Wednesday, September 26, 2018

යහ පාලනය සහ පළාත් ප්‍රජාතන්ත්‍රවාදය වැඩි දියුණු කිරීම, අත්දැකීම් හුවමාරු කර ගැනීම පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සමුළුවේ අරමුණයි”.




යහ පාලනය සහ පළාත් ප්‍රජාතන්ත්‍රවාදය වැඩි දියුණු කිරීම, අත්දැකීම් හුවමාරු කර ගැනීම පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සමුළුවේ අරමුණයි.
-         අමාත්‍ය ෆයිසර් මුස්තෆා

යහ පාලනය සහ පළාත් ප්‍රජාතන්ත්‍රවාදය වැඩි දියුණු කිරීම, අත්දැකීම් හුවමාරු කර ගැනීම, ධාරිතා සංවර්ධනය කියන ප්‍රධාන කොටස් තුනක් යටතේ මෙවර සම්මේලනය පැවැත්වීමට නියතයි. අපි පළාත් පාලන ක්‍රමවේදය සදහා දැනුම හුවමාරු කර ගනිමින් ශ්‍රී ලංකාව තුල පළාත් පාලන ක්‍රමවේදය වඩාත් දියුණු මට්ටමකට ගෙන ඒමට ක්‍රියා කිරීමටත් අපි  බලාපොරොත්තු වන බව පළාත් සභා,පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසුවේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ පසුගිය 25 වන දින ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවති 2019 පොදු රාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සංසදයේ සමුළුවේ නිළ ලාංඡනය එළි දැක්වීම හා සමුළුව පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව අමතමිනි.
අමාත්‍යතුමා මෙහි දී වැඩිදුරටත් සදහන් කරමින් පුරවැසියා කේන්ද්‍ර කර ගත් පලාත් රාජ්‍යක් යන තේමාව යටතේ ජනතාව පළාත් පාලන ආයතන සමග තිබෙන සම්බන්ධය වැඩි කිරීමට ගත හැකි ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා ක්‍රමෝපායන් සම්බන්ධව සාකච්ඡා කරන 2019 පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සංසදයේ මෙවර සම්මේලනය ශ්‍රී ලංකාව තුල පවත්වන්න අපි කටයුතු සකස් කරලා තිබෙනවා.

අයර්ලන්තයේ බෙලෆර්ස්, රුගන්ඩාවේ කිගාලි ඇතුළු ප්‍රබල රටවල් කිහිපයක් ඉල්ලීම් කර තිබියදීත්  2019 වර්ෂයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ පළාත් පාලන ආයතන සංසදයේ සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ කොළඹදී පැවැත්වීමට අවස්ථාව ලබා ගැනීම ගැන පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යවරායා ලෙස පළමුව මා  නිහතමානීව සතුටට පත් වෙන අතර මෙවැනි වටිනා,මහගු අවස්ථාවක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට මා සමග ඒ සදහා කැප වූ සියළු නිළධාරීන්ට ස්තූතිය මේ අවස්ථාවේ පුද කරන්න කැමතියි.

මෙම සමුළුව 2019 වර්ෂයේ ජුනි මස 11 වනදා සිට 14 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිතයි. අතිගරු ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් ලෝක නායකයින් කිහිප දෙනෙකු ඇතුලු  පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් වලින් 600 කට අධික පළාත් පාලන නියෝජිතවරුන්ට ආරාධනා කරලා තියෙනවා. විශේෂයෙන් අපි  ලෝකයේ ප්‍රධාන නගරවල නගරාධිපතිවරුන්ටද මේ සමුළුව සදහා ආරාධනා කළා.

මෙවර අපි පුරවැසියා කේන්ද්‍ර කර ගත් පලාත් රාජ්‍යක් යන තේමාව යටතේ ජනතාව පළාත් පාලන ආයතන සමග තිබෙන සම්බන්ධය වැඩි කිරීමට ගත හැකි ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා ක්‍රමෝපායන් සම්බන්ධව සාකච්ඡා කරන්න අදහස් කරගෙන තිබෙනවා. අද අපිට දකින්නට ලැබෙන්නේ පළාත් පාලන ආයතන සමග මහජනතාව සම්බන්ධතාවය තබා ගන්නේ ඡන්දයකදී පමණයි. එදිනෙදා පරිපාලනයේදී මහජනතාවගේ අදහස් විමසීම සහ මහජනතාව සම්බන්ධ කිරීම තුලින් පළාත් පාලන ආයතනවල මහජන සුපරික්ෂාව වැඩි දියුණු කළ හැකියි.



මෙවර සම්මේලනය ශ්‍රී ලංකාව තුල පැවැත්වීම තුලින් අප රටේ ක්‍රියාත්මක පළාත් පාලන ව්‍යුහය සම්බන්ධව විදේශ රටවල් සමග තොරතුරු හුවමාරු කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. දියුණු රටවල පවතින පළාත් පාලන ක්‍රමවේදයන් පිළිබද අප රටේ පළාත් පාලන නියෝජිතයින් මෙම සමුළුව හරහා දැනුමෙන් සන්නද්ධ වීමක් සිදු වෙනවා. එමගින් අපි බලාපොරොත්තු වෙනවා පළාත් පාලන ආයතනයක් මහජනතාව සමග ක්‍රියාත්මක වීමේදී ජනතාවට වඩාත් ඵලදායී හා කඩිනම් ක්‍රමවේද හරහා සේවාවන් ලබා දීමට. ඒ හරහා මහජනතාව පළාත් පාළන ආයතන සමග ඉතා මිත්‍රශීලීව ක්‍රියා කරයි කියන විශ්වාසය අපි ගාව තිබෙනවා.

1995 වර්ෂයේදී පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම සංසදය පිහිටුවීමට යෝජනා වුන අතර 2003 වර්ෂයේදී පොදු රාජ්‍ය මණ්ඩලයේ අනුබද්ධ ආයතනයක් ලෙස නිළ වශයෙන් පිලි ගැනීමක් ලැබුණා. මෙවර ශ්‍රී ලංකාවේ පවත්වන පොදු රාජ්‍ය මණ්ඩලයේ පළාත් පාලන සංසදය එකසත් ජාතීන්ගේ සංවිධානයේ හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘති මගින්ද පිළිගෙන තිබෙනවා.

නව ක්‍රමවේදයන් යටතේ නාගරීකරණයට හා සංවර්ධනයට රුකුළක් වන  යහපාලනය හා බලය විමධ්‍යගත කිරීම, නගර ආයෝජනය හා නාගරික වෙළදාම, සුහුරු නගර ඇති කිරීම, නගරයේ සංහිදියාව හා පැවැත්ම ඇති කිරීම යන පුළුල් විෂයන් සමූහයක් මෙවර සමුළුව හරහා සාකච්ඡාවට ගනු ලබන අතර ශ්‍රී ලංකාව තුල පවතින ජනතා අපේක්ෂාවන් මෙමගින් සාර්තක විසදුම් ලබා දිය හැකි බව මාගේ විශ්වාසයි. රටක් ලෙස මෙය අපි හැමෝම ලබන ජයග්‍රහණයක් විදියට මම පෙන්වා දෙන්න කැමතියි. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විදියට මම ආඩම්බර වෙනවා ශ්‍රී ලංකාව තුල දැවෙන ප්‍රශ්ණ විශාල ප්‍රමාණයකට මෙවර සමුළුව හරහා අපේ රටේ පළාත් පාලන නියෝජතියින් දැනුවත් වී ඒ හරහා තම පාලන ප්‍රදේශයේ ජනතාව වෙත නිවැරදි ක්‍රමවේදයක් යටතේ විසදුම් ලබා දීමට හැකියාව ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා සමුළුව පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය. 

මෙම අවස්ථාවට පළාත් සභා,පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා, පොදු රාජ්‍ය මණ්ඩලයේ පළාත් පාලන ආයතන සංසදයේ ලේකම් ආචාර්‍ය ග්‍රේග් මුන්රෝ මහතා (Dr.Greg Munro, Secretary General –CLGF) බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස්ඩෝරීස් මහතා (JamesDauris)ඇතුළු නියෝජිත නිළධාරීන් පිරිසක් සහභාගී විය.

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සමුළුවක් ශ්‍රී ලංකාවට ඉතා ප්‍රයෝජනවත් ලෙස පැවැත්වෙන මෙම මොහොතේ ජාතික වගකීමක් ලෙස සලකා මෙම සමුළුවේ වැදගත් අවස්ථා හා ප්‍රවෘත්ති ඔබ වටිනා මාධ්‍ය ආයතනය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී ජනතාව දැනුවත් කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

No comments:

Post a Comment

வடக்கு, கிழக்கு அபிவிருத்திக்கு பாரிய நிதி ஒதுக்கிடு - அமைச்சர் ரிஷாட்

ஊடகப்பிரிவு  வடக்கு, கிழக்கு அபிவிருத்திக்காக இந்த அரசாங்கம் பாரிய நிதியை ஒதுக்கி உள்ளதாக அமைச்சர் றிஷாட் பதியுதீன்  தெரிவித்தார். வவுனிய...