Saturday, December 1, 2018

ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය සියළු පහසුකම් සහ ඔවුන්ට ලබා දිය යුතු ඉහලම පිළිගැනීම ලබා දීමට මම පොරොන්දුවෙනවා. Faiszer Musthapha

ලෝක ශූරතාව දිනාගත් ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අද (01) උදෑසන කටුනායක ගුවන්තොටුපොලෙන් මව්බිමට පැමිණියා. පළාත් සභා,පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඇතුළු ක්‍රීඩා අමාත්‍යාංශයේ නිළධාරීන් විශේෂ අමුත්තන් පැමිණීමේ පර්යන්තයෙදී ඉතා උණුසුම් අයුරින් ලෝක ශූරතාව දිනාගෙන පැමිණි ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම පිළිගනු ලැබුවා.

ලෝක කුසළානයක් මව්බිමට ගෙන ඒමට කැපවූ ක්‍රීඩකයන් උණුසුම්ව පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් ඇමතූ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයේ බබලවන්න, ලෝක මට්ටමේ ශූරතා කුසලානයක් ශ්‍රී ලංකාව රැගෙන ඒමට හැකිවීම පිළිබදව ස්තූතිය පුදකර සිටියා.

මෙවන් අභිමානයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන‍යට අනුබද්ධ කරන බවත්, ඉදිරියේදී ඔවුන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන් ලෙස රටට කීර්තියක් ගෙන දීමට වඩාත් කැපවී වැඩ කටයුතු කළහැකි පරිසරයක් නිර්මාණය කරදීම තමා සතු යුතුකමක් බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි.

ශ්‍රී ලංකාවට අත්කරදුන් කීර්තිය අගය කරමින් ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණඩායමේ ක්‍රීඩකයින් වෙත ඩොලර් 500 බැගින් ගෙවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ගුවන්තොටුපොලේදි පැවති පිළිගැනීමේ උත්සවය අවස්තාවේදී ක්‍රීඩකයන් වෙත ප්‍රකාශ කරන ලදි.

මෙම පිළිගැනීමේ අවස්තාවට අමාත්‍යාංශ ලේකම්,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසිබලධාරී කමල් පද්මසිරි මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගී විය.

No comments:

Post a Comment

பைஸர் முஸ்தபா அமைச்சர் ஹலீமிடம் அவசர வேண்டுகோள்

ஜனாதிபதித் தேர்தல் நடைபெறுவதற்கு முன்பு முஸ்லிம் விவாக, விவாகரத்துச் சட்டத் திருத்தங்கள் வரைபை பாராளுமன்றில் சமர்ப்பிக்கவும் -  பைஸர் மு...