“පළාත් පාලන මැතිවරණය ජුනි මාසයට පෙර පවත්වනවා...“ - අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා


‍“පළාත් පාලන මැතිවරණය ජුනි මාසයට පෙර පවත්වනවා...“ - අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා


      
      පළාත් පාලන මැතිවරණය ජුනි මාසයට පෙර පවත්වන බව, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පවසනවා. අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ, අනිවාර්යයෙන්ම කොට්ඨාශ සහ සමානුපාතික මිශ්‍ර ක්‍රමයට එය පවත්වන බවයි. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ අද(19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ අදහස් පළකළා.
            එහිදී තවදුරටත් අදහස් දැක්වූ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා, “සීමානීර්ණය පිළිබඳ අභියාචනා විමර්ශනයට පත්කළ කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතාට මම උපදෙස් දීලා තියෙනව අප්‍රේල් මාසේ සීමානීර්ණයේ කටයුතු අවසන් කරන්න. අතිගරු ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය සියළුම සම්පත් ලබාදීමට පොරොන්දුවුණා. දිස්ත්‍රික් මට්ටමින් මේ වනවිට සීමානීර්ණය කටයුතු කරගෙන යනවා. ඒක ඉතාමත් අභියෝගාත්මක කාර්යයක්. අපිට අභියාචනා 1000 කට වඩා ලැබිලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් අභියාචනා ලැබිලා තියෙනවා. තවදුරටත් පළාත් පාලන ආයතන නිලධාරීවාදයට යටත් කරන්න බෑ. ඇතැම් දේශපාලනඥයන් සමානුපාතික ක්‍රමයට පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියලා අධිකරණයට යන්න හදනවා. 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන මැතිවරණ සංශෝධන පනත  අනුව සමානුපාතික ක්‍රමයට මැතිවරණය පවත්වන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණයටවත් පනතක් වෙනස් කරන්න බෑ. ඒවගේම සමානුපාතික ක්‍රමයට මැතිවරණය පවත්වන්න ජනවරමක් ලැබිලා නෑ. දූෂිත මනාප ක්‍රමය අහෝසි කරලා ගමට වගකියන මන්ත්‍රීවරයෙක් පත්වන මැතිවරණ ක්‍රමයක් ඉදිරිපත් කරන බවට තමයි පසුගිය ජනාධිපතිවරණයේදී අතිගරු ජනාධිපතිතුමා පොරොන්දුවුනේ. 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන මැතිරවණ සංශෝධන පනතින් හරයාත්මකව එය ඉෂ්ඨවෙනවා. 70% ක් කොට්ඨාශ ක්‍රමයත් 30% ක් සමානුපාතික ක්‍රමයත් නියෝජනය වන මිශ්‍ර ක්‍රමයකට තමයි පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ. එතනදී පළාත් පාලන ආයතන වලට තෝරාගන්නා මන්ත්‍රීවරුන්ගෙන් 25% ක් කාන්තාවන් නියෝජනය වන ලෙස, මහ මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර වැනි අවස්ථාවක් කාන්තාවන්ට ලබාදෙන්න සැලසුම් කරලා තියෙනවා. එමගින් යෝජනා කර ඇති කාන්තා නියෝජනය වැඩිකිරීම සිදුවනවා. මම ඉතාම වගකීමෙන් සියළුම දේශපාලන පක්ෂ වලට කියනවා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ සමානුපාතික සහ කොට්ඨාශ ක්‍රම දෙකම ඇතුළත් මිශ්‍ර ක්‍රමයකට. ඒ නිසා ඊට සුදානම් වෙන්න. කිසිසේත්ම පැරණි සමානුපාතික ක්‍රමයට පළාත් පාලන මැතිවරණය තියන්නේ නෑ. ඒවගේම පළාත් පාලන මැතිරවණය ප්‍රමාද වුනේ සීමානීර්ණය නිවරදිව අවසන් කරන්න සිදුවුන නිසා...“

            මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි සහ සීමානීර්ණය පිළිබඳ අභියාචනා කමිටුවේ සභාපති අශෝක පීරිස් යන මහත්වරුන්ද ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළාත් පාලන මැතිවරණය පිළිබඳ අදහස් පළකළා. 

Comments

Popular posts from this blog

பெட்ரோல், பொருட்க‌ள் விலை அதிக‌ரிப்புக்கு முஸ்லிம்க‌ள் அல‌ட்டிக்கொள்ள‌ தேவையில்லை.

தற்கொலைதாரி இப்ராஹிமின் கொலோசியஸ் நிறுவனத்துக்கு செம்பு பித்தளைகளை வழங்கினார் என்ற ஒரு குற்ற சாட்டையே ரிஷாட் கைதுக்கு காரணமாக கூறுகின்றனர்