வி:
தற்போது நாடாளுமன்றத்தில் அங்கம் வகிக்கும் முஸ்லிம் தலைவர்களை தமது அரசாங்கத்தில் சேர்த்துக் கொள்வதில்லை என்றுகூறி ஆளுந்தரப்பு நிராகரித்திருப்பது பற்றி என்ன நினைக்கிறீர்கள்?

பதில்:
ஆளுங்கட்சியில்தான் இருக்க வேண்டும் என்கிற நிலைப்பாட்டுடன் நாம் அரசியல் செய்யவில்லை.

கடந்த ஜனாதிபதி தேர்தலில் கோட்டாபய ராஜபக்ஷவுக்கு கிடைத்த 69 லட்சம் வாக்குகளை எதிர்வரும் பொதுத் தேர்தலில் மஹிந்த ராஜபக்ஷ அணியினர் ஒட்டுமொத்தமாகப் பெற்றாலும், அவற்றினைக் கொண்டு நாடாளுமன்றத்திலுள்ள 225 ஆசனங்களில் 105 ஆசனங்களை மட்டுமே கைப்பற்ற முடியும். அதேவேளை, எதிர்த்தரப்பினருக்கு 119 ஆசனங்கள் கிடைக்கும். எனவே, எதிர்வரும் பொதுத் தேர்தல் சவால் மிகுந்ததாகவே அமையும்…