Skip to main content

වේල්ල වීදිය කාන්තා මළ සිරුර : සැකකරු ඇතුළු සැඟවුණු සියල්ල හෙළි වෙයි

   වේල්ල වීදිය කාන්තා මළ සිරුර : සැකකරු ඇතුළු සැඟවුණු සියල්ල හෙළි වෙයි ( ( Photos ) මවිබිම දැන් ම තාරක සම්මාන්  කොළඹ , වේල්ල වීදියේදී ගමන් මල්ලක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට , තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට හඳුනාගෙන තිබේ .  නියෝජ්‍ය පොලිස්පති , පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ , අදාළ මළ සිරුර ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා යොමු කර එය එම කාන්තාවගේ ද යන වග තහවුරු කරගැනීමට කටයුතු කරන බවය . එමෙන් ම , අදාළ ගමන් මල්ල රැගෙන ආ සැකකරු පිළිබඳව ද තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ . සැකකරු බුත්තල පොලිසියට අනුයුක්තව සේය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවය . එම කාන්තාව සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වූ ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති අතර , සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය . සැකකරු බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට පොලිසිය හඳුනා ගෙන තිබේ . කෙසේ වෙතත් , මේ වන විට සැකකරු නිවසින් බැහැරට ගොස් ඇතැයි වාර

“ඇහැට පේන භෞතික සංවර්ධනය සිදුවන්නේ මේ වසරේදීයි...“ - ජනාධිපති




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව, වකුගඩු රෝගය පවතින ප්‍රදේශ වල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමට, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය රුපියල් බිලියන හතක වියදමින් ජල ව්‍යාපෘති 39 ක් දිස්ත්‍රික් පහක ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ඇතිව, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ පුර නැගුම වැඩසටහන යටතේයි. පළමු ජල ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වැලිකන්දේදීත්, දෙවන ව්‍යාපෘතිය හිඟුරක්ගොඩ, කුමාරගමදීත් ආරම්භවුණා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජල ව්‍යාපෘතියට ජල නල එලීමෙන් අනතුරව එතුමාගේ ප්‍රධානත්වයෙන් වැලිකන්ද මහ විද්‍යාලයේ උත්සවයත් පැවැත්වුණා. ඊට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම්, උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, මධ්‍යම පළාතේ ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්, රාජ්‍ය නිලධාරීන් සහ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියා. මෙම උත්සවයේ විශේෂත්වයක් වූයේ, පාකිස්ථානය, යුරෝපා සංගමය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඊජිප්තුව, බංග්ලාදේශය, සීෂෙල්ස්, පලස්තීනය, නෙදර්ලන්තය, කුවෙට්, දකුණු අප්‍රිකාව, කියුබාව සහ ජපානය යන රටවල් 12 ක තානාපතිවරුන් එක්ව සිටීමයි.
රුපියල් මිලියන 62.65 ක වියදමින් ඉදිකරන වැලිකන්ද ජල ව්‍යාපෘතිය මඟින් 8,600 දෙනෙකුට ජලය සැපයීමට සැලසුම් කර තිබෙනවා. වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් මේ දක්වා වාර්තා වී ඇති වකුගඩු රෝගීන් සංඛ්‍යාව 322 ක්. රුපියල් මිලියන 41.95 වියදමින් ඉදිකරන හිඟුරක්ගොඩ, කුමාරගම ජල ව්‍යාපෘතිය මඟින් 870 දෙනෙකුට ජලය සැපයීමට සැලසුම් කර තිබෙනවා. හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් මේ දක්වා වාර්තා වී ඇති වකුගඩු රෝගීන් සංඛ්‍යාව 10 ක්.
උත්සවය ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, “ මම අද ඉතාමත් සතුටට පත්වෙනවා, තමුන්නාන්සේලාට පසුගිය දශක දෙකක කාලයක් තුළ කිරීමට නොහැකි වූ දෙයක් අද දවසේ ආරම්භ කිරීමට හැකිවීම ගැන. මම තමුන්නාන්සේලාගේ ප්‍රධාන මහජන සේවකයා විදියට පත්වුනාට පස්සේ ගතකරපු කාලසීමාව තුළ, එදා තිබුණ ප්‍රශ්න තවමත් එසේම පවතිනවා, ඇතැම් ප්‍රශ්න විසඳිලා තියෙනවා. මිනිසෙකුට ජීවත්වීමට අවශ්‍ය බොන වතුර ටික තමුන්නාන්සේලාට දෙන්න පුළුවන්වුනේ මම ජනාධිපතිවරයා විදියට පත්කර ගත්තට පස්සේ, අද මේ ආරම්භ කරන ව්‍යාපෘතිය මඟින්. මේ වැලිකන්දේ ජනතාව පහුගිය අවුරුදු 26 කාල සීමාව තුළ උතුරු නැගෙනහිර ජනතාව වගේම, යුද්ධයේ කටුක අමිහිරි, අත්දැකීම් වින්ඳා. මේ අවට ගම්මාන වල තමුන්නාන්සේලාට, වෙඩි හඞ හොඳට හුරුයි. බෝම්බ හඞ හොඳට හුරුයි. මේ ගම්වලට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ඇවිල්ලා සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියල බැලුවේ නෑ, මේ ගම්මාන බරපතල විදියට විනාශ කළා. කටුක යුද්ධය අවසන් කරලා සාමය ලබාගත්තත්, ඒ සාමය තුළ තිබෙන්නේ වෙඩි හඩ නිහඩ වීම, අවි ආයුධ නිහඩවීම පමණයි. මිනිසුන් විදියට ජීවත්වීමට අවශ්‍ය මූලික අවශ්‍යතාවන් වල ප්‍රශ්න රාශීයක් තියෙනවා. රටක ජනතාවගේ ඉදිරි ගමන සඳහා ප්‍රධාන වශයෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැදගත් වනවා. පොළොන්නරුව නගරයේ තියෙන රාජකීය විද්‍යාලයේ තත්ත්වයට, ඉදිරි අවුරුදු කිහිපය තුළ මේ වැලිකන්ද මහ විද්‍යාලය සකස් කරනවයි කියන එක විශේෂයෙන්ම මම තමුන්නාන්සේලාට කියන්න ඕන. සංවර්ධනය කරා යන ගමනේදී මේ රටේ සියළු දිස්ත්‍රික් සංවර්ධනය කරලා, වඩා අඩු සංවර්ධනයේ තියෙන දිස්ත්‍රික්ක ඉහළ මට්ටමකට ගෙනඒමයි අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. පහුගිය අවුරුදු කීපය තුළ අපේ රටේ සංවර්ධනය සිද්දවුනේ තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයකට පමණයි. පහුගිය අවුරුදු ගණනාවක් මහා සංවර්ධනයක් වුණා  කියන උදවියට මම ආරාධන කරනවා මේ ප්‍රදේශ වලට ඇවිල්ලා මේ ප්‍රදේශ වල ජනතාව විඳින දුක බලන්න. යන්න පාරක් හරියට තියෙනවද..? බොන්න වතුර ටික තියෙනවද..? පාසල් වල දරුවන්ට හරියට වැසිකිලි කැසිකිලි පහසුකම් තියෙනවද..සෞඛ්‍ය පහසුකම් තියෙනවද..? මේ කාරණය තමුන්නාන්සේලාගේ හෘද සාක්ෂිය දන්නවා. ඒ ගැන මම කියන්න ඕන නැහැ. ෆයිසර් මුස්තෆා ඇමතිතුමා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා විදියටත්, පියංකර ජයරත්න මැතිතුමා රාජ්‍ය ඇමති විදියටත්, එතුමාගේ අමාත්‍යංශවේ ලේකම්තුමා ඇතුළු නිලධාරීන්ට මම විශේෂ ස්තුතියක් පිරිනමනවා, මේ ව්‍යාපෘතිය සඳහා දැඩි උනන්දුවක් දක්වලා අවුරුදු 30 කට අධික කාලයක් මේ ප්‍රදේශ වල ජීවත් වන තමුන්නාන්සේලාට, බොන වතුර ටික දෙන්න මේ යෝධ ව්‍යාපෘතිය අද ආරම්භ කිරීමට හැකිවීම, මම මහා පිනක් හැටියටයි දකින්නේ. මැදිරිගිරිය වකුගඩු රෝගීන් බරපතල විදියට ඉන්න ප්‍රදේශයක්. මැදිරිගිරියේ පානීය ජල යෝජනා ක්‍රමයට මුල්ගල් තියල ආරම්භ කරලා දැන් අවුරුදු පහක් වෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් වැඩිම ප්‍රදේශය මැදිරිගිරිය. ඒ ජනතාවට හොඳ වතුර ටික දෙන්න තමයි කෑගහලා කෑගහලා ඒක ලබාගත්තේ. නමුත් පහුගිය අවුරුදු කීපය තුළ ඒ ව්‍යාපෘතිය වැඩ කරන්න අපිට මුදල් ලැබුනේ නැහැ. ඒ නිසා තවමත් බැරිවුණා ඒ ව්‍යාපෘතිය විවෘත කරන්න. දැන් අපි මුදල් වෙන්කරලා මේ අවුරුද්දේවත් බලාපොරොත්තුවෙනවා මැදිරිගිරියේ ජනතාවට වතුර ටික දෙන්න. මහ මැතිවරණය අවසන් වෙලා මාස පහයි තවම. සමහරු කථාකරන්නේ අවුරුදු ගණනාවක් මේ ආණ්ඩුව තිබුණා වගේ. ඒ නිසා ආණ්ඩුව විවේචනය කරන අයට මම කියන්න ඕන, අලුත් ආණ්ඩුවක් විදියට මේ රටට අවශ්‍ය සමාජීය වෙනස්කම්, දේශපාලන ප්‍රතිසංස්කරණ, ආර්ථික ප්‍රතිසංස්කරණ වලට මූලික ආරම්භයක් තමයි මම ගිය අවුරුද්දේ කළේ. මේ අවුරුද්දේ තමයි භෞතික වශයෙන් සංවර්ධනය, ඇහැට පේන දේවල් සංවර්ධනය කරන වසර...
උත්සවය ඇමතූ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා, “ජනවාරි අට වැනිදායින් පසු මේ රටේ සමාජීය, ආර්ථික, දේශපාලනික වෙනසක් ඇතිවුනේ අතිගරු ජනාධිපතිතුමා පක්ෂයට වඩා රට වැදගත් කියල වැඩ කරපු නිසා. මේ රට එක්සත් කරපු නායකයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. භූගෝලීය වශයෙන් රට එක්සත් කළාට වැඩක් නෑ. හදවත් වලින් ජනතාව එක්සත් කරන්නේ නැ.තුව. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ ප්‍රදේශයේ ජනතාවටත් වකුගඩු රෝගය පවතිනවා. වකුගඩු රෝගය මේ රටෙන් තුරන් කරන්න ජනාධිපතිතුමාට විශාල උවමනාවක් තියෙනවා. ඒ උවමනාව වෙනුවෙන් අපේ අමාත්‍යංශයට දායක වෙන්න ලැබීම විශාල සතුටක්. ජනවාරි අට අභියෝගය ජයගත් අපිට වකුගඩු රෝගය අභියෝගයක් නෙවෙයි. අද ආරම්භ කළ මේ ජල ව්‍යාපෘති දෙකෙන් මාස හයකින් පිරිසිදු පානීය ජලය වැලිකන්ද සහ හිඟුරක්ගොඩ ජනතාවට ලබාදෙනවා. අපේ ආදරණීය නායකයා ජනාධිපති වුනාට පස්සේ ජාත්‍යන්තරයේ අපේ රට ගැන තිබ්බ කළු පැල්ලම ඉවත් කරන්න හැකිවුණා. මීට පෙර ජාත්‍යන්තරය ලංකාව දැකපු විදියට නෙවෙයි අද දකින්නේ. අද වැලිකන්දට තානාපතිවරු 12 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඔවුන් අහන්නේ ඒ රටවල් වලින් අපිට අවශ්‍ය සහයෝගය මොකක්ද කියලා...
පළමු අදියර යටතේ, උතුරු මැද පළාතේ  වැලිකන්ද, හිඟුරක්ගොඩ, තමන්කඩුව සහ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල රුපියල් මිලියන 283.15 වියදමින් ආරම්භ කරන ජල ව්‍යාපෘති පහක් මඟින් 31,095 දෙනෙකුට පිරිසිදු පානීය ජලය සැපයීමට සැලසුම් කර තිබෙනවා. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් මේ දක්වා වාර්තා වී ඇති වකුගඩු රෝගීන් සංඛ්‍යාව 325 ක්. ඌව පළාතේ මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පහළ රත්කිඳ රුපියල් මිලියන 85.90 ක වියදමින් ආරම්භ කරන ජල ව්‍යාපෘතියක් මඟින් 3,400 දෙනෙකුට පිරිසිදු පානීය ජලය සැපයීමට සැලසුම් කර තිබෙනවා. මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් මේ දක්වා වාර්තා වී ඇති වකුගඩු රෝගීන් 74 දෙනෙක්. මධ්‍යම පළාතේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රුපියල් මිලියන 72 ක වියදමින් හෙට්ටිපොළ ආරම්භ කරන ජල ව්‍යාපෘතිය මඟින් 2,584 දෙනෙකුට පානීය ජලය සැපයීමට සැලසුම් කර තිබෙනවා. විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් මේ දක්වා වාර්තාවී ඇති වකුගඩු රෝගීන් සංඛ්‍යාව 251 ක්. වයඹ පළාතේ මහව සහ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල රුපියල් මිලියන 90.30 ක වියදමින් නිකවැරටිය ආරම්භ කරන ජල ව්‍යාපෘතිය මඟින් 4,000 කට පිරිසිදු පානීය ජලය සැපයීමට සැලසුම් කර තිබෙනවා. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් මේ දක්වා වාර්තා වී ඇති වකුගඩු රෝගීන් සංඛ්‍යාව 55 ක්.
දෙවන අදියර යටතේ, උතුරු මැද පළාතේ තිරප්පනේ, කැකිරාව තමන්කඩුව, ගිඟුරක්ගොඩ සහ මිහින්තලේ සහ වයඹ පළාතේ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල  රුපියල් මිලියන 1,023.78 ක වියදමින් ජල ව්‍යාපෘති අටක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ වසරේ ජුනි මාසයේ ආරම්භ කරන එම ව්‍යාපෘති මඟින් 231,200 දෙනෙකුට පිරිසිදු පානීය ජලය සැපයීමට නියමිතයි. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් මේ දක්වා වාර්තාවී ඇති වකුගඩු රෝගීන් සංඛ්‍යාව 2,310 ක්.

තුන්වන අදියර යටතේ, උතුරු මැද, මධ්‍යම, වයඹ සහ ඌව පළාත් වල කැකිරාව, තමන්කඩුව, හිඟුරක්ගොඩ, නුවරගම්පළාත, පදවිය, කැබිතිගොල්ලෑව, දඹුල්ල, මාතලේ, ගනේවත්ත, නිකවැරටිය, ගල්ගමුව, කරුවලගස්වැව, තබ්බෝව, මහියංගනය, තණමල්විල, බුත්තල සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල රුපියල් මිලියන 5,697.48 ක වියදමින් ජල ව්‍යාපෘති 23 ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. 2017 වසරේ ජනවාරි මාසයේ ආරම්භ කරන එම ව්‍යාපෘති මඟින් 349,252 කුට පිරිසිදු පානීය ජලය සැපයීමට නියමිතයි. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් මේ දක්වා වාර්තාවී ඇති වකුගඩු රෝගීන් සංඛ්‍යාව 7,283 ක්.

Comments

Popular posts from this blog

*ரணில் மைத்திரி நல்லாட்சியில் முஸ்லிம்களுக்கு எதிராக இடபெற்ற 146 சம்பவங்கள்

*ரணில் மைத்திரி நல்லாட்சியில் முஸ்லிம்களுக்கு எதிராக இடபெற்ற 146 சம்பவங்கள்* *(தொடரும்)* 146.23.11.2017அரசாங்க  தேசிய பாடசாலையான கண்டி மகளிர் உயர் பாடசாலைக்குநியமனம் பெற்று சென்ற  முஸ்லிம் ஆசிரியைக்கு பாடம் நடத்தஅதிபர் மறுப்பு வெளியிடப்பட்டது. http://www.madawalanews.com/2017/11/blog-post_373.html 145. காலி – தூவ பிரதேசத்தில் அமைந்துள்ள சமகிவத்தை குடியிடுப்பு பகுதியிலுள்ள முஸ்லிம் நபரொருவரின் வீடொன்றின்  மீது அதிகாலை வேளையில், பெற்றோல் குண்டு தாக்குதல் மேற்கொள்ளப்பட்டது.  http://www.jaffnamuslim.com/2017/11/blog-post_912.html 144. 20.11.2017 வவுனியா நகர பள்ளிவாசல் பகுதியில் அமைந்துள்ள கடைத்தொகுதியில் அதிகாலை 1.20 மணியளவில் எற்பட்ட தீ விபத்தில் இரு கடைகள் எரிந்து நாசமாகியுள்ளதுடன், இரு கடைகள் பகுதியளவில் எரிந்து சேதமாகியது. http://www.jaffnamuslim.com/2017/11/blog-post_180.html 143. 17.11.2017    300க்கும் மேற்பட்ட சிங்கள இளைஞர்கள் பல குழுக்களாகப் பிரிந்து கிந்தோட்டைக்குப் பிரவேசிக்கும் பாதைகளை எல்லாம் இடைமறித்த வண்ணம் கொஞ்சம் கொஞ்சமாக ஊருக்குள் பிரவேசித்து இரவு 9.30 மணியளவில் தம

ஹக்கீமை சமூக துரோகி என குற்றம் சாட்டி அரசியல் செய்யும் முஸர்ரப்

ஞானசாரவை தூண்டி அரசியல் செய்யும் ரிசாத்தும் ஹக்கீமை சமூக துரோகி என குற்றம் சாட்டி அரசியல் செய்யும் முஸர்ரப்பும் இதுவே இவர்களின் அரசியல் வியூகம் ...................................................................... ரிசாத்தின் வர்த்தக அமைச்சால் பொத்துவிலுக்கோ அல்லது அம்பாரை மாவட்டத்தின் மக்களுக்கோ கிடைத்த நன்மைகள் என்ன? அம் மக்களுக்கு நன்மை கிடைத்ததோ இல்லையோ அந்த மக்களை காட்டி அவருக்கு அரபு நாடுகளில் கிடைத்த நிதிகளே அதிகம். அவர்கள் சொல்லும் 50 வீடு எந்த வர்த்தக அமைச்சினால் வந்தது? அவர்கள் சொல்லும் பள்ளி வாயலுக்கு வழங்கப்பட்ட நிதி எங்கிருந்து வந்தது? எந்த வர்த்தக அமைச்சினால் வந்தது? இன்று இளைஞர்களை ஒன்றுபடச் சொல்லும் முஸர்ரப்பினால் ரிசாத்தை கொண்டு எத்தனை இளைஞர்களுக்கு வேலை வாய்ப்பு பெற்றுக் கொடுக்கப்பட்டுள்ளது? அவரின் அமைச்சைக் கொண்டு இந்த அம்பாரை மாவட்டத்தில் ஏதாவது ஒரு தொழில் பேட்டை அமைக்கப்பட்டதா? சம்மாந்துறையில் அமைப்பேன் எனக் கூறி அம் மக்களை ஏமாற்றியதே மீதியானது இவ்வாறான பொய் பொத்தலோடு நாம் எவ்வாறு ஒன்றுபடுவது? ஒவ்வொரு முறையும் ஞானசாரவை தூண்டி அரசியல் செய்யும் ரிசாத

அகில இலங்கை மக்கள் காங்கிரஸ் கட்சியினால் சுமார் 16 லட்சம் ரூபா பெறுமதியான கரப்பாந்தாட்ட விளையாட்டு மைதானம்

அகில இலங்கை மக்கள் காங்கிரஸ் கட்சியினால் சுமார் 16 லட்சம் ரூபா பெறுமதியான கரப்பாந்தாட்ட  விளையாட்டு மைதானம்  மதவாக்குள பிரதேசத்திற்கு  அமைத்து கொடுக்கப்ப்பட்டுள்ளது. கௌரவ முன்னாள் அமைச்சரும் அகில இலங்கை மக்கள் காங்கிரஸ் கட்சியின் தலைவருமான அல்ஹாஜ் றிஷாத் பதுயுதீன் அவர்களின் நிதியின் மூலம் அகில இலங்கை மக்கள் காங்கிரஸ் புத்தள மாவட்ட அமைப்பாளர் அலி சப்ரி ரஹீம் அவர்களின் முயற்சியினால் அகில இலங்கை மக்கள்  காங்கிரசின் மதவாக்குள கட்சிக் குழுவின் வேண்டுகோளுக்கு இணங்க மதவாக்குள பிரதேசத்திற்கு மிக நீண்டகால தேவைப்பாடாக இருந்த கரப்பாந்தாட்ட விளையாட்டு மைதானம் நேற்று கெளரவ அலி சப்ரி ரஹீம் அவர்களினால் திறந்து வைக்கப்பட்டது. அந்தவகையில் இந்த கரப்பாந்தாட்ட விளையாட்டு மைதானமானது சுமார் 16 லட்சம் ரூபா பெறுமதியாகும் எனவே இதனை  ஊருக்கு  அமைத்து கொடுத்தமைக்கு மதவாக்குள ஊர் மக்கள் மற்றும்இ விளையாட்டு குழு உறுப்பினர்கள் தங்கள் நன்றிகளை அகில இலங்கை மக்கள் காங்ரஸிற்கு  தெரிவித்து கொள்கின்றனர். ஊடகவியலாளர் சில்மியா யூசுப். 0769622313