யுத்தத்தில் காணாமல் ஆக்கப்பட்டோர் பற்றி கோத்தாபாயவிடம் கேற்பது அர்த்தமற்றதாகும்

Image
யுத்த‌ இறுதியின் போது கோட்டாப‌ய‌ ராணுவ‌ த‌ள‌ப‌தியாக‌ இருக்க‌வில்லை. பாதுகாப்பு செய‌லாள‌ராக‌ இருந்தார். யுத்த‌த்தில் கொல்ல‌ப்ப‌ட்டோர் யார் என்ப‌தை த‌ள‌ப‌திக‌ளே முத‌லில் அறிவ‌ர். ஒரு செய‌லாள‌ருக்கும் த‌ள‌ப‌திக்கும் வித்தியாச‌ம் உண்டு. செய‌லாள‌ர் ப‌த‌வியை கோட்டா ச‌ரியாக‌ செய்தார். த‌ள‌ப‌திக்கான‌ செய‌லை பொன்சேக்காவும் ச‌ரியாக‌ செய்தார். அத‌னால் யுத்த‌த்தில் யாரும் காணாம‌ல் ஆக்க‌ப்ப‌ட்டார்க‌ளா என்ற‌ கேள்விக்கு முத‌லில் ப‌தில் சொல்ல‌ வேண்டிய‌வ‌ர் பொன்சேக்கா என்ற‌ கோட்டாவின் க‌ருத்து மிக‌ச்ச‌ரியான‌து.

கார‌ண‌ம் க‌ள‌த்தில் நின்ற‌ பொன்சேக்கா கொடுக்கும் த‌க‌வ‌லே கோட்டாவை வ‌ந்த‌டையும் என்ப‌தே ய‌தார்த்த‌மான‌து. ம‌ஹிந்த‌ த‌ன‌துஅர‌சிய‌ல் த‌லைமைத்துவ‌த்துவ‌த்தின் மூல‌ம் யுத்த‌த்தை முன்னெடுக்க‌ பொன்சேக்காவுக்கு அனும‌தி கொடுத்தார். ம‌ஹிந்த‌ பின் வாங்கியிருந்தால் கோட்டாவினாலோ பொன்சேக்காவினாலோ யுத்த‌த்தை முன்னெடுத்திருக்க‌ முடியாது.
அத‌னால்த்தான் யுத்த‌த்தை முடிவுக்கு கொண்டு வ‌ந்த‌ வெற்றி ம‌ஹிந்த‌வுக்குரிய‌து.  அத‌னை நெறிப்ப‌டுத்திய‌து கோட்டா.

இந்த‌ இருவ‌ரின் உத்த‌ர‌வை முன்னெடுத்த‌வ‌ர் பொன்சேக்கா. யுத்த…

පලාලි ගුවන්තොටුපොළ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසට නම් කෙරේ

පලාලි ගුවන්තොටුපොළ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසට නම් කෙරේ

( මිනුවන්ගොඩ - අයි. ඒ. කාදිර් ඛාන් )

   පලාලි ගුවන්තොටුපොළ , යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසට නම් කෙරේ. ඒ,  ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වීමෙනි. 
   ප්‍රාදේශීය ගුවන් තොටුපොළක් ලෙසට පැවැති යාපනය පලාලි ගුවන්තොටුපොළ, කලාපීය සහ ජාත්‍යන්තර තොටුපොළක් ලෙසට සංවර්ධනය කිරීම ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ, පසුගිය ජූලි මස පස්වැනිදායි. එම සංවර්ධන කටයුතු, මේ මස දහවැනිදා වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. 
   ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන්තොටුපොළ විවෘත කිරීම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදයෙන් ලබන 17 වැනිදා හෝ ඊට ආසන්න දිනක සිදු කිරීමට අපේක්ෂා කෙරේ.
   පියවර තුනකින් සංවර්ධනය කෙරෙන යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි, ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ සංකේත අංකය (ICAO CODE) වන්නේ VCCJ වෙයි. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ සංකේත අංකය (IATA) වන්නේ JAF වෙයි. මෙම නම් කිරීමට සමගාමීව මඩකලපුව ගුවන් තොටුපොළ, මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසද, රත්මලාන ගුවන්තොටුපොළ කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසද නම් කෙරේ. මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළහි ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ සංකේත අංකය,  VCCB ද ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ සංකේත අංකය BTC ද වෙයි. කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළහි ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ සංකේත අංකය,  VCCC ද ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ සංකේත අංකය RML ද වෙයි. මෙම නම් කිරීමත් සමඟ, ලංකාවේ දැනට ඇති ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගණන පහ දක්වා ඉහළ යයි. 
   ඒ කොළඹ -  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කොළඹ - රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසිනි.

Comments

Popular posts from this blog

We are only partners of Sri Lanka democracy, but not of UNP’-ACMC

ஐக்கிய தேசியக் கட்சியின் இரு முக்கிய தலைகள் மஹிந்தவுடன் இணைய பேச்சு

பெரும்பான்மையைக் காண்பிப்பதற்கான தேவை பாராளுமன்ற சம்பிரதாயங்களுக்கு அவசியமற்றது: ஜனாதிபதி