Wednesday, October 10, 2018

ලහිරු මධුශංක ඉක්මනින් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියට ඇපකැප වෙමි. -අමාත්‍ය ෆයිසර් මුස්තෆා



මාලදිවයින් හි රැකියාවක් අපේක්ෂාවෙන් එහි ගොස් ඇති ලහිරු මදුශංක නැමැති අයට අත්වී ඇති ඉරණම  පිළිබද මෙ වන විට කවුරුත් දැනුවත් වී ඇත.
රැකියාවක් වෙනුවට ඔහු මාලදිවයිනෙහි සිරගත වී සිටී. දැනට බලයේ සිටින මාලදිවයින් ජනාධිපති අබ්දුල් ගයුම් මහතා ඝාතනය කිරීමට කළ සැලැස්මක් සම්බන්ධයෙන්   ඔහු ප්‍රධාන සැකකරුවකු ලෙස අත් අඩංගුවේ පසුවේ. ලහිරු මධුශංක  ශ්‍රී ලංකාවේ යුධහමුදාවේ ස්නයිපර්වරයකු ලෙස සේවය කල අයෙකු බවට මාලදිවයින් බලධාරීන් සැකකරයි.
දිගු කාලීන නඩුවක් වන නිසා 2015 ඔක්. 24 දින ඔහු රිමාන් භාරයට ගත් පසු  අද වන තුරු සිරගතව සිටී. මේ වන තුරු ඔහුට  නීතීඥවරයකු, හෝ පවුලේ සාමාජිකයකු මුණ ගැසීමට ඉඩප්‍රස්ථාව ලැබී නැත. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඔහුගේ වර්තමාන තත්වය පිළිබද වාර්තාවක් ඉදිරිපත් කර ඇත.ඒ අනුව ඔහු වදහිංසා වලට පවා ලක්වන බවට එම ආයතනය චෝදනා කරයි.
ගරු ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි දැනට ඡන්දයෙන් පත්වී සිටින මාලදිවයින් ජනාධිපති අපේක්ෂක ලෙස කටයුතු කරන ඉබ්‍රාහිම් මොහොමඩ් සොලිහ්-ඉබූ මහතා පසුගියදා මුණගැසුණු පළාත් සභා පළාත්  පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා මෑතදී පැවති මැතිවරණ ජයග්‍රහණය පිළිබද එතුමාට සුභපැතූ අතර ලහිරු මදුශංක සිද්ධිය සම්බන්ධයෙන් ද දීර්ඝව සාකච්ඡා කර ඇත.එහි දී ලහිරු මදුශංක යුධ හමුදාවට හෝ කිසිදු ආරක්ෂක අංශයක සේවයේ නියුතු වූ බවට කිසිම වාර්තාවක් නොමැති බවට එතුමා දැනුවත් කර ඇත. තවද ඔහුට විරුද්ධව නඩු පැවරීමට තරම් සාක්ෂි නොමැති බවද තහවුරු කර ඇත. ඉබ්‍රාහිම් මොහොමඩ් සොලිහ්-ඉබූ මහතා ඒ බව පිළිගත් අතර එම ක්‍රියාවලිය කඩිනම්  කිරීමටත් ඉක්මන් විසදුමක් ලබා දීමට එතුමා එකග වී ඇත.
ගරු ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආශීර්වාදය මත ලහිරු මධුශංක ඉක්මනින් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියට ඇපකැප වන බවට අමාත්‍යවරයා පොරොන්දු වන බව වැඩිදුරටත් දන්වා ඇත.

ඉහත කරුණු පිළිබඳව ඔබගේ විශේෂ අවධානය යොමු කර, මාධ්‍ය ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වමු

No comments:

Post a Comment

வடக்கு, கிழக்கு அபிவிருத்திக்கு பாரிய நிதி ஒதுக்கிடு - அமைச்சர் ரிஷாட்

ஊடகப்பிரிவு  வடக்கு, கிழக்கு அபிவிருத்திக்காக இந்த அரசாங்கம் பாரிய நிதியை ஒதுக்கி உள்ளதாக அமைச்சர் றிஷாட் பதியுதீன்  தெரிவித்தார். வவுனிய...