Thursday, January 10, 2019

ක්‍රීඩා සංගම් හා ක්‍රීඩක ගැටළු කඩිනමින් විසදීමට විශේෂ ඒකකයක්

ක්‍රීඩා සංගම් හා ක්‍රීඩක ගැටළු කඩිනමින් විසදීමට විශේෂ ඒකකයක්

                                                                                මිනුවන්ගොඩ අයි. ඒ. කාදිර් ඛාන්  

ක්‍රීඩා අමාත්‍යාංශයේ මහජන දිනය වඩාත් කාර්යක්ෂමව නව මුහුණුවරකින් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් තීරණය කර ඇත.
මේ අනුව, මේ මස 16 වෙනි දින සිට විශේෂ ඒකකයක් හරහා මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තුවන බව, අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය පවසයි. 
මෙම වැඩපිළිවෙල අනුව, ප්‍රශ්ණ විසදීම කඩිනම් කිරීම සදහා අදාල නිළධාරීන්ට යොමු කිරීම එම අවස්ථාවේදීම සිදු කිරීමට නියමිතයි. 
ක්‍රීඩා සම්බන්ධ ගැටළු ඉදිරිපත් කිරීම සදහා සෑම බදාදා දිනයකම ක්‍රීඩා අමාත්‍යතුමන් මුණගැසීමට බලාපොරොත්තු වන ක්‍රීඩා සංගම් / සම්මේලන නිළධාරීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම ගැටළු කඩිනමින් විසදා දීම සදහා නව ක්‍රියා පටිපාටියක් සකස් කර තිබේ.
මෙම නව ක්‍රමවේදය මගින් විශේෂයෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටළු එම අවස්ථාවේදීම අදාල අංශ වෙත යොමු කොට එදිනම විසදුම් ලබාදීම මෙහි අරමුණ වේ.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා වෛද්‍ය ආයතනය, ජාතික ක්‍රීඩා විද්‍යාතනය, තහනම් උත්තේජක මර්ධන ආයතනය හා සුගතදාස ක්‍රීඩා සංකීර්ණය යන ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින සියළුම අංශ වල නිළධාරීන් දිනය පුරා මේ වෙනුවෙන් අනුයුක්ත කර ඇත.

No comments:

Post a Comment