වේල්ල වීදිය කාන්තා මළ සිරුර : සැකකරු ඇතුළු සැඟවුණු සියල්ල හෙළි වෙයි ( ( Photos ) මවිබිම දැන් ම තාරක සම්මාන් කොළඹ , වේල්ල වීදියේදී ගමන් මල්ලක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට , තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට හඳුනාගෙන තිබේ . නියෝජ්‍ය පොලිස්පති , පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ , අදාළ මළ සිරුර ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා යොමු කර එය එම කාන්තාවගේ ද යන වග තහවුරු කරගැනීමට කටයුතු කරන බවය . එමෙන් ම , අදාළ ගමන් මල්ල රැගෙන ආ සැකකරු පිළිබඳව ද තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ . සැකකරු බුත්තල පොලිසියට අනුයුක්තව සේය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවය . එම කාන්තාව සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වූ ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති අතර , සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය . සැකකරු බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට පොලිසිය හඳුනා ගෙන තිබේ . කෙසේ වෙතත් , මේ වන විට සැකකරු නිවසින් බැහැරට ගොස් ඇතැයි වාර
හූ කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වට්ටන්නට නොහැකි බව, පළාත් සභා
සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා
පවසනවා. ඔහු මේ අදහස් පළකළේ ඊයේ(04) අරණායක ප්‍රාදේශීය සභාව සඳහා
බහුකාර්ය ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයේදීයි. පළාත් සභා සහ
පළාත් පාලන අමාත්‍යංශයේ පුරනැගුම ව්‍යාපෘතිය මඟින්, පසුගාමී පළාත් පාලන
ආයතන සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකළ මේ ගොඩනැගිල්ල විවෘත
කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස අමාත්‍යවරයා සහභාගී වුණා.
රුපියල් මිලියන 50 ක වියදමින් ඉදිකළ මේ ගොඩනැගිල්ල ප්‍රාදේශීය සභා
කාර්යාලය, රැස්වීම් ශාලාව, පුස්තකාලය සහ ආයුර්වේද සායනයකින්
සමන්විතයි. ගොඩනැගිල්ල ඉදිකිරීමේ වියදමින් 84% ක් ආසියානු සංවර්ධන
බැංකුවෙන් ලබාදී ඇති අතර, ඉතිරි මුදල් රජයෙන් ලබාදී
තවදුරටත් අදහස් දැක්වූ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා,
“බණ්ඩාරනායක මහත්මයා ඝාතනය කරලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
වට්ටන්න බැරිවුණා. සමහර අය අද හූ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
වට්ටන්න හදනවා. හූ කියන්නේ තිරිසනුන්. හූවෙන් ජනතා පුත්‍රයින් වට්ටන්න
බෑ. පට්ටම් වලට වඩා වටින්නේ ජනතා පුත්‍රයෙක් වීම...“
පළාත් පාලන මැතිවරණය පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස්
පළකළා. “ප්රජාතන්ත්රවාදයේ අත්‍යවශ්‍ය අංගයක් පළාත් පාලන ආයතන. පළාත්
පාලන ඇමතිවරයා විදියට මම වගකියන්නේ රටට සහ ජනතාවට. මට
දේශපාන පක්ෂ වලට වගකියන්න බෑ. කොට්ඨාශ සීමානීර්ණයේ ගැටළු
තියෙනවා කියලා සියළුම දේශපාලන පක්ෂ චෝදනා කළා. ඒවා නිවරදි
කරන්නේ නැතිව මට මැතිවරණයක් තියන්න බෑ. ඒ වැරදි වල වගකීම මට
ගන්න බෑ. කරලා තියෙන කොට්ඨාශ සීමානීර්ණය අනුව වව්නියාවේ ගම්
තුනකට ඡන්ද අයිතිය නෑ. ඒක අසම්පූර්ණ වාර්තාවක්. මේක හරියට කරන
එක මගේ වගකීම. එතනදී කිසිම ජාතියකට, ජන කොටසකට හෝ ප්‍රදේශයකට
අසාධාරණයක් වෙන්න බෑ. ඒකට යම් කාලසීමාවක් අවශ්‍යයි. ඒ නිසා මම මේ
මන්ත්‍රීවරුන්ට කියනවා ඉවසීමෙන් ටික කාලයක් ඉන්න කියලා. මේ මාසේ
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කාලසීමාව අවසන්වූ පළාත් පාලන ආයතන
වල නිලධාරීන් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙනවා. එතනදී දැනට
තියෙන ගැටළු නිරාකරණය කරගන්න හැකිවේවි. අපි ඉන්නේ සම්මුති
ආණ්ඩුවක. ඒ නිසා නිල් පාට, කොළ පාට කණ්ණාඩි දාලා බලන්න එපා. රටේ
කණ්ණාඩියෙන් බලන්න...“
අරණායක ජනතාවගේ තවත් ප්‍රධාන ඉල්ලීමක් වූ සති පොළ, පළාත් සභා
සහ පළාත් පාලන අමාත්‍යංශ ප්‍රතිපාදන වලින් ඉදිකරදෙන බව ද ෆයිසර්
මුස්තෆා මහතා මෙහිදී ප්‍රකාශ කළා. සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල
හේරත්, පළාත් සභා මන්ත්‍රී චමිල දිසානායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලලිත්
දිසානායක, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියා.
මෙම ප්‍රවෘත්තිය ඔබ මාධ්‍ය ආයතනයෙන් වාර්තා කරන ලෙස ඉල්ලා
සිටින අතර, ඊට ලැබෙන සහය අගය කොට සලකමි. උත්සවයේ ඡායාරූප ඊ
මේල් කර ඇත.
Comments
Post a comment