Thursday, October 4, 2018

දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය සියළු පහසුකම් සහ ඔවුන්ට ලබා දිය යුතු ඉහලම පිළිගැනීම ලබා දීමට මම පොරොන්දුවෙනවා.


දෘෂ්‍යාබාධිත  ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය සියළු පහසුකම් සහ ඔවුන්ට ලබා දිය යුතු ඉහලම පිළිගැනීම ලබා දීමට මම පොරොන්දුවෙනවා.
  • අමාත්‍ය ෆයිසර් මුස්තෆා

ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා , එංගලන්ත , ඉන්දීය තුනකොන් දෘෂ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලිය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා වු මාධ්‍ය සාකච්ඡාවට ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ආයතනයේ සහ ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනයේ ආරාධනයට අනුව ගරු පළාත් සභා  පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා සහභාගීවිය.
ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනයේ පැවති මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍යවරයා අදහස් දක්වමින්  මෙසේ ප්‍රකාශ කර සිටියා.
වෙනත් රටවල මෙන් ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනයට අනුබද්ධිත ආයතනයක් ලෙස  දෘෂ්‍යබාධිත ක්‍රිකට් සංගමය පවත්වාගෙන යා යුතු යැයි තමන් විශ්වාස කරන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් හා සමාන ලෙස පිළිගැනීමක් දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ලැබිය යුතු බවයි. ඒවාගේම අපි සාමාන්‍ය පුද්ගලයකු ලෙස උත්පත්තිය ලැබීම වාසනාවක් බවත්  එසේම ඔවුන්ගේ වියදම් දැරීමට අපොහොසත් වන්නේ නම් සමාජ වගකීම නිසිලෙස ඉටු නොවන්නේ යැයි තමන්ට හැගෙන්නේ යැයි ප්‍රකාශ කර සිටියා. එසේම දෘෂ්‍යබාධිත ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය සියළුම පහසුකම් ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනය වෙතින් ලබා දී ඒ සමාජ වගකීම තමන් විසින් ඉෂ්ඨ කරන බවත් ඔවුන්ට ලබාදිය යුතු ඉහලම පිළිගැනීම ලබා දීමට ක්‍රියා කරන බවයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලෝක දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයේ සිටින බවත් ඔවුන්ට රටට ජයග්‍රහණය හා ගෞරවය ගෙන ඒමට හැකි යැයි තමන් විශ්වාස කරන බවත් ඔවුන්ට සුභ පතන බවත් වැඩිදුරටත් පුකාශ කර සිටියේය.

මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් හි නිසිබලධාරී වරයා වන එච්.ටී. කමල් පත්මසිරි මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන විධායක නිලධාරී  ඈෂ්ලි ද සිල්වා මහතා , ලෙස  දෘෂ්‍යබාධිත ක්‍රිකට් සංගමයේ කළමනාකරු චමින්ද පුෂ්පකුමාර මහතා ,එම සංගමයේ පුහුණු කරු ලක්ෂාන් දේශප්‍රිය මහතා , දෘෂ්‍යබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායක ප්‍රියන්ත කුමාර යන මහත්වරුන් ද සහභාගී වෙමින් අදහස් දැක්විය.

No comments:

Post a Comment

பைஸர் முஸ்தபா அமைச்சர் ஹலீமிடம் அவசர வேண்டுகோள்

ஜனாதிபதித் தேர்தல் நடைபெறுவதற்கு முன்பு முஸ்லிம் விவாக, விவாகரத்துச் சட்டத் திருத்தங்கள் வரைபை பாராளுமன்றில் சமர்ப்பிக்கவும் -  பைஸர் மு...